IMG-LOGO

සබරගමු මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර 20 වැනිදායින් ඇරැඹෙයි

(අජිත්ලාල් ශාන්තඋදය)

 
ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය 20 දා කප් සිටුවීමෙන් ආරම්භ වන බව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැවසුවේය.
 
මෙවර පෙරහර මංගල්‍ය සෞඛ්‍ය උපදෙස් ආරක්‍ෂා කරමින් සම්ප්‍රදායන්ට සහ චාරිත්‍රවලට මුල් තැනක් දී උත්කර්ෂවත් ලෙස චාම්ව පවත්වන බවද බස්නායක නිළමෙවරයා පැවසුවේය.
 
සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නම් කළ බවද කී බස්නායක නිලමේවරයා සමන් දේවාලය පෙරහර රාජ්‍ය උත්සවයක් ලෙස නම් කිරීමෙන් පසුව පවත්වන පළමු පෙරහර මෙවර පෙරහර බවද කීවේය. එය 795වන පෙරහර ද වේ.
 
කෝවිඞ් 19 වසංගත තතත්වය හමුවේ රටේ ජනතාවගේ ආරක්‍ෂාවට මුල් තැන දෙමින් සීමිත පිරිසකගේ සහභාගිත්වය මත පමණක් මෙවර සමන් දේවාල ඇසළ පෙරහර පැවැත්වෙන බව ද බස්නායක නිළමේවරයා පැවසිය.
 
ඒ නිසා මහජනතාවට විවෘත නොවන මෙවර පෙරහර කලාකරුවන් සහ තේවාවන් බාරකරුවන්ගේ සහභාගිත්වය ඇතිව පවත්වන්නට කටයුතු සංවිධානය කර ඇතිබවද මිගාර ජයසුන්දර බස්නායක නිලමේවරයා පැවසුවේය.
 
ඒ අනුව පෙරහර ආරම්භ කිරිමට පෙර දේවාලයේ පිරිත් නිලයට අයත් පන්සල්වල මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් මුලින්ම සර්ව රාත්‍රීක පිරිත් දේශනය  අද (18)දා පවත්වා මහා සංඝරත්නය විෂයෙහි සාංඝිකදාන අද (19) පවත්වන බව ද බස්නායක නිලමේවරයා පැවසුවේය.
 
කප් සිටුවීම හෙට (20) අලුයම සුබ නැකතින් සිදුකර එදින රාත්‍රීයේ සිට 23දා දක්වා වු දින හතර තුළ කුඹල් පෙරහර රාත්‍රියේ උඩමලුවේ පැවැත්වෙන බවද කීවේය. වීදි පෙරහර 24දා ආරම්භ වී 28දායින් අවසන් වෙයි. 29දා සිට සැප්තැම්බර් 02දා දක්වා රන්දෝලි මහ පෙරහර පැවැත්වේ. සැප්තැම්බර් 03දා දිය කැපීමේ දහවල් පෙරහර පවත්වන බව ද මිගාර ජයසුන්දර බස්නායක නිලමේවරයා පැවසුවේය.
 
සබරගමු මහ සමන් දේවාලයේ දිය කැපීමේ පෙරහර කළුගඟ ඔස්සේ මල්වල  රතඹලා ඇල්ල දක්වා ගොස් දියකැපීමේ චාරිත්‍රය සිදුකර නැවත ගඟ දිගේම දේවාලගොව කොටාඹේ තොටුපලින් ගොඩවී සමන් දේවාලයට ගොඩ වැදීමෙන් පසු 2020 සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහර මංගල්‍යය නිමාවට පත්වන බව ද මිගාර ජයසුන්දර බස්නායක නිලමේවරයා සඳහන් කළේය. 

පෙරහර මංගල්‍යය නැරඹීමට පොදු මහජනතාවට සෞඛ්‍ය ආරක්‍ෂ හේතූන් මත අවසර නැතත් දිවා කාලයේදී දේවාලයට පැමිණ වැඳ පුදාගෙන සෞඛ්‍ය ආරක්‍ෂණ පියවරට අවනත වෙමින් පූජාවන් වලට සහභාගිවිමට හැකි බව ද මිගාර ජයසුන්දර බස්නායක නිළමේවරයා පැවසුවේය.
 



අදහස් (0)

සබරගමු මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර 20 වැනිදායින් ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 339 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 261 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site