(අජිත්ලාල් ශාන්තඋදය)
විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට නොගෙන පසුගිය 28 දා පැවති සබරගමු පළාත් සභා රැස්වීම කල් දැමීමට එරෙහිව පළාත් සභා සභාපති කංචන ජයරත්න (එජනිස) මහතාට විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බවට එක්සත් ජාතික පක්‍ෂ විපක්‍ෂ කණ්ඩායම පැවසුව ද, එය ගෙන එන්නේ පක්‍ෂයේ ඉහළ උපදෙස් මත බවට එජාපයේ පසුපෙළ පළාත් සභා මන්ත‍්‍රීවරු පවසති.
’මේ වෙනකොට එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරු පහළොස් දෙනා විශ්වාස භංගයට අත්සන් කරලා ඉවරයි. නමුත් එය බාරදීමට පක්‍ෂ නායකත්වයෙන් අවශ්‍ය උපදෙස් ලැබිලා නෑ. සබරගමු පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරු දොළොස් දෙනෙක් මේ විශ්වාසභංගය දිනවන්න අපිට සහාය දීමට මේ වනවිටත් පොරොන්දු වෙලා ඉවරයි.’ යැයි පසුපෙළ එජාප මන්ත‍්‍රීවරයක් පැවසුවේ ය.
එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරු පවසන්නේ පසුගිය 28 වැනි දා ගෙනා මෙම පනත් කෙටුම්පත විවාදයට ගෙන ඡන්දයක් විමුසවේ නම්, සබරගමු පළාත් සභාවේ මන්ත‍්‍රීවරු 44දෙනාගෙන් විසි හත් දෙනෙකුගේ ඡන්දය ඊට ලැබෙන බවයි.
එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහ ඇමැති මහීපාල හේරත් මහතාට සහ ආණ්ඩුකාරවර මාර්ෂල් පෙරේරා මහතාට කළ දැනුම් දීමක් මත ඒ දෙදෙනාගේ ලිඛිත සහ වාචික ඉල්ලීම් සැලකිල්ලට ගෙන සභාපතිවරයා එම පනත සම්බන්ධ විවාදය ලබන 12 වැනි දාට කල්තැබීය.
කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු පවසන්නේ සභාපතිවරයාට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය කිසිම අවස්ථාවක විශ්වාසභංග යෝජනාවක් නොගෙනන බවයි.
සබරගමු පළාත් සභාවේ නිල කාලය මේ මස 26 දිනින් අවසන් වේ. සබරගමු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සංධානයට මන්ත‍්‍රීධූර 27ක් ද, එක්සත් ජාතික පක්‍ෂයට මන්ත‍්‍රීධූර 15ක්ද, ලංකා කම්කරු කොන්ග‍්‍රසයට මන්ත‍්‍රීධූර 2ක් හිමිය.
2025 නොවැම්බර් මස 04
16
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සබරගමු සබේ සභාපතිගේ විශ්වාසභංගය ලත් තැනම නවතී