(ෆ්‍රී මැලේසියා ඇසුරිනි - 125)
මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි .අන්සාර් මහතාට එරට සිටි එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයට අදාළව සේපෑන්ග් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය ක්වාලාලම්පූර් අධිකරණය වෙතට මාරු කරන්නැයි ඉල්ලා එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා කළ ඉල්ලීම මැලේසියා මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි එරට පළවන ‘ෆ්‍රී මැලේසියා‘ පුවත්පත වාර්තා කරයි.
ආරක්ෂත හේතුන් මත අදාළ නඩු විභාගය සේපෑන්ග් අධිකරණයෙන් ක්වාලාලම්පූර් අධිකරණය වෙතට මාරු කරන්නැයි එම සැකකරුවන් නීතීඥවරුන් මාර්ගයෙන් මහාධිකරණය වෙත අයැදුම්පත යොමු කර තිබූ අතර එය කැඳවූ අවස්ථාවේදී එම ඉල්ලීම මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
සේපෑන්ග් අධිකරණයේ දැනට පැවත්වෙන නඩු විභායේ යම් අනාරක්ෂිතභාවයක් පවතින්නේ නම් එය එම අධිකරණ විනිසුරුවරයාට හෝ නීතීය හා සාමය ආරක්ෂා කරන ආයතන වෙත පැමිණිලි කිරීමේ හැකියාව පවතින බවත් , එලෙස පැමිණිලි කිරීමේ හැකියාව තිබියදී එම නඩු විභාගය මාරු කිරීම් පිලියමක් නොවන බව පෙන්වා දෙමින් මැලේසියා මහාධිකරණ විනිසුරු නූර්දීන් හසන් මෙම අයැදුම් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ මැලේසියාවේ සංචාරයක් සඳහා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාව ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඇරලවා යළි පැමිණෙමින් සිටි අවස්ථාවේදී ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක ප්‍රහාරයට ලක්වූයේය. එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සේපෑන්ග් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2346
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සේපෑන්ග් නඩුව ක්වාලාලම්පූර් වෙත යැවීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Chanak Los Angeles Thursday, 20 April 2017 02:06 PM
හිතාමතා සැලසුම් කර අනුන්ට විපත් කරන ඕනෙම පුද්ගලයෙක් තමන්ට එන විපත් වලට භය වෙනවා වගේම එයින් ආරක්ෂා වීමට නොකරන දෙයක් නැහැ. කල වරදට දඬුවම් ලැබීමට බයනම් තම ජීවිතයට ආදරේ නම් අන් අයට හිරිහැර කිරීමෙන් වැලකී සිටිය යුතුයි . නැතිනම් මහා ඇලෙක්සෙන්ඩර් වගේ කෙලින් සිටිය යුතුයි .