IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සේනසිංහ මාධ්‍යවේදීන්ගෙනුත් දේශපාලන දැනුම ඉල්ලයි

දේශපාලනය පිළිබඳ කිසිදු දැනුමක් නැති නළු නිළියන්ට, මාධ්‍යවේදීන්ට නාමයෝජනා දෙනවාට තමන් විරුද්ධ බව හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

කොළ නිල් රතු කණ්ණාඩිවලින් පමණක් නොබලා කුමන පක්ෂයක වුවත් වංචා දූෂණයෙන් තොර බුද්ධිමත් අයට මනාප ලබාදීමට ජනතාව ක්‍රියා කළ යුතු බව ද හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

පාර්ලිමේන්තුවේ තරුණ නියෝජනයද වැඩි කළ යුතු බව කී  නියෝජ්‍ය අමාත්‍යවරයා මනාප තුනෙන් එකක් දක්ෂ උගත් තරුණයන්ට ලබාදීමට සියලූදෙනා ක්‍රියා කළ යුතු බව ද සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘මනාප තුනෙන් එකක් තරුණයින්ට‘ යන තේමාව යටතේ කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ලංකා තරුණ සංවිධාන ජාලය මගින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා මහත්වරු ද ඊට එක්ව සිටියහ.

_DSC0810 _DSC0821 _DSC0835 _DSC0855



අදහස් (0)

සේනසිංහ මාධ්‍යවේදීන්ගෙනුත් දේශපාලන දැනුම ඉල්ලයි

විනීත Saturday, 11 July 2015 05:27 AM

මම එක්සත් ජාතික පක්ෂයට ලැදි අයෙක්. නමුත් මම මේ ශාන්ත බණ්ඩාර ගැන යම් පැහැදීමක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩක් වයසක අයට වඩා ශාන්ත බණ්ඩාර පරිණතව කථා කරනවා. අගය කළ යුතුයි. මොනවා උනත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ඔහු වගේ අයෙක්ව ඉදිරියට ගැනීම අගය කළ යුතුයි. හැබැයි ඔබ සමග ඉන්නේ නම් හොරු. ඔබ සිටිය යුත්තේ යුඑන්පී එකේ.(නදී)

:       0       0

කෝලිත Friday, 10 July 2015 04:29 PM

ඒ විතරක්ම නෙමෙයි, රට ජාතිය ගැන හැඟීමක් ති‍බෙන, කොන්දක් තිබෙන අයත් වෙන්න ඕනෑ (නි)

:       0       0

ශාන් Saturday, 11 July 2015 06:04 AM

මමත් 100% එකඟයි ඔබතුමා සමග (නදී)

:       0       0

සුරන් Saturday, 11 July 2015 07:22 AM

දේශපාලකයෙක් වෙන්න තියෙන හොදම සුදුසුකම අවංක වීම , රටට ජනතාවට ආදරය කිරීම. මෙම සුදුසුකම් නැතිව ආචාර්ය පට්ටම් තිබුනට වැඩක් නැහැ. සමහර උගත් දේශපාලකයෝ තමාගේ උගත් කම අහුනොවෙන විදිහට හොරකම් කරන්න යොදාගන්නවා. (අ)

:       0       0

භාතිය Saturday, 11 July 2015 07:29 AM

යුද්ධය අවසන් වුණු දවස අමතක ඇමැතිවරුන්ට නාම ය‍ෝජනා දෙනවාට අපිත් විරුද්ධයි. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 11 July 2015 07:47 AM

ජයන්ත දන්නේ නැද්ද? උතුරු පළාතේ මාධ්‍ය සේවයේ යෙදී සිටියදී ලොකු හොරකමකට චෝදනා ලත් අයෙකුත් මෙවරත් ඡන්දෙට සන්ධානෙන් ඉදිරිපත් වෙලා ඉන්නවා. (අ)

:       0       0

මහානාම Friday, 10 July 2015 12:18 PM

100% එකගයි ඔබතුමා සමග .(හේ)

:       0       0

විජයබාහු Friday, 10 July 2015 12:34 PM

ක්‍රිඩකයන්ටත් නාම යෝජනා ලබා නොදිය යුතුයි.(හේ)

:       0       0

අබේරත්න-ටෝකියෝ Friday, 10 July 2015 12:41 PM

වැඩි දෙනෙකුගේ අදහසත් එයමය. (නි)

:       0       0

සංජීව Friday, 10 July 2015 12:48 PM

බොරුකාරයන්ටත් එපා! (නි)

:       0       0

රොහනා Saturday, 11 July 2015 08:37 AM

උක්කුන් පුතා උක්කුන් බිබී ම ඉන්න ඔය මොනවද දන්නේ. (අ)

:       0       0

නවරත්න Friday, 10 July 2015 01:01 PM

නමුත් අත්දැකීම් වලින් පිරිපුන් අය ඉන්නවා,දැනුම නැති (නි)

:       0       0

දමිත Friday, 10 July 2015 11:34 PM

සුදුස්සන් කවුද කියලා මහජනතාව තීරණය කරාවි (නි)

:       0       0

චමිලා Friday, 10 July 2015 01:23 PM

ඉස්සර හිටිය නළු නිළියෝ වගේ නෙමෙයි, දැන් අය අන්තයටම පිරිහිලා.එයාලට සැපට ඉන්න ආදායම් මාර්ගයක් නැතිවෙනකොට හොඳම දේ තමා දේශපාලනයට රිංගලා මහජන මුදලින් ජීවත්වෙන එක (නි)

:       0       0

ජිම් Friday, 10 July 2015 01:24 PM

ඉතාමත් වටිනා අදහසක්. අපි ඔබ සමඟයි (නි)

:       0       0

ඉන්දික Saturday, 11 July 2015 01:20 AM

හැමෝටම කියන්න තියෙන්නේ ඡන්දය ඉල්ලන එක ඕනෑම මනුස්සයෙකුගේ අයිතිවාසිකමක්. ඡන්දය දෙන නොදෙන එක අපේ වැඩක්.කාලය නාස්ති නොකර ගිහින් මිනිසුන්ට සේවය කරන්න (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 11 July 2015 01:41 AM

මෙතැනදී අවශ්‍ය වෙන්නේ තමන් දරන සමාජ තනතුර කුමක් වුවත්,තමන්ගේ උගත්කම සහ දේශපාලනය ගැන හැදෑරීමක් හෝ මනා පළපුරුද්දක් තිබීමයි (නි)

:       0       0

ඩොනල්ඩ් Friday, 10 July 2015 02:24 PM

නවරත්න මහත්තයෝ, ඔබතුමාගෙ කතාව හරියට හබල තිබුණට ඔරු පදින්න දන්නෙ නැති කෙනෙකුට ගඟ හරහා ඔරු පදින්න ඉඩ දෙන්න කියනවා වගේ කතාවක්නෙ ! (නි)

:       0       0

ශාන් Saturday, 11 July 2015 03:59 AM

හොරුන්ට, කුඩුකාරයින්ට ඡන්දය දෙන්න එපා (නදී)

:       0       0

ජයන්ත Friday, 10 July 2015 02:58 PM

ඇයි නළු නිළියන්, පුවත්පත් කලාවේදීන් බුද්ධිමත් නැද්ද? ගරු කාදිනල්තුමා මේකට හොඳ පිළිතුරක් දී තිබුනා අද. (නි)

:       0       0

සනත් විජේතුංග Saturday, 11 July 2015 04:11 AM

වයස හතලිහ පැනපු අයට කියන්නේ තරුණයෝ කියලද ? (නදී)

:       0       0

උක්කුන් පුතා Saturday, 11 July 2015 04:26 AM

දේශපාලකයන්ගේ දැන් අලුත්ම සෙල්ලම අරයට මෙයට ජන්දය ඉල්ලන්න දෙන්න එපා කීම. මෝඩයෝ, ජන්දය ඉල්ලීමට ඕනෑම කෙනෙකුට අයිතිවාසිකමක් තියෙනවා වගේම ජන්දය දැමීම රටේ පුරවැසියන්ගේ අයිතිය. එ්කටත් විදින්නද හදන්නේ? (නදී)

:       0       0

දමින්ද Friday, 10 July 2015 03:13 PM

කියන දේවල් ඔක්කොම හරි.(හේ)

:       0       0

දුමින්ද Friday, 10 July 2015 03:12 PM

ඔතන ඉන්න කීදෙනෙක්ට සුදුසුකම් තියෙනවාද?(හේ)

:       0       0

රවි බණ්ඩාර Saturday, 11 July 2015 05:15 AM

එජාප යේ හිටපු ගාමිණී පොන්සේකාත් බුද්ධිමත් නැද්ද? පරිණත නැද්ද? නීතිවේදියෙක් උනාට හිතන්නෙ නැතිව කරපු අමනෝඥ කතාවක් (නදී)

:       0       0

වීරා Saturday, 11 July 2015 05:21 AM

රත්තරන් කතාව. (නදී)

:       0       0

පීරිස් Saturday, 11 July 2015 05:24 AM

ඕනෙම කෙනෙකුට ඡන්දෙට ඉල්ලන්න අයිතිය තියෙන බව ඇත්ත. නමුත් නළු නිලියෝ, ක්‍රීඩකයෝ වගේ අය පර්ලිමෙන්තුවට ආව කියල ජනතාවට සෙතක් නැහැ. එයාල දන්නා දේශ පාලනයක් නැහැ එන්නේ සල්ලි හම්බ කර ගන්න විතරයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site