IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සමගි බුද්ධි මණ්ඩපය’ කොළඹදී රැස්වෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ යළි ගොඩනැගීම සඳහා වන විද්‍යාත්මක සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම සහ සැලසුම් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය ‘රට ගොඩනඟන නුවණ‘ යන තේමාව යටතේ සමගි බුද්ධි මණ්ඩපයේ මෙම වසරේ ජාතික සම්මේලනය කොළඹ ෂැංග්‍රිලා හෝටලේදි අද (7) පස්වරුවේ පැවැත්වීය.

මෙය සමගි බුද්ධි මණ්ඩපයේ දෙවැනි වාර්ෂික සමුළුවයි.

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මේලනයට මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල රැසක විද්වත්හු මෙන්ම විදේශ විශ්වවිද්‍යාල ද නියෝජනය කරමින් දේශකයෝ සහභාගි වී සිටියහ.

සමගි බුද්ධි මණ්ඩපයේ සභාපති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ. එම්. ආනන්ද ජයවික්‍රම මහතා සමුළුවේ ඉලක්ක, අරමුණු සහ ප්‍රගතිය පිළිබඳව සභාව දැනුවත් කළේය.

මුඛ, ව්‍යාධි විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා සමුළුවේ පිළිගැනීමේ කතාව කළේය.

මෙම සමුළුවට විදේශ ආරාධිත දේශකයන් ලෙස ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතාන යන රටවල්වල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු විධායක අධ්‍යක්ෂ ඉන්දීය ආචාර්ය සුර්ජිත් එස්. භල්ලා සහ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ, දකුණු ආසියානු අධ්‍යයන ආයතනයට අනුබද්ධිත ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ සහකාර මහාචාර්ය තිලක් අබේසිංහ යන මහත්වරු ද මෙහිදී දේශන පැවැත්වූහ.

එහිදී විශේෂ දේශන පැවැත්වූ ආචාර්ය සුර්ජිත් එස්. භල්ලා සහ මහාචාර්ය තිලක් අබේසිංහ යන මහත්වරු හදුන්වාදීම නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා කිරීම කැපී පෙනුණි.

ආචාර්ය සුර්ජිත් එස්. භල්ලා මහතා ඉන්දියාව ආර්ථික ඉහළට ගෙන ඒමට කටයුතු කළ ආකාරය උදාහරණ සහිතව ද, මහාචාර්ය තිලක් අබේසිංහ මහතා සිංගප්පූරුව ආර්ථික වශයෙන් ඉහළට ඒමට යොදාගත් උපක්‍රම ද, ඉදිරිපත් කරමින් දේශන පැවැත්වූහ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය උපුල් අබේරත්න මහතා මෙම සමුළුවේ සංවාදාත්මක සාකච්ඡාවේ මුලසුන දරමින් රාජ්‍ය පාලනය, රාජ්‍ය ප්‍රතිපත්ති සහ පරිපාලනය පිළිබඳව අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොරායිස් මහතා ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව සමුළුවට අදහස් එකතු කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඒ. සර්ජූන්, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්. භාස්කරන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ශ්‍රියානි ගුණරත්න යන මහත්ම මහත්මීහු මෙහිදී විවිධ පැතිකඩයන් යටතේ අදහස් දැක්වූහ. මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ සභාපති ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ මහතා විද්වත් සාකච්ඡාව මෙහෙයවීය.

රජරට විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගීතානී බුලන්කුලම මහත්මිය මෙහිදී ස්තූති කතාව කළාය.

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

 



අදහස් (3)

සමගි බුද්ධි මණ්ඩපය’ කොළඹදී රැස්වෙයි

චන්දන Sunday, 07 April 2024 09:55 PM

ගෝඨා බලයට ගේන්නත් ඔය වගේ විකාර කළා..

:       0       3

පිටරටවැසියා Sunday, 07 April 2024 11:57 PM

දේශපාලනය කරන ඔක්කොම මන්ද බුද්ධික කට්ටිය...දේශපාලුවන්ට බුද්ධිය පහල වෙන්නෙ හොරකමට, වංචාවට , දුෂණයට, භීෂණයට, ඥාති සංග්‍රහයට විතරමයි. මොවුන් ඔක්කොම අපායේ ඉඳනුත් මේ රට කාල, සූප්පු කරල තමයි නතර වෙන්නෙ, මොකද අපේ රටේ තාමත් බත් කන ගවයින් යම්කිසි ප්‍රමාණයක් ඉන්න නිසා....

:       1       10

Chandani Monday, 08 April 2024 03:58 PM

ඔය බුද්ධි මණ්ඩලයට බුද්ධිය තිබෙනවා නම් හොර සල්ලි ගහන, නිධන් කඩන, කට කපන, සජිත් එක්ක ඉඳියිද? ලැජ්ජයි...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site