IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සබරගමුව විශ්ව විද්‍යාලයේ නව නිෂ්පාදන රැසක්

( වයි.ඵ්.ඵස් වීරවංශ)

සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා තාක්ෂණ අංශයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් විසින් නව සොයා ගැනීම් රැසක් සහ නව නිෂ්පාදන රැසක් හදුන්වා දී මට පියවර ගෙන තිබේ.

එම නිෂ්පාදන අතර කෙසෙල් බඩ අල පිටි බවට පත් කර එම පිටි වලින් පාන්,නූඩ්ල්ස්, මුරුක්කු සහ අලුවා නිෂ්පාදනය කිරීමට සිසුවියන් කටයුතු කර ඇත.

ඵ් අනුව එම අංශයේ සිතාරා හේරත් සිසුවිය විසින් කතුරු මුරුංගා කොල පිටි බවට පත් කර සුප් කැටයක් නිෂ්පාදනය කර ඇති අතර එය මාස හයක් පමණ කල් තබා ගැනීමට හැකියාව තිබේ.

ඊට අමතරව එම අංශයේ අධ්‍යාපනය ලබන කුෂ්ලානි ද අල්විස් සිසුවිය විසින් බිං කෙසෙල් ගෙඩි වලින් චොකලට් එකක් නිෂ්පාදනය කර ඇති අතර ලෝකයේ කිසිම රටක චොකලට් වල නොමැති තන්තු මෙහි අඩංගු බව ඇය පැවසුවාය.

එම අංශයේ ඉගෙනුම ලබන සිසුවියක් වන උපේකා ඵ්කනායක සිසුවිය විසින් ලුණු කොල වලින් පවුඩර් ( පිටි) නිෂ්පාදනය කර ඇති අතර එය වෑංජන වලට එක්කල පසු ඉතා රසවත් බව ඇය පැවසු අතර එම පවුඩර් මාස හයක් පමණ කල්තබා ගත හැකිය.

යකි නාරං කොල වලින් තේ වෙනුවට පානය කිරීමට අපුරු නිෂ්පාදනයක් එම අංශයේ ඉගෙනුම ලබන සිසුවියක් වන මදුෂි පොද්දෙනිය සිසුවිය විසින් කටයුතු කර තිබේ.

එම අංශයේ ඉගෙනුම ලබන සිසුවියක් වන අබිෂේකා ජයතිස්ස සිසුවිය විසින් අලු කෙසෙල් අල වලින් ලබා ගත් පිටි වලින් කේක්, මුරුක්කු සහ අලුවා නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබේ.

මෙ අතර ඇබුල් කෙසෙල් අල පිටි බවට පත් කර පත්කර එම පිටි උපයෝගි කරගෙන පාන් නිෂ්පාදනය කිරීමට එම අංශයේ ඉගෙනුම දිල්ෂානි වික්‍රමගේ සිසුවිය කටයුතු කර ඇත.

ඊට අමතරව ඇමිබුන් කෙසෙල් අල පිටි බවට පත් කර එම පිටි වලින් නූඩ්ල්ස් එකක් නිෂ්පාදනය කිරීමට එම අංශයේ ඉගෙනුම අමියා ධනසේකර සිසුවිය කටයුතු කර ඇති අතර එය ඇල් වතුර මිශ්‍රකර ආහාරයට ගත හැකි බව ඇය පැවසුවාය.

එම අංශයේ අධ්‍යාපනය ලබන සසංකා විමල සුරිය සිසුවිය විසින් පොකුරු වද මල් පිටි බවට පත් කර දමි පාටින් යුක්ත ඉතා රසවත් පානයක් නිෂ්පාදනය කර ඇත.

ඊට අමතරව එම අංශයේ ඉගෙනුම ලබන ඉමල්කා චන්ද්‍රසේන සිසුවිය විසින් අලු කෙසෙල් අල පිටි බවට පත් කර යෝගට් එකක් නිෂ්පාදනය කිරීමට කටයුතු කර ඇත.



අදහස් (6)

සබරගමුව විශ්ව විද්‍යාලයේ නව නිෂ්පාදන රැසක්

රංබොඩ Sunday, 26 November 2023 11:25 AM

මේ නිෂ්පාදන සඳහා ව්‍යපොරික වටිනාකම් ලබාදිය හැකිනම් ඒ ගැන බලා ගැැනීම වගකිව යුත්තන්ගේ කාර්යක්.

:       0       4

City Sunday, 26 November 2023 11:46 AM

සුභපැතුම් ළමයි

:       0       2

සෙනෙවිරත්න Sunday, 26 November 2023 11:49 AM

මෙන්න අගයකලයුතු දේවල්, කැම්පස් වල ඉන්නෙ අරගල, රන්ඩු කරන පවතින රජයට එරෙහිව කටයුතු කරන අය කියන මානසිකත්වය වෙනස්කර ඒ තුලින් කියන කතාව තේරුම් ගෙන කටයුතු කරන්න. ඉන්න හිටන්න කන්න බොන්න හරියට නැතිව මේ කල දේවල් අගය කරමු.

:       0       2

Mo77 Sunday, 26 November 2023 12:21 PM

ශ්‍රී ලංකාවේ විද්‍යාල අධ්‍යාපනයට ගිය කල මේකෙන්ම පේනවා. සිසුවියන් පමණයි, ශිෂ්‍යයකු බේතකටවත් හොයාගන්න නෑ.

:       1       1

චන්දන Sunday, 26 November 2023 01:51 PM

සුවිශිෂ්ට වැඩක් . සම්බන්ධ සියලු දෙනාට සුබ පැතුම් ! ඒත් ඉන් ඉදිරියට තත්ත්වය කණගාටුදායක විය හැකිය ....එසේ නොවී රටටම වැඩදායක ලෙස මෙම නිෂ්පාදන වෙලඳපොලට යැවීමට විශ්ව විද්‍යාල පරිපාලනය හෝ මැදිහත් වීම හොඳයි .

:       0       1

Athula k Sunday, 26 November 2023 05:06 PM

සුබපැතුම් දරුවනේ. නමුත් කණගාටුව මේවා උපන් ගේම මියයනවා. මොකද රටින් ගේනවා වගේ කොමිස් ලැබෙන්නේ නෑනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site