IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


සාමාන්‍ය පෙළ විභාගය ගැන අවසන් තීන්දුව දින 10 කින්


(ඩයනා උදයංගනී)

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනවාරි 18 වැනිසා ආරම්භ කරන්නේ ද යන්න ගැන තීරණයක් ඉදිරි දින 10 තුළ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

බස්නාහිර පළාතේ හා දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් දෙසැම්බර් පළමු සතිය හෝ එම මස මුල් දින 10 තුළ විවෘත කිරීමට නොහැකි වුවහොත් එම පාසල්වල විභාගයට පෙනී සිටින දරුවන්ට අසාධාරණයක් වන බැවින් දැනට තීරණය කර ඇති පරිදි විභාගය ආරම්භ කිරීම සාධාරණ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී එම පාසල්වල සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ නොකළොත් විභාගය කල්දැමීම උචිතදැයි සලකා බැලීමට සිදුවන බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කීවේය.

විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් කොටසකට පන්ති පැවැත්වෙද්දී කොටසකට පන්ති නොපවත්වා විභාගය පැවැත්වීම සාධාරණ නැතැයි කී ඇමතිවරයා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද මගින් ඔවුන්ට වන පාඩුව අවම කිරීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇතත් එය සම්පූර්ණ විකල්පයක් යැයි නොසිතන  බව ද පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

බොහෝ ප්‍රදේශයන්හි පාසල්වල විෂය නිර්දේශය නිසි ලෙස ආවරණය කර නොමැති නිසා ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී සහනයක් දෙනවාද? යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වෙනත් රටවල අත්දැකීම් අධ්‍යයනය කිරීමට සිදුවන බවයි.

ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සම්පූර්ණ විෂය නිර්දේශය අනුව සිදුකරන්නේ ද ආවරණය කළ කොටස පමණක් ආවරණය වන පරිදි සකස් කරන්නේද ආදී වශයෙන් ඉදිරියේදී සළකා බලන බව කී ජී.එල් පීරිස් මහතා ආරම්භ කරන දිනය

සංශෝධනය කළ යුතුද, විභාගය පවත්වනවා නම් කුමන ක්‍රමවේදයක් යටතේ ද යන්න ගැන දින 10ක් තුළ තීරණයක් ගන්නා බව සඳහන් කළේය.



අදහස් (1)

සාමාන්‍ය පෙළ විභාගය ගැන අවසන් තීන්දුව දින 10 කින්

සේන Friday, 27 November 2020 08:49 AM

ගොඩක් ඉගෙන ගත්තාම එයාලා ප්‍රායෝගික නෑ. මේ තරම් අනතුරුදායක තත්වයකදී පාසල් සේරම ළමයින්ට විවෘත කළේ මොන එහෙකටද? සාමාන්‍ය පෙළ ළමයි ටිකටනේ ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ. සා.පෙළ. තියන එකත් ප්‍රශ්නයක් කරගත්තා... ඩලස් මහත්මයා හිටියා නම් මීට වඩා වෙනස් තීරණයක් ගන්නවා ප්‍රායෝගික වන..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31612 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14009 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11093 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1102 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site