IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සම්පූර්ණ කැබිනට් මණ්ඩලයක් ළගදීම පත්කරනවා

 

(යොහාන් භාසුර)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිට නැවත පැමිණීමෙන් පසුව සම්පූර්ණ කැබිනට් මණ්ඩලය පත්කරනු ඇති බවත් මීට පෙර සාර්ථක ඇමතිවරුන්ට ඔවුන් දැරූ ඇමති ධූර නැවතත් ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (20) පැවසීය.  

වගකීම නිවැරදිව ඉටුකළ සියලු දෙනාට ඊට පෙර කටයුතු කළ රාජ්‍ය ඇමති ධූරයම ලබාදී ඇති බව කී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වරාය හා නාවික කැබිනට් අමාත්‍යවරයා ලෙස සාර්ථක වීම නිසා එම ඇමති ධූරයම ලැබීමට ඉඩ ඇති බව ද සඳහන් කළේය.

වරාය හා නාවික කැබිනට් අමාත්‍යවරයා ලෙස කොළඹ වරාය අලුත් වරායක් බවට පත්කිරීමට හැකි වූ බව කී අබේගුණවර්ධන මහතා සඳහන් කළේ තම අමාත්‍ය ධූර කාලයේදී කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ථ ඉදිකිරීම් ආරම්භ කළ බවත්ය.  

විපක්‍ෂය සහ සමාජ මාධ්‍ය ජාලා කියන දේ කිරීමට රාජ්‍ය නායකයා කටයුතු කළ හොත් රට පාලනය කළ නොහැකි බවත් විපක්‍ෂයේ ඉලක්කය ඊළඟ මැතිවරණය ජය ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මානය කිරීමට ආණ්ඩුව පිරිහීමට ලක්කිරීම බවත් හිටපු අමාත්‍යවරයා කීය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස තැන් තැන්වල ආණ්ඩුව විවේචනය කරනවා වෙනුවට අගමැති ධූරය භාරගන්නා ලෙස ආරධානා කළ අවස්ථාවේදී ලබාගත්තේ නම් වඩාත් හොඳ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා වැඩි දුරටත් කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ලේ පිහිටි පක්‍ෂ කාර්යාලයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවේදී රෝහිත අබේගුණවර්ධන මහතා එසේ පැවසීය.  



අදහස් (7)

සම්පූර්ණ කැබිනට් මණ්ඩලයක් ළගදීම පත්කරනවා

ravin Tuesday, 20 September 2022 04:16 PM

අයෙ බුරන්න පටන් අරන් තියෙන්නෙ. පරන පුරුදු ආදායම් මර්ගයෙ ඇමති දූරයවත් දෙනවා කිවාද?.

:       0       0

achini Tuesday, 20 September 2022 04:16 PM

පරණ හොරුම අපහු එයි.

:       0       0

appuhami Tuesday, 20 September 2022 04:30 PM

ඔයා මොනව කෙරුවත් වැඩක් නැහැ .. ඔයා ඉන්නකන් මෙ රටට වගතුවක් නැහැ .

:       0       1

C.K.LANKAPUTHRA Tuesday, 20 September 2022 04:40 PM

සියලුම නාමධාරීන් රාජපක්සලා උනොත් නේද ඔය මණ්ඩලේ සම්පූර්න වෙන්නෙ. එහෙම නේද ඇමති තුමෝ.

:       0       0

විපරමා Tuesday, 20 September 2022 04:46 PM

හිටපු පට්ට හොර දූෂිතයෝ ටික ඇමතිකම් ගන්ඩ කෙළ හළ හළා ඉන්නේ? මොන ඇමතිකම් ගත්තත් ඔය දූෂිත දේසපාලුවන්ව දැන් කවුරුවත් ගනන් ගන්නේ නැහැ.

:       0       0

Chathuri Tuesday, 20 September 2022 05:26 PM

නුබ ඔය කියන කැබිනෙට්ටුව ඒකට උඹලා සේරම කට්ටිය දමලා සීල් කරලා යතුර ගන්න ඕන ජනතාව අතට. මොන්ගල් මිහරක්. පට්ටම නම් තියෙනවා ඉහටත් උඩින්. රට වැසියො හිගා කනවා. හොරා කැවෙ නැතිනම් මේරට අද කොයිතරම් ලස්සනද. ඇස් දෙක ඇරලා බලපල්ලා. අනිත් දුප්පත් රටවල්. කොයිතරම් නිති ගරුකද කියලා. වරදට දඩුවම හැමරටේම දෙනවා. අපේ රටේ විතරයි දඩුවම් දෙන්නෙ නැත්තෙ. තොපි සේරම ඉන්නෙ ඕනෙ කැබිනෙට්ටුවෙ නොවේ. හිර ගෙදර. රනිල් ආවාම සෙරම එකට. පලයල්ලා කුඩුවට

:       0       1

Dayan Tuesday, 20 September 2022 06:02 PM

Hope you fellow has no such authority..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site