‘ටයිටැනික්’ නැවේ සුන්බුන් නැරැඹීමට කිමිදෙද්දී, ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනය අතුරුදන් වූයේ, එය මුහුදු පතුළේ පීඩනයට ලක්වී පොඩි පට්ටම් වී පුපුරා ගිය නිසා යැයි ඇමෙරිකන් වෙරළාරක්ෂකයන් මෙන්ම ඇමෙරිකන් නාවික හමුදාව ද පවසයි.
පස් දෙනකුගෙන් සමන්විත ‘ටයිටන්’ සබ්මැරීනය මුහුදු පතුළට කිමිඳීම ආරම්භ කළේ පසුගිය 18 වැනිදා රාත්‍රියේය. ‘ටයිටැනික්’ නැවේ සුන්බුන් ඇත්තේ මීටර් 3,800 ක් මුහුදු පතුළේය.
‘ටයිටන්’ සබ්මැරීනයට මුහුදු මතුපිට සිට එම සුන්බුන් ඇති ස්ථානයට ගත වන කාලය පැය 2 1/2 කි. සබ්මැරීනය සමඟ සියලු සබඳතා නැවැතී ගියේත්, සබ්මැරීනය අතුරුදන් වූයේත් පැය 1 යි මිනිත්තු 45 ක් යද්දීය.
සබ්මැරීනය අතුරුදන් වූ බව පැවැසුණු වේලාවේ, ඒ අවට මුහුදු කලාපයේ සිටි ඇමෙරිකන් නාවික හමුදා යත්‍රාවලට සෝනාර් තාක්ෂණය ඔස්සේ කිසියම් පිපිරීමක හඬක් ඇසී ඇත. නාවික හමුදාව සහ වෙරළාරක්ෂකයන් දැන් පවසන්නේ පසුගිය 19 වැනිදා ඔවුන්ට අසන්න ලැබුණු එම හඬ සබ්මැරීනය පුපුරා යෑම බවය.
සබ්මැරීනයේ ඔක්සිජන් පැය 96 කට ප්‍රමාණවත් වූ අතර, එය ඊයේ (22) සවස අවසන් විය. ඒ අනුව සබ්මැරීනයේ සිටි පස් දෙනාගේ ඉරණම ද තීන්දු විය.
ඊයේ (22) සවස සබ්මැරීනය සොයා සෝදිසි මෙහෙයුමට එක් වී සිටි ප්‍රංශ කිමිඳුම් යානාවකට, ටයිටැනික් නැවේ සුන්බුන් අසලදී, ‘ටයිටන්’ සබ්මැරීනයේ පහළ කොටස් සහ වල්ගයේ කොටස් හමුවුණු බවය. තහවුරු නොවුණත් ඒවා යානයේ කොටස් යැයි සැක කෙරේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සබ්මැරීනය අතුරුදන් වුණේ පුපුරා ගිය නිසා
Hira Friday, 23 June 2023 12:28 PM
දෙවියන් වහස්නේගේ කැමැත්ත