IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


‘සීනි බෝල දීලා රවටන්න බෑ‘

අසම්මත ජනාධිපතිවරණයේදී සන්ධාන පාලනයට එරෙහිව සන්ධානයෙන්ම විරෝධතා පැන නැගී ඇතිබවත් සමාජ සම්මතයට එරෙහිව ජනපති තෙවරක් ජනපතිවරණයට ඉදිරිපත්වීම වැරදි බවත් දකුණු පළාත් සභාවේ එජාප මන්ත්‍රී චන්ද ප්‍රියන්ත මහතා ගාල්ල, මාතර, අකුරැස්ස හා හම්බන්තොට එජාප පාක්ෂිකයින් අමතමින් කීය.

‘‘ආණ්ඩුව ගෙදර යවන්න රජයේ සේවකයන්ද අද පෙරමුණ ගෙන සිටිනවා. සීනි බෝල දී ඔවුන් රවටන්න බෑ. යුරෝපයේ කොටි තහනම ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය හවුල් යැයි කියන කථාව හරියට අමු හෙළුවෙන් සිටින එකා ජංගියක් ඇඳ සිටින එකාට හූ කීම වැනි කතාවකි.” මේ කථාවේදී ඔහු කීවේය.

‘‘රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමේ මහා කුසල කර්මයට දායකවන ලෙස මම කාගෙනුත් ඉල්ලනවා.”

 

 

 



අදහස් (0)

‘සීනි බෝල දීලා රවටන්න බෑ‘

සමන් Friday, 24 October 2014 12:15 PM

සීනි බෝල හරි රහයි. (නදී)

:       0       0

අනුර Friday, 24 October 2014 12:31 PM

මම හිතෙන්නෙත් මේ සීනිබෝල දීලා දේශපාලනය කරන අය ගෙදර යවලා රටට ඵලදායී වැඩක් කළ හැකි අවංක නායක රනිල් පත්කර ගැනීම කාලයට උචිතයි කියලා. අපේ රට අපි නොදැනුවත්වම විශාල අඳුරු දැලක පැටලෙන්න යනවා. ජනතාවට විශාල පීඩනයක් යොමුවෙලා. ජනතාව බුද්ධිමත් වී හරි තීරණයක් ගන්න. (නි)

:       0       0

විමල් Friday, 24 October 2014 12:35 PM

77 සිට 94 වෙනතුරු රට ගොඩගත් හැටි අපිට නම් හොඳට මතකයි. (නි)

:       0       0

නයෝමි Friday, 24 October 2014 12:57 PM

ඔය හම්බවෙලා තියෙන්න හැමෝටම ලම්බෝජනී කාර් බලන් ඉන්න කට්ටිය කට අරගෙන සීනි බෝල හරිම රසයි. (නදී)

:       0       0

මෙහාන් Friday, 24 October 2014 06:56 AM

අද රටට අත් ව ඇති තත්වයෙන් ගොඩ ඒමට අනිවාර්යෙන් රනිල් ජනපති විය යුතුයි. එමෙන්ම විමල්, චම්පක වැනි ඇමතිවරු සිටිය යුත්තේ විපක්ෂයේ මිස ආණ්ඩු පක්ෂයේ නොවේ. මොකද මෙම දක්ෂ කට ඇති මිනිස්සු ආණ්ඩු පක්ෂයට වී කට පියාගෙන සිටින නිසා. (නදී)

:       0       0

තබුක් සිල්වා Friday, 24 October 2014 07:05 AM

දැනෙනවාද මලේ සුවද විලේ උපන් මාළුවාට (නදී)

:       0       0

සුමනා කුලසිරි Friday, 24 October 2014 07:05 AM

කුසල් අකුසල් ගැන හරියට දැනගත්තොත් හොදයි උන්නැහේ. (නදී)

:       0       0

පෙරේරා Friday, 24 October 2014 07:31 AM

සීනිබෝල නෙමෙයිනේ දෙන්නේ. ඒකනේ රැවටෙන්නේ!!! (නි)

:       0       0

සිරිසේන Friday, 24 October 2014 07:32 AM

මේ රට මේ වෙනකොට ලොකු අවදානම් තත්ත්වයකට පත්වෙලා අවසන්. රටේ ලොකු අවශ්‍යතාවයන් මේ වෙනකොටත් විනාශයේ දොරටුව ළඟ. සෞඛ්‍යය, අධ්‍යාපනය මේ වෙනකොටත් විනාශ වී හමාරයි. අවංක නායකයකුගේ අවශ්‍යතාවය මේ අසරණ ජනතාවට ඉතාම ඉක්මනින් ඉටුවිය යුතුයි (නි)

:       0       0

පද්මේන් Friday, 24 October 2014 07:42 AM

රනිල් ලංකාවේ දේශපාලනයට අවංක වැඩියි. (නදී)

:       0       0

නිශාන්ත Friday, 24 October 2014 07:59 AM

අවුරුදු තිහක් වැටිලා තිබුන අගාධයෙන් ගොඩ ගත්ත කෙනාට කළගුණ සලකලා ඉවරවෙලාම බලන්නම්. ඒ වෙන කොටවත් අර බුද්ධික පතිරන මන්ත්‍රීතුමා එක්ක තියන අවුල එහෙම ලිහාගෙන ඉන්න. (නදී)

:       0       0

ගයාන් Friday, 24 October 2014 08:11 AM

රටේ කර තිබෙන සංවර්ධනය සීනි බෝල තරම් වටින්නේ නැද්ද?කොටි ඩයස්පෝරාව හැදුවේ කවුද? සිංගප්පුරුව,මලයාසියාව වැනි රටවල් දියුණු වුණේ එකම නායකයෙක් යටතේයි. අසම්මත චර්යා තිබෙන්නේ කාටද කියලා අපි දන්නවා (නි)

:       0       0

ලහිරු Friday, 24 October 2014 09:17 AM

මසුරන් කතාව (දිල්)

:       0       0

ගයාන් Friday, 24 October 2014 10:24 AM

මෙයා ලංකාවේද ඉන්නේ ? පරසක්වලද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1664 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 562 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site