IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සීනි පාලන මිල ගැසට්ටුව අදින් අවසන්

(යොහාන් භාසුර)

සීනිවලට උපරිම මිල නියම කරමින් ඉනිකුත් කළ ගැසට් නිවේදනය අද (21) රාත්‍රී ඉවත් කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය මේ මස 3 වැනිදා නිකුත් කළ එම ගැසට් නිවේදනය අවලංගු කර නව ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට අද පස්වරුවේ යොමු කළ බවත් ඒ අනුව රුපියල් 50 ක නව බද්දට ඉදිරියේදී ආනයනය කරන සීනි ආනයනකරුවන්ට දැරීමට සිදුවන පිරිවැය මත මිලකට සීනි අළෙවි කළ හැකි බවත් එම නිලධාරියා කීය.
එම ගැසට් නිවේදනයට අනුව පැකට් නොකළ සුදු සීනි කිලොවකට රුපියල් 275 ක සහ රතු සීනි කිලෝවකට රුපියල් 330 ක උපරිම සිල්ලර මිලක් ද, පැකට් කළ සුදු සීනි කිලෝවකට රුපියල් 295 ක සහ රතු සීනි කිලෝවකට රුපියල් 350 ක උපරිම සිල්ලර මිලක් ද, පැනවිණි.
ශත 25 ක බද්ද මත ආනයනය කළ සීනි මෙටි්‍රක්ටොන් 18,000 ක් පමණ රටතුළ ඇති බවට මේ වන විට ගණනය කර ඇති බවත් එම තොග පවරාගැනීමේ කටයුතු වෙළෙඳ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියයේ උසස් නිලධාරියෙක් පැවසීය. 

 



අදහස් (1)

සීනි පාලන මිල ගැසට්ටුව අදින් අවසන්

Aravinda Monarawila Tuesday, 21 November 2023 05:10 PM

ඔය කියන ගණන වගේ හතර පස් ගුණයක් වත් ඇති වෙළෙන්දෝ ගාව .ඒකෙන් සියයට විස්සක් ඇමතිගේ සාක්කුවට ගියත් ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site