IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සමන්තා පවර් - අලි සබ්‍රිරි හමුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මුණගැසුණු බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා පිළිබඳව සහ  ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩි දුරට වටහා ගැනීමට මෙම හමුව සිදු වූ බව ද එම ආයතනය කළ නිවේදනයේ සඳහන් වේ.

ඉකුත් සැප්තැම්බර් මාසයේ සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකාවේ සිදුකළ නිල සංචාරයේදී මෙරට ඇති වී තිබෙන සංකීරණ අර්බුදය විසඳා ගැනීමට ඇමෙරිකාවේ සහාය හිමිවන බව නැවත වරක් අවධාරණය කෙළ්ය.

ශ්‍රී ලංකාව තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ පමණක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් නොවන බවත් ඒ සමග දේශපාලන ප්‍රතිසංස්කරණද  ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දුන් බව එම නිවේදනයේ දැක්වේ.



අදහස් (2)

සමන්තා පවර් - අලි සබ්‍රිරි හමුවක්

de silva Friday, 02 December 2022 12:04 PM

අපේ ප්‍රශ්න විසඳන්නේ නැත.

:       2       3

සන්කා Friday, 02 December 2022 12:31 PM

මේ සබ්‍රි ගෝඨාභය එක්ක එකතුවෙලා රට වලපල්ලට යවලා නැත්තට නැති කළා. අද තාමත් ඛොරු කයිවාරු කිය කියා අපේ සල්ලි නාස්ති කරකර ලෝකෙ වටේ ඛොරු සවාරි ගහනවා. මෙහෙ මිනිස්සුන්ට යන එනමන් නැහැ...!

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site