IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක  මහතාගේ පුද්ගලික තොරතුරු  අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය  කිරීම වළක්වමින් ඔහුගේ  පුද්ගලික ලේකම්වරිය ඇතුළු අට දෙනෙකුට එරෙහිව සමාජ මාධ්‍ය පනත යටතේ පැවරූ නඩුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිරීක්ෂණයට ලක්කරන බව එම සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය. 

මෙම නඩුකරය සමාජ මාධ්‍ය පනත යටතේ පැවරූ නඩුවක් හෙයින් සහ ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කිරෙහි බලපාන නඩුවක් බැවින් මේ සම්බන්ධව නිරන්තර නිරීක්ෂණයට ලක් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේ කරුණු දකවමින් පැවසීය.

 ජනක රත්නායක මහතා විසින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළේ යැයි කියන පොල්වත්ත ආරච්චිගේ ගයත්‍රි බිම්බා,ඇතුළු  හය දෙනකු , වට්ස්අප් හා ගූගල් සමාගමට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

 පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරය කිරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක්  පසුගිය 04වැනි දින නිකුත් කළේය.

 ගයත්‍රී බිම්බා විත්තිකාරිය සමග දැනට තායිවානයේ වාසය කරනවා යැයි කියන ජනක රාජපක්ෂ සහ ඕෂල හේරත්,ජයලාල් පෙරේරා,කල්ප හා කමන්ත තුෂාර යන විත්තිකරුවන්ටද මෙම වාරණ ආඥාව නිකුත් කෙරිණි.

ව්‍යවස්ථාදායකය මගින් පසුගිය ජනවාරි මස සම්මත කළ 2024 අංක 09 දරණ මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.

 අදාළ පනත යටතේ

තහනම් ප්‍රකාශනවලට එරෙහිව අධිකරණයේ පවරන පළමු පැමිණිල්ල මෙම නඩුකරය වේ. විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරු  අධිකරණයේ පෙනී සිටි අතර වැඩිදුර විභාගය මැයි මස 02වෙනි දිනට කල් තැබිණි.



අදහස් (0)

සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site