(මනෝප්‍රිය ගුණසේකර)
බාල බෙහෙත් ජාවාරම පිළිබඳ සියළු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ අද (04) රහස් පාපොච්චාරණයක් කිරීමට නියමිතය. ම
හේස්ත්‍රාත්වරිය හමුවේ රහස් පාපොච්චාරණය කිරීම සඳහා ඔහු අද (04) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරිය මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන්ගෙන් මෙම සැකකරු වෙන් කර රඳවා තැබීමටද නියම කළාය. බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට සැකකාර සමන් රත්නායක නමැත්තා පසුගිය පළමුවැනිදා රහස් පොලිසියට පැමිණී අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගන්නා ලද අතර පසුගිය 02 වැනිදා ඔහු මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රිමාන්ඩ් බාරයට පත් කිරීමට සුදානම් වු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් දීමට සුදානම් බවට කළ දැනුම් දීමකට අනුව එලෙස නියම කළාය.
සැකකාර සමන් රත්නායක නමැත්තා බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට කැමැත්ත පළ කළ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහෙස්ත්‍රාත්වරිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ රහසිගතව කරන මෙම ප්‍රකාශය යම් අවස්ථාවක ඔබට එරෙහි සාක්කියක් වශයෙන් භාවිතා වීමට හැකියාව ඇති බවත් ඇතැම් විට ඔබ මෙම නඩුවේ සාක්කිකරුවකු කිරීමට හැකියාව ඇති බවත් පෙන්වා දුන් අතර ඒ අනුව ඒ පිළිබඳ හොඳට සිතා තීරණයක් ගන්නා ලෙස සැකකරුට දැනුම් දුන්නාය.
සැකකරු ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය පාපොච්චාරණය කිරීම සඳහා ඔහු අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමටද බන්ධනාගාර අධිකාරීවරයාට වැඩිදුරටත් නියම කළාය.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමන් රත්නායකගෙන් අද ප්‍රකාශයක්
නිහාල් Monday, 04 March 2024 10:21 AM
අපිට හිනා යන තිර පිටපතක් නොවේවා...!
nanda Monday, 04 March 2024 10:34 AM
තමන්ගේ සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව හිමි උසස්වීම් වලින් සෑහීමකට පත් නොවී දේශපාලන උදව්වෙන් ඉහළ තනතුරු වලට යෑමෙන් තමන්ට සමාජයේ තිබුණු ගෞරවයත් යනවා නේද? කාටත් මෙය ආදර්ශයක්...
Nimal Monday, 04 March 2024 10:39 AM
එළිවෙන ජාමෙට හොඳ සෙල්ලම්...!