IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සෙබළු තිදෙනෙක් අත්අඩංගුවට

පලෙයි කොළඹ යාල්දේවි දුම්රියේ නිදන මැදිරි පරීක්ෂකවරයකුට පහර දුන් බව කියන හමුදා සෙබළු තිදෙනෙක් ගල්ගමුවේ දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

වෙන් කළ නිදන මැදිරියක බලෙන් වාඩි වී සිටි සෙබළුන්ට ඉන් ඉවත් වන ලෙස දැන්වීමෙන් පසු ඔහුට පහර දී ඇතැයි ද, ඔහු ගල්ගමු රෝහලට ඇතුළු කර ඇතැයි ද පොලිසිය පවසයි.

මේ තිදෙනා පනාගොඩ හමුදා කඳවුරේ සේවය කරන බව පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

සෙබළු තිදෙනෙක් අත්අඩංගුවට

ලක්මාල් Friday, 29 August 2014 04:36 AM

දැන් තමා කට්ටියටම එපාවෙලා තියෙන්නේ (නි)

:       0       0

රන්ජිත් Friday, 29 August 2014 04:46 AM

මොනවද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ආනන්ද Thursday, 28 August 2014 12:48 PM

හමුදාවේ ඔය වගේ ටිකක මෝට අයත් ඉන්නවා. අපේ නියම වීරයන්ටත් අවනම්බුවක්. මමත් එක දවසක් ඔය කෝච්චියෙම ගිය. ඔය වගේම කට ගොන්නක් බී ගත්ත හමුදාවේ කොල්ලෝ ටිකක් හරිම පහත විදියට හැසිරුනේ. කුණු හරපත් කියා කියා අවේ. මහව දුම්රිය ස්ථානයේදී දුම්රියේ නිලධාරීන් එයාලාට අවවාද කළා . පස්සේ ටිකක් ගොන් පාර්ට් අඩු වුණා. (අ)

:       0       0

මලී Thursday, 28 August 2014 01:24 PM

මේ අයට කියන්නෙ රනවිරුවො කියලද මේ අය පුනරුත්ථාපනය නොකරපු එකේ වැරැද්ද (අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 28 August 2014 01:32 PM

රණ විරුවන්ගෙන් දැන් නම් සමාජයට එන්න එන්නම ප්‍රශ්න වැඩි වෙනවා. පාරේ බැහැල යන්න බැහැ. (අ)

:       0       0

චමින්ද Saturday, 30 August 2014 11:34 PM

මේ අයගේ චණ්ඩි මෝස්‌තර සුව කරන්න බැරි තරමට උග්‍රයි. (නි)

:       0       0

ශිරෝමි- පිළියන්දල Thursday, 28 August 2014 03:59 PM

නන්දන පනාගොඩ: ඔන්න ඔන්න පටන් ගත්තා එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වලට ඔක්කොටම බනින්න (අ)

:       0       0

චමිල Thursday, 28 August 2014 04:28 PM

අපෙන් එකෙකි මේ මිනිසා, අපිටම ගහනවා ඒ නිසා (අ)

:       0       0

සසිර කුමාර Thursday, 28 August 2014 04:50 PM

යුද්දයක් නැති හින්ද නිකන් ඉන්න බැරිද මෙොලට ? (අ)

:       0       0

සමරනායක Thursday, 28 August 2014 04:54 PM

අත්අඩංගුවට ගත්ත එක වැරදියි. අවවාද දුන්නනම් ඇති. ඒ අය නිසා තමා අද අපි පාරෙ බැහැල යන්නෙ. නැතිනම් අපි මළවුන් අතර. (අ)

:       0       0

මාලි Friday, 29 August 2014 09:11 AM

බණ්ඩාර ගහපු එකනම් හොද වැඩේ (නධී)

:       0       0

බණ්ඩාර Thursday, 28 August 2014 09:10 PM

මමත් මේ කෝච්චියේ ආව ගල්ගමුවේදී මේ අයට හොඳටම තැලුව සේවකයෝ එක්වෙලා හමුදාවේ නිලදාරියෙක් වගේ කෙනෙක් හමුදාව කන්න එපා කියල එකෙකුට ගැහුවා පනින්න හදනකොට ට්‍රෙන් එක රිවර්ස් කරලා වටකරලා ඇල්ලුවේ මොවුන් යුද්ද කරපු බව හරි නමුත් විනයක් නැත්නම් වැඩක් තියනවද (අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 28 August 2014 09:55 PM

ශිරෝමි නංගී, ඔය පත්තර බලන්නේ නැද්ද? ස්ත්‍රී දුෂණ, ස්ත්‍රී ඝාතන, වයසක බවලතුන්ට කරනා ලද දේවල්? (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 28 August 2014 10:13 PM

සමරේ, ඔබේ මොළය වැරදි තැනකට ගියේ කොහොමද? (නි)

:       0       0

සුගුනවති Thursday, 28 August 2014 11:03 PM

සමරනායකගේ කතාව මට අප්‍රසන්නයි (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 29 August 2014 01:07 AM

ඒ අය නිසා අද අපි පාරෙ බැහැලා යනවා කියලා වැරදි කරනතුරු බලාගෙන ඉන්න පුලුවන්ද? (නි)

:       0       0

කනිෂ්ක Friday, 29 August 2014 02:49 AM

දැන් අපි හමුදාවන්ට කෘත ගුණ පුර්වකව ජීවත් වෙනවානේ . ඒ වුනාට යුද්ධෙන් පසුව සමාජයට හිසරදයක් නොවී ඒ ගරුත්වය රැක ගන්නත් ඒගොල්ල දැන ගන්න ඕන. (අ)

:       0       0

රේවත Friday, 29 August 2014 02:56 AM

මගේ ඥාති අක්කා කෙනෙකු ට දැන් සෑහෙන කාලයක ඉඳල ඇගේ ගමේ හමුදා සෙබළෙකුගෙන් සම්බන්ධයකට බලපෑම්. පසු ගිය කාලයේ වෙනත් පළාත් වල සිදු වුන දේවල් නිසා බයටම අපේ නැන්දලා පොලිසියේ පැමිණිලි කරලා. අන්තිමට ඒ සෙබලාගේ අම්ම කියල තියෙන්නේ අපේ පුතා රට බේරා ගත්තට ලැබෙන සැලකිල්ල තමයි මේ . බොරු චෝදනා කරලා පුතාට අපහාස කරනවා කියලා. මේවා කාට කියන්නද ? දැන් ඒ අක්කා වෙනින් ප්‍රදේශයක බෝඩ් වෙලා රැකියාවට යන්නේ. ගෙදර ඉන්න බයයි. (අ)

:       0       0

තුෂාන් Friday, 29 August 2014 03:07 AM

මගේ පාසල් යන වයස 17 ක නංගිගේ පසුපස වයස 30 පහු කල හැඩිදැඩි හමුදා සෙබලක් ඇගේ අකමැත්තෙන් කරදර කරමින් ආවා. අන්තිමේදී අපි දන්නා කෙනෙකුට මේ විස්තරේ පුද්ගලිකව් කියලා ඔහුගේ උදව්වෙන් නංගිව කොළඹ කිට්ටුව පාසලකට දමලා මාමා කෙනෙකුගේ ගෙදර නවත්තලා මේ කරදරයෙන් ගැලවුනේ. සමහරු රට බේරා ගත්තට වන්දිය බලා පොරොත්තු වෙන්නේ මේ රටේ අහිංසක පුංචි කෙල්ලන්ගෙන් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site