(යොහාන් භාසුර)
‘සිපෙට්කෝ’ පිරවුම්හල්වලින් පරිහණය ගාස්තු ලෙස අය කළ බද්ද නැවත බැර කිරීම නිසා ඉන්ධන තොග ඇනවුම් කිරීම නැවත ආරම්භ කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (4) පස්වරුවේ පැවසීය.
ඉන්ධන පිරවුම්හල් තොග ඇනවුම් සඳහා ඊයේ (3) බැර කළ මුදල්වලින් බද්දක් සඳහා මුදල් කපාගැනීම නිසා ඊයේ දිනය සඳහා කර තිබූ ඇනවුම් අවලංගු කළ බවත් කපාගත් මුදල් අද පස්වරුව වන විට පිරවුම්හල්වල ගිණුම්වලට නැවත බැර කර තිබූ බවත් නාඔටුන්න මහතා කීය.
ඉන්ධන තොග හෙට දිනයේ ලැබෙන පරිදි බෙදාහැරීමට සූදානමින් සිටින බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ වර්ජනය හේතුවෙන් පිරවුම්හල් රැසක අද දිනයේ ඉන්ධන නොතිබුණි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සිපෙට්කෝ’ පිරවුම්හල් වර් ජනය අත්හරී