IMG-LOGO

සඳකැන් සඳකඩක් විකුණද්දී දෙන්නෙක් අසුවෙති.

චන්ද්‍රකාන්ති පාෂාණයෙන් කළ ඉපැරණි සඳකඩ පහණක් රුපියල් ලක්‍ෂ 12කට විකිණීමට තැත් කළ දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කියයි. සඳකඩ පහණ අඩි හතර හමාරක වට ප‍්‍රමාණයකින් යුක්ත  බවත් සැකකරුවන් ගිරාදුරුකෝට්ටේ රත්කිඳ  සහ ලග්ගල නාගොල්ලේ පදිංචි බව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි. ලග්ගල ලෙල්ලව නාගොල්ලේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.



අදහස් (0)

සඳකැන් සඳකඩක් විකුණද්දී දෙන්නෙක් අසුවෙති.

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 05 July 2012 12:53 PM

සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලදාරීන්ගේ ඇති දක්ෂකම නිසා මෙම සොරුන් අල්ලාගැනීමට හැකිවී ඇති බවයි මටනම් පෙනෙන්නේ. නියම අයුරින් සොරුන් අල්ලාගෙන නීතිය ක්‍රියාත්මක කල ගරු නිලදාරින්ට අපගේ ප්‍රණාමය. මෙලෙස නිලදාරීන් රාජකාරියේ යෙදේනම් අපේ රටට ආශ්චර්ය කරා ළඟාවීමට ඇති හැකියාව කාටවත් නවත්තන්න බැහැ. අප පොලිසියේ ඉන්න නිලදාරීන්ගේ දක්ෂකම මෙතනදී අගය කරන්නම ඕන. ජනතාව වශයෙන් අපි සතුටුවෙනවා පොලිසිය අපේ උරුමය ආරක්ෂා කරගන්න දරන උත්සාහයට. තෙරුවන් සරණයි.

:       0       0

ගෝපාල් Thursday, 05 July 2012 01:37 PM

ඔන්න නියම බඩු....තව නැද්ද හොයාගන්න...සල්ලි තමයි ඉතින්...

:       0       0

දර්ශන Thursday, 05 July 2012 01:01 PM

මේ වගේ ඒවට කවුද වගකියන්න ඕන ????

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 05 July 2012 10:51 AM

පුරාවස්තු, කෞතුක භාණ්ඩ, බුද්ධ රුප හොරකම, විකිණීම, ජයටම කරගෙන යනවා නේ ලංකාවේ.මේකත් එක්තරා විදියක ආශ්චර්‍යක් තමයි..

:       0       0

නිශාඩ් පෙරේරා Thursday, 05 July 2012 10:53 AM

මේවා හොරකම් කරනකන් මුරකරුවෝ නිදාගෙනද හිටියේ ?

:       0       0

රුවන් Thursday, 05 July 2012 10:19 AM

ඔවානම් මොනවද? කොළඹ කටු ගේ කඩාගෙන ගියේ. කාටද දඩුවම් දුන්නෙ? දෑන් බෑකො වලින්නෙ නිදන් හාරන්නෙ. කාටද දඩුවම් දුන්නෙ? අහින්සක මල් වගේ ළමයින්ගේ ජීවිත විකුනන්නෙ, වටිනා කෑලෑ විකුනන්නෙ. ඔවා කියන්න කෙනෙක් නෑහැ. හරි දුකයි අපේ මවුබිම ගැන.

:       0       0

සුමනා Thursday, 05 July 2012 11:06 AM

රටේ පාලකයෝ නිදා සිටිනා විට හොරුන්, මැරයන් වැඩි වෙනවා...දෙවියන්ට මිස වෙන කියන්න කෙනෙක් නෑ....

:       0       0

සුජී Thursday, 05 July 2012 10:40 PM

තමන්ගේ උපාධියට අගෞරව නොවෙන විදියටයි උගත් අය ව්‍යාකරණ ගලපන්න ඕනි

:       0       0

මහියංගනය Thursday, 05 July 2012 11:03 PM

"ඔන්න නියම බඩු....තව නැද්ද හොයාගන්න...සල්ලි තමයි ඉතින්...බඩුම තමයි !! පොලිසිය අපේ උරුමය ආරක්ෂා කරගන්න දරන උත්සාහයට හරි දුකයි. අහින්සක මල් වගේ පාලකයෝ දෑන් බෑකො වලින්නෙ නිදන් හාරන්නෙ. ‍

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 161 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2273 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site