(ජේ.එල්.එල්. ජයසිංහ)
පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පිරිවෙනක වැඩවාසය කරන තරුණ සාමණේර හිමිවරුන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකින් එක් සාමණේර හිමිනම තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි සාමණේර හිමිනමක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය සඳහන් කරයි.
ඔවුන් දෙදෙනා එම පිරිවෙනේ අධ්‍යාපනය ලබන සාමණේර හිමිවරුන් බවද පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි හිමිනමකි.
ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් පෙරේදා (14) ඇති වූ ආරවුල් අතරතුර මෙම පහර දීම සිදුව ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියෙන් කළ විමසුමක දී එහි ප්‍රකාශකයකු පැවසුවේ තුවාල ලබා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන හිමිනම කම්බියක් ඇනී තුවාල සිදු වූ බවට පොලිසියට ප්‍රකාශයක්දී ඇති බවය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සාමනේර දෙනම දුරකතනයට කා කොටා ගනී
sam Friday, 16 December 2022 09:24 AM
" කා කොටා ගනිති" කියන එක "වළඳා කොටා ගනිති" කියලා නිවැරදි වෙන්න ඕනෑ නේද?
කිරි පුතා Friday, 16 December 2022 10:03 AM
සසර දුකින් එතෙර වෙන්නට නෙ ජංගම දුරකථනයට පොර කන්න ඇත්තේ . දැන් නම් කාසාය කණ්ඨකයන් තත්ත්වය ඉතාම අත ළඟයි වගේ. සිල්වත් ගුණවත් මහා සංඝරත්නයත් තවම වැඩ වසන එක හිතට සැනසීමක්.
ganegoda Friday, 16 December 2022 11:56 AM
මේ ජංගම දුරකථනය මොනවටද භාවිතා වෙලා තියෙන්නේ... කියලා හොයලා බලන්න. අන්න එතැන තමයි පිළිතුර...!
Bamunuarachchi Saturday, 17 December 2022 07:12 AM
මේ වගේ අය සිවුරු හරවා පන්සලින් පිටමං කළ යුතුය. එහෙම නැතිනම් නොදන්නා පැතිවලට ගිහින් කිසිත් නොදන්නා බෞද්ධයින්ගෙන් වැඳුම් පිදුම් ලබාවි...