(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ටීටෙන් ග්ලෝබල් ස්පෝට්ස් ආයතනය එක්ව පළමු වරට සංවිධානය කරන ‘ලංකා ටී10’ පිරිමි සහ කාන්තා තරගාවලිය ලබන වසරේ ජූනි මස පැවැත්වේ. මෙම ‘ලංකා ටී10’ තරගාවලියේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමි රටක් සංවිධානය කරන පළමු ටී10 තරගාවලිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.
ලොව පුරා ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වන මෙම තරගාවලියට පිරිමි කණ්ඩායම් 6 ක් සහ කාන්තා කණ්ඩායම් 4 ක් සහභාගි වන බවත් තරගාවලිය දින 12 ක් පැවැත්වෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ ආකාරයටම ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල නම් භාවිතා කරමින් කණ්ඩායම් නම් කරන බව කී ශම්මි සිල්වා මහතා පල්ළෙකැලේ සහ හම්බන්තොට යන ක්‍රීඩාංගණවල ද තරග පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහූ කොළඹදී අද (20) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ‘ලංකා ටී10’ තරගාවලිය පිළිබඳ තොරතුරු ප්‍රකාශ කළේය.
එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ටීටෙන් ග්ලෝබල් ස්පෝට්ස් ආයතනයේ සභාපති ශාජු උල් මුල්ක් සහ එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජිව් කන්නා යන මහත්වරු ද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුපිරි තරු පිරිවාරාගත් ‘ලංකා ටී10’ ශූරතාවලිය ලබන වසරේ ජූනියේ
"බෝල්-ගාඩ්" Sunday, 20 November 2022 10:16 PM
අපේ කෙල්ලන්ට කියන්න "බෝල්-ගාඩ්" එක දාගෙනම ඉන්න කියලා ඉන්න තැනක... මොකද පිත්ත වනන කොල්ලෝ ෂුවර් නැහැනෙ!