ශ්රී ලංකා කැරම් සංගමය සංවිධානය කළ 13 වැනි ‘සභාපති කුසලාන’ විවෘත ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට චමිල් කුරේ සමත්විය. ජෝශප් රොෂිටා කාන්තා කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගත්තාය. තරගාවලිය මහරගම නේෂන්ස් ට‍්‍රස්ට් බැංකු පරිශ‍්‍රයේ උඩු මහලේ පිහිටි කැරම් සංගම් ශාලාවේදී පසුගියදා නිමාවිය. මෙම තරගාවලියේ පසුගිය වසරේද ශූරයා වු චමිල් මෙම තරගාවලිය ජයගත් තෙවැනි අවස්ථාව මෙයයි. පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී චමිල් තරග වට 2/0 කින් නිශාන්ත ප‍්‍රනාන්දු පරාජය කළේය. නිශාන්ත ප‍්‍රනාන්දු, මෙම වසරේ පැවැති 44 වැනි ජාතික කැරම් තරගාවලියේදී වසර අටක් පුරා ජාතික ශූරතාව රැුකගෙන සිටි චමිල් කුරේ පරදවා පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගත් ක‍්‍රීඩකයාය. අවසන් පුර්ව වටයේදී චමිල් කුරේ විසින් එම්. ෂෙරිෆ්ඞීන් (25/15, 25/12) ද, නිශාන්ත ප‍්‍රනාන්දු විසින් විරාජ් ප‍්‍රනාන්දු (25/1, 20/25, 25/0) ද පරාජය කරන ලදී. ජාතික ශූරී ජෝශප් රොෂිටා කාන්තා කේවළ ඉසව්වේ අවසන් තරගයේදී යශිකා රාහුබද්ධ පරාජය කළාය. රොෂිටා 25/9, 25/6 ක් ලෙස තරගය පහසුවෙන් ජය ගත්තාය. කාන්තා අවසන් පුර්ව වටයේදී ජෝශප් රොෂිටා විසින් චලනි ලක්මාලි (25/4, 25/20) ද, යශිකා රාහුබද්ධ විසින් මධුෂිකා කාංචනමාලා (25/21, 25/5) ද පරාජය කරන ලදී. මධුෂිකා පසුගිය වසරේ මෙම තරගාවලියේ ශූරිය වේ. ජෝශප් රොෂිටා සිය සොහොයුරිය සමග ක‍්‍රීඩාකර කාන්තා යුගල ඉසව්වේ ශූරතාව දිනා ගැනීම කැපී පෙනේ. අවසන් තරග ප‍්‍රතිඵල: -පිරිමි කේවළ ඉසව්ව: චමිල් කුරේ විසින් නිශාන්ත ප‍්‍රනාන්දු පරාජය කරන ලදී. (25/20, 25/16) - කාන්තා කේවළ ඉසව්ව: ජෝශප් රොෂිටා විසින් යශිකා රාහුබද්ධ පරාජය කරන ලදී. (25/9, 25/6) - පිරිමි යුගල ඉසව්ව: නිශාන්ත ප‍්‍රනාන්දු සහ බී. වික‍්‍රමසිංහ විසින් එම්.ෂෙරිෆ්ඞීන් සහ ටී.එම්.හිල්මි පරාජය කරන ලදී. (25/16, 25/24) - කාන්තා යුගල ඉසව්ව: ජෝශප් රොෂිටා සහ ජෝශප් දිල්කා විසින් චලනි ලක්මාලි සහ අරෝෂා වික‍්‍රමසිංහ පරාජය කරන ලදී. (25/9, 25/0)
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සභාපති කුසලාන කැරම් තරගාවලියේදී චමිල් - රොෂිටා ශූරතා දිනා ගනිති