වයස අවුරුදු 19 න් පහළ සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බැඞ්මින්ටන් ශූරතාව දිනා ගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත්විය. අවසන් තරගයේදී ඔවුන් හමුවේ තරග වට 3 - 2 ක් ලෙස පරාජයට පත්වූයේ කොළඹ රාජකීය විදුහලයි.
අර්ධ අවසන් වටයේදී ශාන්ත පීතර විදුහල තරග වට 3 - 2 ක් ලෙස පරාජය කරමින් ආනන්ද විදුහල අවසන් වටයට සුදුසුකම් ලැබීය.
කොළඹ ඞී. එස්. සේනානායක විදුහල, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ කොළඹ නාලන්දා විදුහල පළමු වටයේ තරග වලදී ආනන්ද විදුහල හමුවේ පරාජයට පත්විය.
සනුර හපුආරච්චි ආනන්ද විදුහල් බැඞ්මින්ටන් කණ්ඩායමේ නායකත්වය දරන අතර විනෝද් පයාගලට එහි උප නායකත්වය හිමිවී තිබේ. පසිඳු අඹේගොඩ, දක්ෂික ගුණතිලක, දුල්ෂාන් අලහකෝන්, යෙහාන් මුණසිංහ සහ පුළින අමරනායක කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.
කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ධනුෂ්ක ප‍්‍රනාන්දු මහතා කටයුතු කරන අතර කණ්ඩායම් භාර නිලධාරියා ලෙස රංජිත් පයාගල මහතා කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බැඞ්මින්ටන් ශුරතාව කොළඹ ආනන්ද විද්‍යාලයට
සිංහලය Friday, 19 July 2013 12:04 PM
ආනන්දීයන්ගෙ මම දකින විශේෂත්වය තමයි, ආනන්දීයන් එදා ඉදලා සුද්දන්ගේ පරගැතියන් නොවීම.එම නිසා රාජකීයන් පරාජය කිරීමට ආනන්දයට සුබ පතමි. (දී)
කැනඩා දිසා Saturday, 20 July 2013 11:00 AM
විශිෂ්ටයි !..ආනන්ද කවදත් එලකිරිම තමයි . (අ)
කුමාර Friday, 19 July 2013 12:43 PM
ආනන්දයට සුබ පතමි!!(අ)
ප්‍රභාත් Saturday, 20 July 2013 01:04 AM
ආනන්ද විද්‍යාලයට හා රාජකීය විද්‍යාලයට මගේ උණුසුම් සුබපැතුම්. ඔබගේ පාසල්වලින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බිහිකිරීම ප්‍රධාන අරමුණ විය යුතු යැයි සිතමි.(නදී)
ජනිත්‍ර Friday, 19 July 2013 02:31 PM
ආනන්ද විදුහලේ බැඩ්මින්ටන් කණ්ඩායමට ජය පතමි.(නදී)
ශෙනාලි Friday, 19 July 2013 02:36 PM
රාජකිය විද්යාලයට යන්න ලකුණු මදි වෙන්න ඇති ඔකට කියන්නෙ ඉරිසියdව කියලා.. ඔකට බෙහෙත් නෑ..(අ)
සිල්වා Friday, 19 July 2013 02:40 PM
සුභ පතනවා..තවත් පාසලක් පැරැද්දුවට නෙමෙ ජයක්ග්‍රහණයට (අ)
ආරියසිරි Friday, 19 July 2013 02:45 PM
මමත් ආදී ආනන්දියෙක් නමුත් තවත් පාසැලකට අපහස කරල අදහස් දැක්විම හෙලා දකිනවා.(අ)