IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සමෘද්ධි බැංකුවලින් කෝටි 12ක් පිල්ලි ගිහින්

(සුජිත් හේවාජුලිගේ )


සමෘද්ධි  බැංකු හා බැංකු සමිතිවල  2014 - 2018 වසර පහේදී සිදුවී ඇතැයි පැවසෙන වංචා සහ  අක්‍රමිකතා  හේතුවෙන්  රුපියල් කෝටි 12 කට ආසන්න මුදලක්  නාස්තිවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ කාලයේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ සහ අක්‍රමිකතා සංඛ්‍යාව 135කි.

බැංකු මුදල් මෙලෙස අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් දිවිනැඟුම ප්‍රතිලාභීන් සඳහා   මුදල් යෙදවීමට බාධා ඇතිවී තිබු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් 2018 සහ 2019 විගණන වාර්තාවලින් පෙන්වා දී තිබුණද  ඉහළ කළමනාකාරීත්වය ඒවා වළක්වා ගැනීමට නිසි පරිදි කටයුතු කර නැතැයිද  වාර්තාවේ දැක්වේ.

මේ අතර  සමෘද්ධි එෆ්. එම්   අන්තර්ජාල රේඩියෝව වෙනුවෙන් ක්‍රියාත්මක  විකාශන මධ්‍යස්ථානයේ  උපකරණ සහ පාලන මැදිරියේ වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 23 ක මුදලක් ගෙවා තිබුණද ගිවිසුම් කාලය අවසන්වීමෙන් පසු එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම නතරවී තිබූ බව
විගණන කාර්යාලය පවසයි.

දුගී බව අවම කිරීමේ සංවර්ධන කාර්යයන්ට සහ අඩු ආදායම්ලාභී ජනකොටස්වල උත්සාහයන්ට උරදෙන සන්නිවේදන රටාවක් ගොඩනැගීම මෙම රේඩියෝවේ අරමුණ විය.

අන්තර්ජාල පහසුකම් නොමැති සමෘද්ධිලාභි අඩු ආදායම්ලාභීන්ට මෙවැනි අන්තර්ජාල ගුවන් විදුලි සේවාවකින්  ඵලදායි හා කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම හැකියාවක් පවතීද යන්න ප්‍රශ්න සහගත බව විගණන වාර්තාවේ  සඳහන් වේ.

මේ අතර සමෘද්ධිය වෙනුවෙන් ඊ පුවත්පතක් එළි දැක්වීම සඳහා 2020 වර්ෂයේදී  ලක්ෂ 53 කට වැඩි මුදලක් වැය කර ඇතත් එම පුවත් පත පරිශීලනය කර ඇති සමෘද්ධිලාභීන් සමෘද්ධිලාභීන් සංඛ්‍යාව පහළොස්  දහස් දෙසිය හැත්තෑ නවයක් බව
පවසන විගණන අංශය  එය මුළු සමෘද්ධිලාභීන්ගෙන් සියයට 0.86ක්  බවද  පෙන්වා දෙයි.



 

 

 

 



අදහස් (2)

සමෘද්ධි බැංකුවලින් කෝටි 12ක් පිල්ලි ගිහින්

de silva Friday, 03 March 2023 02:47 PM

දැනට අවුරුදු 35 ක පමණ සිට ක්‍රියාත්මක වුණු ජනසවිය සහ සමෘද්ධියෙන් රටේ ජනතාවගේ දුප්පත් බව නැතිකරගන්න බැරිවෙලා තිබෙනවා නම්, අවශ්‍ය ඉලක්කවලට යන්න බැරිවෙලා නම්, මේක සම්පූර්ණයෙන් අහෝසිකර දමා ජනතාවගේ බදු සල්ලි ආරක්ෂා කරගත යුතු බව මගේ අදහසයි...

:       0       9

vernon Friday, 03 March 2023 03:37 PM

ඔය විගණක නිලධාරීන්ට හොයලා බැලුවා නම් දැන ගන්න තිබ්බා සමෘද්ධිය ගන්න කීදෙනෙක් ළඟ නවීන දුරකථන තියෙනවාද කියලා?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site