(අජිත්ලාල් ශාන්තඋදය)
ගුරු පත්වීම් ලිපි ලබාදීම හදිසියේ දින නියමයක් නොමැතිව අත්හිටුවීමෙන් තමන් දැඩි අසීරුවට ලක්වූ බව සබරගමු පළාතේ නව ගුරුපත්වීම් ලැබීමට තෝරාගත් උපාධිධාරීහු අද (16) පැවසූහ.
ප‍්‍රාථමික අංශයේ ගණිතය, ඉංග‍්‍රීසි සහ උසස් පෙළ විෂයයන් සඳහා සබරගමු පළාතේ පාසල් සඳහා පත්කිරීමට තරග විභාගයක්ද පවත්වා මෙම උපාධිධාරීන් 500ක පිරිස තෝරාගෙන තිබුණේ මීට වසර එකහමාරකට පමණ පෙරදීය.
ඔවුන්ට පත්වීම් ප‍්‍රදානය අද (16) පැවැත්වෙන බව සබරගමු පළාත් සභාව මගින් දන්වා තිබුණි. එහෙත් පසුගිය බ‍්‍රහස්පතින්දා නැවත ලිපියක් මගින් දන්වා තිබුණේ මෙම පත්වීම් ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
මෙම පිරිසෙන් 150,-200ත් අතර පිරිසක් අද සබරගමු පළාත් සභා සංකීර්ණයට පැමිණ සිටියහ. සමහරු පැවසුවේ පත්වීම් ලබාදීම අවලංගු කළ ලිපිය තමන්ට මෙතෙක් නොලැබුණ බවයි.
උපාධිය ලබා අවුරුදු පහ හයක් වන අය ද මෙම පිරිස අතර සිටිති. රජයේ රැකියාවක් නොලැබීම නිසා පෞද්ගලික අංශවල රැකියාවල සේවයේ නියුතු උපාධිධාරියෝ ඒ අතර සිටිති. අද(16) තමන්ට ගුරු පත්වීම් දෙන බවට ලිඛිතව දන්වා තිබූ නිසා එතෙක් පෞද්ගලික අංශවල කළ රැකියාවලින්ද අස්වු බව ඔවුහු කීහ.
“අපිට කබලෙන් ලිපට වැටුණා. කරගෙන ආපු රස්සාවත් නෑ. අලූත් රස්සාවත් නෑ. මානසිකව අපි විශාල පීඩනයකට ලක්වුණා. අපි විභාගය ලියලා සුදුසුකම් තියන අය. අද පත්වීම් ලිපි නොදෙන්න හේතුව කවුරුවත් කියන්නේ නෑ. දෙන දිනයක් ස්ථිරව කියන්නෙත් නෑ. අපි හරිම අමාරුවක වැටුණේ” පත්වීම් ලිපි ලබාගැනීමේ බලාපොරොත්තුව පැමිණ සිටි උපාධිධාරීහූ රත්නපුර නව නගරයේ සබරගමු පළාත් සභා සංකීර්ණයේදී පැවසූහ.
මේ සම්බන්‍ධයෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතානේ විමසූවිට ඔහු පැවසුවේ 2020 ජනවාරි මාසය තුළ මේ පත්වීම් අනිවාර්යයෙන්ම ලබාදෙන බවයි. පත්වීම ලද ස්ථානය එයම බවත් කිසිදු වෙනසක් නොවන බවත් මෙම පත්වීම් ලබාදීම තාවකාලිකව අත්හිටුවීමක් මිස දේශපාලන බලපෑමක් මේ පිටුපස නැති බවත් ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.
අලූත් අවුරුද්දේ ඉස්කෝලෙ යන ළමයින්ට ගුරුවරු අඩුපාඩු තියෙන්න බෑ. හැම විෂයකටම හැම පන්තියකටම ගුරුවරු ඉන්න ඕනෑ. අලුත් අවුරුද්ද ලබලා අලූත් පන්තියට යනකොට මෙතක් විෂයයන්ට නොහිටි ගුරුවරු පත්කිරිමයි අපේ අරමුණ. ඒ හින්දා සැකයක්, අවිශ්වාසයක් තියාගන්න එපා ජනවාරි මාසේ ඇතුළත අනිවාර්යයෙන්ම මේ අයට පත්වීම් ලබා දෙනවා” ආණ්ඩුකාරවරයා කීවේය.
ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත
ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක
පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සබරගමුවේ ගුරු පත්වීම් 500ක් අත්හිටුවයි
Kumar (Gulf) Tuesday, 17 December 2019 09:02 AM
ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා වැදගත් ආකාරයට පිළිතුරුදී ඇත. ස්තුතියි.
vidya Thursday, 19 December 2019 02:11 AM
කරුණාකර පක්ෂ බේදයකින් තොරව මේ උපාධිධාරීන්ට ගුරු පත්වීම් දෙන්න. දුෂ්කර පලාත්වල් ලොකුම ගුරු හිඟයක් තියනවා.