IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සමන් දේවාලයේ බස්නායක නිලමේ නිලවරණ තහනම දීර්ඝ කරයි

(මනෝප්‍රිය ගුණසේකර)

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබු නිලවරණය අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ජූනි 20 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (26) නියෝග කළේය.

එම නිලවරණය පැවැත්වීම වලක්වන නියෝගයක් නිකුත් කරනවාද? නැද්ද? යන්න පිලිබඳ නියෝගය එදින ප්‍රකාශ කරන බවද අභියාචනාධිකරණයය වැඩිදුරටත් දැනුම් දුන්නේය.

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය පැවැත්වීමට එරෙහිව දේවාලයේ තාවකාලික භාරකරු ලෙස පත් කර සිටි එස්.වී. චන්ද්‍රසිංහ මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමක් සළකා බලීමෙන් අනතුරුව එලෙස නියම කෙරිණී.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ විනිසුරු කේ.එම්.එස්. දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක්  හමුවේ පෙත්සම කැදවිණී.

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා නිලවරණය පැවැත්වීමට එරෙහිව දේවාලයේ තාවකාලික භාරකරු එස්.වී. චන්ද්‍රසිංහ මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.පී. රත්නායක, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි, අමාත්‍යාංශ ලේකම් ඒ.එම්. පී.එම්.බී.  අතපත්තු ,හිටපු බස්නායක නිලමේ ජේ.එම්.  මිගාර ජයසුන්දර, ඇතුළු පිරිසක්  නම් කර ඇත.

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස තමන් පත්කිරීමට එරෙහිව පිරිසක් විසින් ගොනු කර තිබු රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් තමන් වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කර ඇතැය සඳහන් කරන පෙත්සම්කරු පෙත්සම්  විභාගයේදී තමන් දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල බවට තීන්දුවක් ලැබුණහොත් ඉදිරියේදී පැවැත්වීමට  නියමිත නිලවරණයේදී තමාට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි වවන බවත් එසේ වුවහොත් ඉන් තමන්ට් දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.

සබරගමුව මහ සමන් දේවාලයේ භාරකරු වශයෙන් කටයුතු කිරීම වළකාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසු එම තනතුරු අහෝසි කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති බවත් එය නීතියට පටහැනි බවත් පෙත්සම්කරු සඳහන් කරර ඇත.

ඉදිරිපත් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අදාළ  අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණී.

මේ අතර සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්.වී. චන්ද්‍රසිංහ මහතා පත් කිරීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සමද ජූනි 20 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.  

සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර සහ බස්නායක නිලමේවරුන්ගේ සංසදයේ සභාපති හේමන්ත බණ්ඩාර හේරත් සහ ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර එම පෙත්සම ගොනු කර ඇත.



අදහස් (0)

සමන් දේවාලයේ බස්නායක නිලමේ නිලවරණ තහනම දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 91 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 890 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site