ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය සමාජීය විද්‍යා හා භාෂා පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ‘‘ගිරි හිසින් උදා සඳ‘‘ කලා උළෙල මාසයක් පුරා විශ්ව විද්‍යාලයේ පැවැත්විණි.
විශ්ව විද්‍යාලයීය සිසුන්ගේ දක්ෂතා එළි දැක්වීමේ අරමුණින් සංවිධානය කළ මෙම වැඩසටහනින් කුසලතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවත් ඒවා ඇගයීමට ලක් කිරීමත් අරමුණු කොට ගෙන සංවිධානය කරන නාට්‍ය, කථික, ගායන හා රචනා තරගද ඇතුළු කළ බවත් සරසවිය කියයි.
මෙම වැඩසටහනේ පළමු පූර්ව වැඩසටහන ලෙස අපේ ගම වැඩසටහන රෝහණ බැද්දගේ ශූරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊළඟට ජන සන්නිවේදන වැඩසටහන ජනමාධ්‍යවේදී කපිල එම්.ගමගේ මහතාගේ මූලිකත්වයෙන්ද තෙවැනි වැඩසටහන ගේය පද රචක ධම්මික බණ්ඩාරයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති බවද සංවිධායකයෝ කියති.
‘ආදර කන්දට හිම වැස්සක්‘ වැඩසටහනත්, නාට්‍ය වැඩමුළුවත්, චින්තක ගීතදේව ප්‍රමුඛ ඝෝෂා වාදක කණ්ඩායමේ විකල්ප ගී වැඩසටහනත් කුටීරය වැඩසටහනත් සාර්ථකව පැවැත්වූ බව සඳහන් කරති.
සමාප්ති උළෙල ප්‍රවීන ගායන ශිල්පී බණ්ඩාර අතාවුදයන්ගේ ප්‍රධානත්වයෙන් ලබන සිකුරාදා (30) සවස සමාජීය විද්‍යා හා භාෂා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට යයි.
2025 දෙසැම්බර් මස 18
108
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සබරගමු කලා උළෙල මාසයක් පුරා
ධම්ම Wednesday, 28 January 2015 12:02 PM
"මිදුලේ වැලි මාලිගාවේ" ගීතය ගැයූ පුංචි ගායිකාව නේද මේ ඉන්නේ? (නි)
බාබරා Wednesday, 28 January 2015 08:30 AM
පිරිහිබිනි දියවර දැන් පවත්වන්නේ නැද්ද? (බ)