IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


සමාජය හදන්න බැරි බව තේරුම් අරන් නිවැරදි ගමනක යා යුතුයි

2016-11-10-ent-06

හඬකැවීම් ශිල්පිනියක ලෙස කටයුතු කරමින් කලාවට පිවිසි ඇය නිරූපණයට මෙන්ම රංගනයටද දස්කම්පාමින් සිටින්නීය. පෙරපාසල් ගුරුවරියක ලෙස කටයුතු කළ ඇය නමින් නදීමා චතුරානිය. ඇගේ කලා තොරතුරු හා ඉදිරි කටයුතු පිළිබඳව පැවසීමට ‘සාරවිට’ ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

2016-11-10-ent-11මගේ නම නදීමා චතුරානි. මගේ ගම වැලිගම. මම අධ්‍යාපනය ලැබුවේ වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විදුහලේ.

 

රැකියාව නිරූපණයද? රංගනයද?

නිරූපිකාවක් විදිහටත් වගේම වෘත්තීමය රංගන ශිල්පිනියක් විදිහටත් වැඩ කරනවා. මේ ඔක්කොටම කලින් මම පෙරපාසල් ගුරුවරියක් විදිහට මගේම පෙරපාසලක් කළා. ඊට අමතරව හඬකැවීම් ශිල්පිනියක් ලෙසද කටයුතු කරනවා.

 

ඒ කියන්නේ දැන් ගුරු වෘත්තියෙන් ඉවත් වෙලාද ඉන්නේ?

ඔව් ගුරු වෘත්තියෙන් අයින් වෙලා දැන් අවුරුදු 4ක් වෙනවා.

 

වෘත්තීය වශයෙන් නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වෙන්නෙ කොයි කාලේද?

නිරූපිකාවක් විදිහට අවේ 2005 වර්ෂයේදීයි. රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරලා දැනට අවුරුදු තුනක් වගේ වෙන්නේ.

 

රංගනයෙන් දායක වූ වැඩකටයුතු ගැන කිව්වොත්?

පළමුවෙන් රංගනයට දායක වෙන්න අවස්ථාව ලැබුණේ වෙළෙඳ දැන්වීමක් සඳහා. ඊට පස්සෙ මියුසික් වීඩියෝ. ඊට පස්සේ පෝය ටෙලි නාට්‍ය සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණා. ‘ආටක-නාටක’ වැනි ටෙලි නාට්‍යවලටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. තව චිත්‍රපටයක් සඳහා දායක වුණා. ඒ ‘පුංචි අන්දරේ’ කියලා චිත්‍රපටයක්. තව ඉස්සරහට ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් මම ටික කාලයකට විදේශ ගත වෙන්න හිතන් ඉන්නවා.

 

ඒ කුමක් සඳහාද?

මෝස්තර නිරූපිකාවක් විදිහට තවදුරටත් ඉගෙන ගන්නට සහ කලා කටයුතු කිහිපයක් සඳහායි.

 

අද ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය හොඳද? නරකද?

හොඳයි නරකයි කියලා දෙයක් මම දැකලා නැහැ. නිරූපිකාවක් විදිහට අපේ රටේ සමරහක් අය වැරදි විදියට බලනවා. අන්න ඒක ලොකුම නරකේ. වෙන නරක දෙයක් නැහැ. නිරූපිකාවක් කියන්නෙ ලස්සන නිර්මාණයක් තව කට්ටියකට පෙන්නන්න දෙයක්. මම නරකක් දකින්නෙ නැහැ.

 

ඇයි අද සමාජයේ නිරූපිකාවක් සඳහා පිළිගැනීමක් නොලැබෙන්නේ?

ඒක අපේ රටේ තියෙන වැරැද්දක්. මිනිස්සුන්ගේ වැරදි ආකල්ප නිසා ඇති වුණ දෙයක්. නිරූපිකාවකට පිළිගැනීම ලැබෙන තැනුත් තිබෙනවා. ඒ ඇති සමාජයම පිළිගන්න අවශ්‍ය නැහැ.

 

එවැනි තත්ත්වයකට පිළියමක් තියෙනවාද?

පිළියමක් නැහැ. අපිට සමාජය හදන්න බෑ. අපි ඒ දේ තේරුම් අරන් අපේ වැඩ නිවැරදිව කරන්න ඕනේ. කවදා හරි තේරුම් ගිනිවි.

 

නිරූපණයෙන් කිරුළක් පලඳින්න අදහසක් නැද්ද?

තියෙනවා. ඒත් ඒ දේට වාසනාව තියෙයිද කියලා අපි බලමු. මේ ජනවාරි මාසයේ පැජන්ට් එකේදී බලමු ඒ වාසනාව මට හිමි වේවිද කියලා.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

නිරූපණ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. හොඳ වෘත්තීමය නිරූපිකාවක් වෙන්න තමයි බලාපොරොත්තුව.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

පළමුවෙන්ම මගේ අම්මා, තාත්තා, මගේ මල්ලිලා දෙන්නා ඒ අයගේ ධෛර්යය නිසා මම අද මේ තැන ඉන්නේ. මට උදවු කරපු හැම කෙනාටම මම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මට ඉස්සරහට යන්න උදවු කරපු ඇය දෙනාටම ස්තූති කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-11-10-ent-01
2016-11-10-ent-26
2016-11-10-ent-25
2016-11-10-ent-24
2016-11-10-ent-23
2016-11-10-ent-22
2016-11-10-ent-21
2016-11-10-ent-20
2016-11-10-ent-19
2016-11-10-ent-18
2016-11-10-ent-17
2016-11-10-ent-16
2016-11-10-ent-15
2016-11-10-ent-14
2016-11-10-ent-13
2016-11-10-ent-12
2016-11-10-ent-10
2016-11-10-ent-09
2016-11-10-ent-08
2016-11-10-ent-07
2016-11-10-ent-05
2016-11-10-ent-04
2016-11-10-ent-03
2016-11-10-ent-02
 



අදහස් (0)

සමාජය හදන්න බැරි බව තේරුම් අරන් නිවැරදි ගමනක යා යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 435 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site