IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’’සේනා’’ ආපහු එයි

(අංජුල මහික වීරරත්න)

මෙම මහ කන්නයේදීත් බඩඉරිඟු වගාව සේනා දළඹු හානියේ බලපෑමට ලක්වෙමින් පවතින බැවින්  දළඹු හානිය පාලනය සඳහා  ගත යුතු පියවර සම්බන්ධව ගොවි ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වග කිවයුතු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙවර මහ කන්නයේ දී දිස්ත්‍රික්ක ගණනාවක බඩ ඉරිඟු වගා කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ කුඩා පරිමාණ  කෘෂි ව්‍යාපාර සහභාගීත්ව ව්‍යාපෘතිය යටතේ අම්පාර, අනුරාධපුර, බදුල්ල, මොණරාගල හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල අක්කර 40,000ක බඩඉරිඟු වගා කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වගාවේ මුල් අවදියේ දළඹු හානියට පාත්‍රවන වගා විනාශ වී යා හැකි බැවින් බීජ සිට වූ දින සිට වගාව ගැන  සුපරීක්ෂාව වැදගත් බවද  වගාවට දින 2-7 වනවිට පත්‍ර මත සුදු පැහැති විනිවිද පෙනෙන පටලයක් වැනි ලප ලෙස බිත්තර කැදලි දැකිය හැකි අතර මෙම අවස්ථාවේ ඒවා අතින් ඉවත් කිරීම මගින් වගාවට සිදුවන හානිය වළක්වා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

බිත්තරවලින් පිටවන දළඹුවන් ගොබය තුළට ඇතුළු වී පත්‍ර ගොබයට සහ පත්‍රවලට හානි කරන අතර මෙහිදී කොහොඹ බීජ නිස්සාරකය ගොබය තුළට ඉසීම මගින් හානිය පාලනය කළ හැකි බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.



අදහස් (2)

’’සේනා’’ ආපහු එයි

සුධීර Wednesday, 29 November 2023 11:59 AM

බෝන් අගේන් දළඹුවාත් මීට ටික වෙලාවකට කලින් ලංකාවට ආවා සිංගප්පූරුවේ ඉඳලා.

:       0       6

Always break down Wednesday, 29 November 2023 12:32 PM

බැරි මරගාතෙත් සේනා දලඹුවා ඊයේ රජරට පැත්තේ පාසලකට ගිහිල්ලලු...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site