IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සමෘද්ධි සහකාර මැරුවේ අසල්වැසියෙක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ,ගයාන් සූරියආරච්චි සහ බුද්ධික කුමාරසිරි)

බිරිඳ සහ කුඩා දරුවා සමග මෝටර් රථයෙන් නිවස කරා යමින් සිටි සමෘද්ධි සහායකවරයකුට මීගොඩ නාගහ වත්ත ප්‍රදේශයේදී ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි

ඝාතනයට යොදා ටි පනස් හයේ ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාව සේවයෙන් පලා ගිය අයකු වන අතර ඔහු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අසල්වාසී නිවසක පදිංචිකරුවකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූයේ මීගොඩ ඕවිටිගම නාගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පොල්ලු පතිරගේ නලින් සඳුන් තරංග කල්දේරා නොහොත් බබා නැමැති 32හැවිරිදි එක්දරුපියකි.

ඝාතනයට ලක්කු පුද්ගලයා පවුලේ අයවලුන් සමඟ ඉකුත් 14වෙනි දින වැඩිමහල් සහෝදරයාගේ නිවසේ සාදයක් පවත්වා රාත්‍රී 11.15 ට පමණ සාදය නිමකර  බිරිඳ සහ කුඩා දරුවාද සමග මෝටර් රථයෙන් නිවස කරා යමින් සිටියදී නාගහවත්ත කැලෑබද ප්‍රදේශයකදී මාර්ගය අයිනේ සැඟවී සිටි පුද්ගලයන් දෙදෙනකු එක වරම මාර්ගයට පැමිණ මෝටර් රථයේ ඉදිරිපස රියදුරු අසුන දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබිණි .

වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලද සමෘද්ධි සහායකවරයා මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබිණි.

 



අදහස් (1)

සමෘද්ධි සහකාර මැරුවේ අසල්වැසියෙක්

sam Saturday, 21 December 2024 03:50 AM

ලංකාවේ වෙඩි තැබීම් පාලනය කිරීමට නම්, වහාම මෙවැනි ඝාතන සඳහා විශේෂ උසාවියක පිහිටවා ඉතා ඉක්මණින් විමර්ශණය කර චූදිතයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළක පටන් ගන්න. එතකොට ඔය වෙඩි තැබීම්, මිනී මැරීම් නැත්තටම නැති වෙලායයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site