(යොහාන් භාසුර)
අළෙවියට සාපේක්‍ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටමෙන් කොටසක් බද්දක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිලදීගැනීමට තැන්පත් කරන මුදලින් අයකරගත හොත් ඉන්ධන ඇනවුම කිරීම නතර කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් වෙත ඉන්ධන අලෙවියට සාපේක්ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටම මුදලින් සියයට 45 ක් මාසික පරිහරණ ගාස්තුව ලෙස අයකර ගැනීමට සංස්ථාව ගෙන ඇති අත්තනෝමතික තීරණයට බෙදුම්කරුවන් විරෝධය පළකරන බවත් සියලුම සංස්ථා පාලිත බෙදුම්කරුවන් සංස්ථාවට සියයට 0.25 ක මාසික ගාස්තුවක් ද මේ වන විටත් ගෙවන බවත් නාඔටුන්න මහතා කීය.
සංස්ථාව බෙදුම්කරුවන්ට ගෙවන වට්ටම මුදල සිමාකිරීමට ගන්නා උත්සාහය බෙදුම්කරුවන් සිව්දෙනෙකු බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය වෙතින් ලබාගෙන ඇති වාරණ නියෝගයකින් අත්හිටුවා ඇති බව කී නාඔටුන්න මහතා එසේ තිබියදී දැනටමත් ගෙවා ඇති වට්ටම මුදලින් අයකර ගැනීමට සංස්ථාව කටයුතු කරන බව දැනුම්දී ඇති බව ද සඳහන් කළේය.
මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අධිකරණ නියෝගයට පටහැනි බැවින් අධිකරණයට අපහාස කිරීම යටතේ නැවත නඩුවක් පවරණ බව ද කපිල නාඔටුන්න මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල් වර්ජනයකට සැරසෙයි
de silva Friday, 30 September 2022 03:58 PM
කරුණාකර ෂෙල් වැනි ජාත්‍යන්තර තෙල් සමාගම්වලට ලංකාවේ ඉන්ධන බෙදා හරින්න අවසර දෙන්න... මේ ප්‍රශ්න ඔක්කොම අඩු වෙනවා. කොමිස් ගැහිලි, හොර ඕටී නැති වුණාම අඩුමිලට තෙල් දෙන්න පුළුවන්...!
සුරංග Friday, 30 September 2022 06:10 PM
ඌරො කැකුණ තලනවිට හබන් කුකුළන්ට රජ මගුල් වේවි NPG මහත්තයෝ.