(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජය සමෘද්ධියේ ඉතුරුම් මුදල්වලට කිසිසේත්ම අත නොතියන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.
සමෘද්ධි බැංකු ඈවර කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයිද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිලිබඳ විවාදයේදීය.
මෙම පනතින් කරන්නේ සමෘද්ධියේ විනිවිදභාවය ඇති කිරීම බවත් සමෘද්ධි ලයිස්තුව යාවත්කාලීන කිරීමද මෙහි තවත් අරමුණක් බවත් ඔහු සඳහන් කළේය.
සමෘද්ධිය ප්‍රතිලාභ බෙදා හැරීමට පමණක් තියෙන ආයතනයක් නොවේ යැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ජනතාව සවිබලගැන්වීම එහි ප්‍රධාන අරමුණ යැයිද සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව සුබසාධන දීමනා වැඩි කිරීමට උපදෙස්දී ඇතැයිද ඔහු පැවසූවේය.
දේශපාලන මැදිහත් වීමෙන් තොරව සුදුසු පුද්ගලයන්ට ප්‍රතිලාභ ලබා දෙන ලෙස ඒ සංවිධාන ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමෘද්ධියේ සතපහකට අත තියන්නේ නෑ
දාස Friday, 12 May 2023 04:46 PM
හැබැයි ගිනිගත්තු නැවේ සල්ලි නම් අපි මාටියා ගහනවා...
Lalla Friday, 12 May 2023 05:25 PM
සමෘද්ධි ඉතුරුම් කියන්නේ බදු සල්ලි නිකමුන්ට දුන්නු ඒවා නොවේද? මුලු සමෘද්ධි ව්‍යාපාරයම අහෝසිකර පිනට කන සේවක රැල රටට වැඩදායක වෑඩකට යොදාගන්න. නැතිනම් වන්දි ගෙවා අස්කරන්න.
සෙනෙවිරත්න Friday, 12 May 2023 07:52 PM
එම සේවකයින් ඩොලරයක් උපයන ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවන් වලට යොමු කරන්න. වයසක අය ගෙදර යවන්න.ගොවි නියාමක උන්නැහේලාට ගමේ ඇවිදලා පුරන් කුඹුරු, ඉඩම් අස්වද්දන්න ටාගට් දෙන්න. උන්නැහේලා දැනට කරන්නේ පොහොර බෙදන එකයි.. සතියට දවසක් ගොවිජන සේවා එකට ඇවිත් අත්සන් කරලා අනිත් දවස්වලට තමන්ගේ වැඩ කරගන්න එක විතරයි..
සෙනෙවිරත්න Friday, 12 May 2023 07:53 PM
ඕකෙ සත පහක් වත් නැතිව ඇති පහුගිය කොවිඩ් දවස්වල බෙදපු බෙදිල්ලට.මොනව උනත් මේ ඇමති කියන එක නොවෙයි වෙන්නෙ.