IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සපුගස්කන්දෙන් අයිස් කිලෝ සීයක් අල්ලයි

(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

සපුගස්කන්ද රත්ගහවත්ත ප‍්‍රදේශයේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 100 කට ආසන්න ප‍්‍රමාණයක් සමඟ සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පැකට් 91 ක් ලෙස තිබියදී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සොයාගත් බවත් මීට පෙර අත්අඩංගුවටගත් සැකකරුවකුගෙන් ලද තොරතු මත මෙම සොයාගැනීම කළ බවත් අජිත් රෝහණ මහතා පැවසීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මීට දින දෙකකට පෙර මෝදරදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 100 බැගින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් එහි දිගුවක් ලෙස ජාඇල ප‍්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13 ක් සමඟ කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් හයදෙනකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය.

ගතවූ දිනක් තුළ එකම මත්ද්‍රව්‍ය ජාලයක් සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 114 කට ආසන්න ප‍්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

එම සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව කළ විමර්ෂණයේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම කිලෝ 100 කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව ද ඔහු කීය.



අදහස් (0)

සපුගස්කන්දෙන් අයිස් කිලෝ සීයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site