යාපනයේ සිට අධි සුඛෝපභෝගී බසයකින් කොළඹට කේරළ ගංජා කිලෝ 13 1/2 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන ආ බස් රියදුරකු හා සහායකද කනගරායන්කුලමේදී අත් අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකාය එම බසයද සැකකරුවන් දෙදෙනාද කනගරායන්කුලම පොලිසියට බාර දුන්නේය. පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.කේ.ආර්.ඒ.පෙරේරා මහතාට ලැබුණු ඔත්තුවක් අනුව ක්ෂණික මාර්ග බාධකයක් පනවා වැටලීම කර ඇත.
යාපනයේ සිට කේරළ ගංජා කොළඹ හා වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා මෙවැනි බස් යොදාගන්නා බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි. ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25 ක් පමණ වෙතියිද පොලිසිය පවසයි. ඉන්දියාවේ කේරළයේ සිට මුහුදින් ගංජා ගෙන එතියි පොලිසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැප බසයේ ගංජා
ගාමිණී සිරිවර්දන Sunday, 14 September 2014 08:12 AM
සුළු පිරිසක් විසින් කරනු ලබන නොහොබිනා වැඩ නිසා ආරක්ෂක අංශ වලටත්, සාමාන්‍ය ජනතාවත් අසීරු තත්වයකට මුහුණ පාන්නට ඉදිරියේදී සිදුවෙයි (නදී)
චමින්ද Sunday, 14 September 2014 09:50 AM
සමහර රටවලත්, ප්‍රාන්ත අතර ධාවනය වන විශාල ට්‍රක් රථ යොදා ගන්නවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට. (නදී)
ධම්ම Sunday, 14 September 2014 10:19 AM
ඇයි කේරල ගංජා, තණමල්විල ඒවා හොඳ නැද්ද? (නදී)
සේනක ද සොයිසා සිරිවර්ධන Sunday, 14 September 2014 11:31 AM
මේ බස් එක කෙලින්ම ගාල් කරන තැන දන්නවනේ. අල්ලපු පොලිසියේ මහත්තුරුන්ට අදම ස්ථාන මාරු. (නදී)
සේනක ද සොයිසා සිරිවර්ධන Sunday, 14 September 2014 11:40 AM
නොහැකියාවට, හොරකම, වංචාව, දුෂණයට ඉහලම තැන ලබාදෙන ලෝකයේ නොබිදිය හැකි වාර්තාව ලංකාව තබල තියෙන්නේ. බාගෙට බාගේ දුන්නම හරි (නදී)
ඇසළ Sunday, 14 September 2014 01:27 PM
මෙවැනි බස් රාජසන්තක කළ යුතුය (නි)
චන්ද්‍රා Sunday, 14 September 2014 02:04 PM
පොලිස් විශේෂ කාර්ය බලකායට ප්‍රණාමය! රට විනාශ කරනවාට දැඩි දඩුවම් දිය යුතුය. බසයද රාජසන්තක කළයුතුය (නි)
පිටිගල Sunday, 14 September 2014 04:17 PM
ධම්ම, තණමල්විල ඒවා හොඳ වුණාට ඒවා වවන්නයි, පොලිසියෙන් රැකගන්නයි, වතුර දමන්නයි, කම්කරු කුලියයි ගෙවාගෙන දුක් විඳිනවට වඩා "බයින් ඇන්ඩ් සෙලින්" පහසුයි. (නි)
දයා අළහකෝන් Sunday, 14 September 2014 07:02 PM
කොහොමත් මේ වගේ වැඩ වලට යොමුවෙන්නේ සුපිරි අයම තමයි (නි)