IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සම්ප්‍රේෂණ කුළුනු සෝදිසි නොකළොත් ලෙඩ ගොඩක්

ගුවන් විදුලි, රූපවාහිනී, දුරකතන සංඥා නිකුත් කිරීමට පිහිටුවා තිබෙන සම්ප්‍රේෂණ කුළුනු වලින් නිකුත් වෙන අධි බලැති විද්‍යුත් චුම්භක කිරණ ජාත්‍යන්තර ප්‍රමිතීයට අනුකූල නොවෙතොත් එය ප්‍රජා සෞඛ්‍යට බලවත් තර්ජනයක් බව මොරටුව විශ්ව විද්‍යාලයයේ විදුලි සංදේශ සහ ඉලෙක්ට්‍රෝනික් ඉංජිනේරු අංශය කළ සමීක්ෂණයක දී හෙළිදරව් කරගෙන ඇත.

මෙවැනි සෝදිසි අඩු ගණනේ දෙවසරකට  වරක්වත් කළ යුතු බව එම සරසවිය කියයි.

රටේ උතුරු නැගෙනහිර පළාත් හැර සෙසු සියලුම පළාත් ආවරණය වන අන්දමට මෙම සරීක්ෂණය අවසන් වරට සිදු කර ඇත්තේ 2004/200 වසරවලදීය.

අවසන් වරට සිදු කළ මෙම සමීක්ෂණය සඳහා විදුලිය සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහාය ලැබිණි.

එම සමීක්ෂණයේ දී අනාවරණය කර ගත්තේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව අධිබලැති විද්‍යුත් චුම්භක කිරණ එම සම්ප්‍රේෂණ කුළුණු මගින් ඒ වන විට නිකුත් වෙන බවයි.

එම නිසා වාර්ෂිකව හෝ වසර දෙකකට වරක්වත් මෙවන් සමීක්ෂණ සිදු කර ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව අධිබලැති චුම්භක කිරණ නිකුත් වන්නේදැයි සොා බැලිය යුතු බවට නිර්දේශ කර ඇති බව මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රෝනික් සහ විදුලිය සංදේශ අංශයේ ආචාර්ය ඉන්ද්‍රා දයාවංශ මහත්මිය පැවසුවාය.

‘අධිබලැති චුම්භක කිරණ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල නොවුනහොත් ප්‍රජා සෞඛ්‍යට එය බලවත් තර්ජනයක් වනු ඇත. එය ශරීරයේ විවිධ කොටස් හා අවයවයන්ට විවිධාකාරව බලපානු ඇත. විශේෂයෙන් දෑස, මොළය, හෘදය, ස්නායු පද්ධතියට බලවත් අවදානමක් බවටත් අනාවරණය කරගෙන ඇත.

මොරටු විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රෝනික් සමග විදුලිය සංදේශ අංශයේ මාහාචාර්යවරු, ආචාර්වයරු, ශිෂ්‍යයන්ගේ සහභාගීත්වයෙන් අවසන් වරට මේ සමීක්ෂණය කළහ.



අදහස් (0)

සම්ප්‍රේෂණ කුළුනු සෝදිසි නොකළොත් ලෙඩ ගොඩක්

පීරිස් Monday, 26 January 2015 07:07 AM

මෙම කාරණා ඉස්මතු කිරීම සම්බන්ධයෙන් ස්තුති. සාමාන්‍ය ජනතාවට මේ මගින් සිදුවිය හැකි අනතුර පිළිබඳ විශාල අවබෝධයක් තබා සාමාන්‍ය අවබෝධයක් හෝ ඇතැයි විශ්වාස කළ නොහැකි මන්ද යත් තම නිවසේ ඉහළ මාලයේ වහල මත මෙම ඇන්ටෙනා සවි කිරිමට ඉඩ ලබාදේ. ලැබෙන මුදල විශාල වීම නිසා මිස එමගින් සිදුවන අහිතකර බලපෑම ගැන දැනුවත්වත් බවක් නොමැති බව පැහැදිලිය.(හේ)

:       0       0

දිලීප Monday, 26 January 2015 02:43 PM

TRC එකට කිඋවට වෙඩක් නැ. එයාල ගන්නේ අපේ පෙත්ත නෙවේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 104 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site