මම ඉන්නෙ පැල්මඩුල්ලෙ. මේ වනවිට කැලණිය විශ්වවිද්‍යාලයේ තුන්වැනි අවුරුද්දෙ ඉගෙන ගන්නවා. ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ විශේෂ උපාධිය හදාරනවා. මගේ මව පාසල් ගුරුවරියක්. පියා බස් කොන්දොස්තරවරයෙක්. මට අක්කා කෙනෙක් ඉන්නවා. ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා.
බොහෝ අය කරන්නෙ තරගය ඉවර වෙනවත් එක්ක ආපු ගමන් මගෙන් ටික ටික දුරස් වෙන එක. මම දැන් ඉඳන්ම හිතේ තියාගෙන ඉන්න දෙයක් තමයි, මගේ ගීත එළිදක්වනවා කියන එක. එයට සැලැස්මක් හදාගෙන යනවා. ඒ විතරක් නෙවෙයි, රටට මතක හිටින රටේ වැදගත් අර්ථවත් දෙයක් කරන්න අධිෂ්ඨානය මා සතුයි. මේ ගමන එන්න මැණික් ව්‍යාපාරික වෙළෙඳ ජනතාව සහ මගේ ගුරුතුමා වන නිමන්ත හේෂාන් මහතා සහ පවුලේ සියලු දෙනා මේ මොහෙතේ සිහිපත් කළ යුතුමයි.
මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කල දෙන්නයි ඉන්නෙ. මම ඉගෙන ගත්තෙ විදුර විද්‍යාලයට. දැනට රැකියාව කරන්නෙ ඒට්කින් ස්පෙන්ස් ආයතනයේ. ටැලන්ට් ෂෝ එකේදි හොඳම ගායකයා ලෙසින් සම්මානයට පාත්‍ර වුණා. අපේ අම්ම තමයි සුපර් ස්ටාර් තරගයට අයදුම්පත් දැම්මෙ. නමුත් මට රියලිටි තරගයකින් ඉදිරියට එනවාය කියන අදහසක් තිබුණෙ නෑ. සංගීතය පැත්තෙන් ඉස්සරහට යනවනම් මගේම ගමනකින් ඉදිරියට එන්නයි මගෙ බලාපොරොත්තුව. නමුත් අවසන් දවසේ අවසාන අවස්ථාවට තමයි සහභාගි වුණේ.
මේ මොහොතේ නම් බලාපොරොත්තුව සුපර් ස්ටාර්ස් ජයගැනීම. ඊට පස්සෙ අදහසක් තිබෙනවා මම සුපර් ස්ටාර් වුණොත් බොහෝ පර්යේෂණාත්මක වැඩ ටිකක් කරන්න. එහෙම නොවුණත් මම මගේ ගමන හදාගෙන දිගු කාලයක් ක්ෂේත්‍රයේ රැඳෙන දෙයක් කරන්න. මේ මාසෙ සුපර් ස්ටාර් වෙලා ඊළඟ මාසෙ හොයාගන්නත් නැති වෙන තත්ත්වයට නම් මම පත්වෙන්නෙ නෑ. එය නිර්මාණකරුවා තුළමයි තිබෙන්නෙ. රඳවා ගැනීම තමයි අමාරු. මට ඕනෙ මගේ ජීවිතේ විතරක් හදාගන්න නෙවෙයි.
'සකුරා' රේන්ජ් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු ලෙස කටයුතු කරනවා. සංගීතය හදාරන්නෙ අවුරුදු පහේ හයේ ඉඳලා. පන්තියේ ගායකයා මම තමයි. හත වසරේ අටවසරේ ඉඳලම සංගීත කණ්ඩායම්වලට සම්බන්ධ වුණා. ඉන් අනතුරුව බ්ලූ ෂෑඩෝස් ප්‍රොමිසස් වැනි සංගීත කණ්ඩායම්වල ගායකයෙකු ලෙස කටයුතු කළා. දැන් වසර එකහමාරක පටන් 'සකුරා' රේන්ජ් සංගීත කණ්ඩායමේ ගායකයෙකු ලෙසින් කටයුතු කරනවා. ඒ අතරතුර තමයි සුපර් ස්ටාර් තරගයට අයදුම්පත් ඉදිරිපත් කළා. මම සුපර් ස්ටාර් වෙන්න කලින් මාව දැනගෙන හිටපු ලොකු පිරිසක් ඉන්නවා. මගේ ගීත දන්නවා, හැබැයි මාව දන්නෙ නෑ. හරි පටලැවිල්ලක් තිබුණෙ. සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් නිසා ලංකාව පුරා ප්‍රසංගවලට සම්බන්ධ වෙනවා. මගේ ගීත තුනක් තිබෙනවා. ඒවා මේ වනවිට ජනතාව අතරට ගිහින් තිබෙනවා. එම ගීතවලට යූ ටියුබ්හි විශාල ප්‍රතිචාර තිබෙනවා. එයට ප්‍රධාන හේතුව තමයි සුපර් ස්ටාර්. සුපිරි තරු මාවතට ආවම තමයි අනන්‍යතාවක් හදාගත්තේ. මීට කලින් යම්කිසි පිරිසක් තමයි මාව දැනන් හිටියෙ. එය සම්පූර්ණ වුණේ සුපර් ස්ටාර් හරහා.
මම අධ්‍යාපනය ලැබුවේ ගම්පහ සිරිකුරුස විදුහලෙන්. මම දැනට නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරියක් විදියට කටයුතු කරනවා. එමෙන්ම සංගීත විශාරද උපාධිය හැදෑරුවා. අනතුරුව ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති යන උපාධි දෙකම හැදෑරුවේ සංගීත අංශයෙන්.
මුලින්ම ගායනා කළ ප්‍රදීපා ධර්මදාස මිස්ගෙ 'සොයාදියවු මට සරණක්...' ගීතය. ඉන් මට විශාල ප්‍රතිචාර හිමිවුණා. උතුරේ සහ දකුණේ එකම ප්‍රශ්නයෙන් තරුණ ජීවිත දහස් ගණනක් බිළිගත් ගැටලුව ගැනයි එම ගීතයෙන් කියවෙන්නෙ. 'හන්තාන අඩවියේ' ගීතයෙන් ප්‍රේමයේ වෙනස් පැතිකඩක් ගැන කියවෙනවා. 'විනේ කටින උන්', 'නෙළන්නට ගිහින්' වැනි ගීතත් මම ගායනා කළා. මේ ගීත සියල්ලෙන්ම මම කතාකරන්න උත්සාහ කළේ සමාජ ප්‍රශ්න. මට ඕන වුණේ ඒක කරන්න. ඒ නිසයි මම රියලිටි වේදිකාවට ආවෙ සහ එවැනිම වූ වෙනස්කමකින් ඉදිරිගමන සනිටුහන් කරන්නත් මම අපේක්ෂාවෙන් ඉන්නවා.
සටහන ඉඳුනිල් සින්දු
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සුපිරි තරු මාවතේ අවසන් තරගය හෙට