මගේ සම්පූර්ණ නම මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා. ගම පොළොන්නරුව. දැන් පදිංචිය කොළඹ. පවුලේ අම්මා, තාත්තා, අය්යා සහ අක්කලා දෙන්නයි. තාත්තා ව්‍යාපාර කටයුතුවල යෙදෙනවා. පවුලේ අනෙක් අයත් ඒ ව්‍යාපාරයට සම්බන්ධයි. මාත් ඒ ව්‍යාපාර කටයුතුවලට දායකත්වය ලබාදෙන අතරේ රූපවාහිනී නිවේදිකාවක ලෙසත් (හිරු - මංගලම්) කටයුතු කරනවා. ඊට අමතරව තෝරාගත් වෙළෙඳ නාම සඳහා නිරූපණ අංශයෙත් යෙදෙනවා.
ඒක නම් මම දන්නේ නැහැ. ඒත් ඒක ඇත්ත වෙන්නත් පුළුවන්.
හැමදාම වගේ ඒ වෙනුවෙන් නම් ආරාධනා ලැබෙනවා. ඒත් මම හිතන්නේ රඟපෑම කියන දේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් ගොඩාක් කැපවෙන්න ඕනෑ. හරියට කරන්නත් ඕනෑ, තවම ඒ ගැන හිතලා නැහැ.
පොඩිකාලයේ ඉඳලාම කවදාහරි රූ-රැජිණ වීමේ සිහිනයක් තිබුණේ. එය යථාර්ථයක් වුණා. ඊට දායකවීම නිසා ජීවිතයේ මම ලැබූ අත්දැකීම් බොහෝමයි. දැන් මගේ අරමුණ සමාජයට ඒ අත්දැකීම් බෙදා හදා දීමට කටයුතු සැළැස්වීමයි.
විශේෂයෙන්ම තාරුණ්‍යයේ හෙට ගමන සාර්ථක කර ගැනීම සඳහා ආත්ම විශ්වාසය, පෞර්ෂ වර්ධනය, ධනාත්මක චින්තනය ආදී බොහෝ දේ වැදගත්. ඒ වගේම මනෝවිද්‍යාව ගැනත් දැන සිටීම හරිම වැදගත්. මම ඒ ගැනත් හැදෑරුවා. ඒ සියලූ දේ වෙතින් පෞර්ෂත්ව වර්ධනය සඳහා වූ උපදේශනය ලබාදෙන පාසලක් ඇරඹීම මේ වසරේ මගේ බලාපොරොත්තුවයි. එයින් සමාජයට ලොකු මෙහෙවරක් කළ හැකි බව මගේ විශ්වාසයයි. කෙනෙකුට ජීවිතය ජය ගන්න නම් ආත්ම විශ්වාසය කියන දේ හරිම වැදගත්. මම විශ්වාස කරන විදියට මෙය විෂයක් ලෙස අපේ ජාතික අධ්‍යාපන ක‍්‍රමයට එක් කළ යුතුයි. අපි දියුණුව කරා යන ගමන සාර්ථක වන්නේ එවිටයි.
දැන් පදිංචිය කොළඹ වුණත් මම ආවේ ගමෙන්. අදටත් මගේ ජීවිතයේ බොහෝ දවස් ගෙවෙන්නේ පොළොන්නරුවේ සිටයි. අපි ඒ යථාර්ථය රැුකගෙන ලෝකයට ගිහින්, රටට යමක් කිරීම වැදගත්. ඊටත් අමතරව රූපලාවන්‍ය ක්ෂේත‍්‍රය සඳහා මගේම නිෂ්පාදනයක් හඳුන්වාදීමත් තවත් අරමුණක්.
ආදරය කොච්චර සුන්දර දෙයක්ද? ඇත්තෙන්ම සුන්දරයි. මේ උදාවූ 2015 අපි වෛරය, බොරුව තුරන්කොට ආදරයෙන්ම සමාජය දෙස බැලීම වැදගත්. සමාජය සුවපත් කිරීමට හොඳම බෙහෙත තමයි ‘ආදරය’. ඒ නිසා 2015 සියලූ ශ්‍රී ලාංකිකයින්ට ආදරණීයම වසරක් වේවායි මම ආදරයෙන් ප‍්‍රාර්ථනා කරනවා.
විලාසිතා - මයිකල් විජේසූරිය.
හැඩ ගැන්වීම් - සැලෝන් කැපෙලෝ
මල් කළඹ - Kandianflora
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘සමාජය සුවපත් කළහැකි හොඳම බෙහෙත ආදරයයි’
බණ්ඩාර Friday, 23 January 2015 08:50 AM
ලෝකය ලස්සන කරන්න පුළුවන් වෙන්නේ ආදරය කිරීමෙන් නොව ප්‍රේම කිරිමෙන්ය (බ)
සරත් පියසේන Monday, 19 January 2015 07:54 AM
ඔක්කොටම ආදරය කරන්න (නදී)
ගයාන් Wednesday, 07 January 2015 09:47 PM
ඔබට රූප රැජිණියක් වීමට සුදුසුම රූපයක් තිබෙනවා.රඟපාන්න නම් එන්න එපා. (නි)
රණේපුර Thursday, 15 January 2015 12:50 AM
ඔබ ඉතාම සුන්දරයි (නි)
රුක්මලී Saturday, 17 January 2015 07:29 AM
ඔයා හරිම ලස්සනයි. (අ)
දයා අලහකෝන් Tuesday, 06 January 2015 08:52 AM
ඔබ සුන්දරයි (බ)
දුමින්ද Monday, 09 February 2015 10:07 AM
ආදරයත්, වෛරයත් අතර වෙනස කෙස් ගහකට සමයි කියන්නේ... (ර)