IMG-LOGO

සාමකාමී විසඳුමක් ඒවී

මරණ දඩුවම නියම වී ඇති ඉන්දියා ධීවරයින් පස් දෙනා මුල්කරගෙන උද්ගතවී ඇති තත්ත්වය ඉන්දියාව හා සාමකාමීව විසඳා ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම පවසයි.

පසුගිය අවුරුදු 10 පුරාවටම ශ්‍රී ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක නොවුනු බව පෙන්වා දෙන අමාත්‍යවරයා අධිකරණයෙන් මරණ දණ්ඩනය පැනවූවද එය ක්‍රියාත්මක කිරීමේ අවසරය ලබාදිය යුත්තේ විධායකය බව පෙන්වා දේ.

මෙවැනි කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේ දැයි තීරණය කිරීම සදහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඔවුනොවුන් අතර නීති පද්ධතියක් ඇති බව පසුගියදා ඉන්දියාවේ විදේශ ආමාත්‍යංශ ප්‍රකාශක සයේඩ් අක්බරුඩින්ද ප්‍රකාශ කළේය.

පසුගිය මස 30 වැනිදා කොළඹ මහාධිකරණයේ පැවැති විභාගයේදී මෙම ධීවරයින් පස් දෙනාට මරණ දණ්ඩනය නියම කෙරුණු අතර හෙරොයින් ජාවාරමේ යෙදුණේ යැයි ඔවුන්ට චෝදනා නැගී තිබුණි.

අධිකරණ නියමයට එරෙහිව ඉන්දියාවේ මහා පරිමානයෙන් විරෝධතා පැනනැගුණි.

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින මෙම සිරකරුවන් හමුවීමට ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් යාෂ් සිංහ මහතාද පැමිණ තිබේ.

නියෝගයට එරෙහිව අභියාචණයක් ඉදිරිපත් කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බවත් වාර්තා වේ.



අදහස් (0)

සාමකාමී විසඳුමක් ඒවී

වසන්ත Friday, 07 November 2014 06:50 AM

මේක විහිළුවක්.(හේ)

:       0       0

යශෝධා Friday, 07 November 2014 07:02 AM

මොනවා වුණත් සමාදානයෙන් කතාබස් කර මේ ගැටළු විසඳාගන්න බලන්න (නි)

:       0       0

චමින්ද Friday, 07 November 2014 07:37 AM

සාමකාමිව විසදුමක් කියන්නේ ටික දවසකින් කට්ටිය ඉන්දියාවට පියාසර කරනවා කියන එකද ?(හේ)

:       0       0

සෝමදාස Friday, 07 November 2014 07:37 AM

නීතිය කනපිට පෙරලුනොත් එය නරක පූර්වාදර්ශයක් වේවි. දඩුවම. ඉන්දියාවට අවශ්‍ය විදියට නොව හැමවිම නීතියේ විදියට කුියාත්මක යිය යුතුයි..(හේ)

:       0       0

චතු Friday, 07 November 2014 11:12 AM

අපේ රටේ මිනිස්සුන්ට කුඩු පොවලා මරණ එක සදරණද ? ඕක වෙන්න තිබ්බේ අරාබි රටක .බලන්න තිබුන බේරෙන හැටි .(බ)

:       0       0

සුජිත් Friday, 07 November 2014 11:13 AM

අපේ රජය ඉන්දියාවට ඔප්පු කල යුතු දෙයනම් "මේ ගොල්ලන් එන්නේ මාළු බාන්නම නොව මේ වගේ වැඩ කරන්න කියන එක බවත් ඒවාට තමිල් නාඩුවේ මැති ඇමති වරුන් සෘජුවම සම්බන්ද බවත් එබැවින් ඒ අය කිඹුල් කඳුළු හෙලන කට්ටියක් බවත්" යන වගය.(බ)

:       0       0

ඉසුරන්දි Saturday, 08 November 2014 07:52 AM

මෙදපෙරදිග නීතියට අනුවනම් බෙල්ල කපල දානවා මොකා උඩ පැන්නත් බෙරිහන් දුන්නත්.අපේ රටට ඔය වසංගත ගේන්නෙත් ඉන්දියාවෙන්.බොරුවට බෙරිහන් දෙන්නෙත් එවුන්මයි.නිතියනම් කාටත් එකම නිතිය වෙන්න ඕනේ ඉන්දියාව නෙමෙයි මොකා වුනත්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1783 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site