IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘සුනිල සංග‍්‍රාමයේ’ තීන්දුව දීම පාසල් ක‍්‍රිකට් සංගමයට පවරයි

විනිසුරු තීරණයක් පිළිබඳව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් අත්හිටුවූ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ ශ්‍රී දේවානන්ද විදුහල අතර 47 වැනි ‘සුනිල සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ තීරණය ලබාදීම පාසල් ක‍්‍රිකට් සංගමයට යොමු කර තිබේ.
අම්බලන්ගොඩ නගර සභා ක‍්‍රීඩාංගණයේදී අද (17) දෙවැනි දිනට පැවැති මෙම තරගය අවසන් වීමට පැයයි විනාඩි 20 ක පමණ කාලයක් ඉතිරිව තිබියදී දේවානන්ද විදුහල් පිල පන්දු රැකීමට නොපැමිණීම හේතුවෙන් විනිසුරුවෝ තරග අත්හිටුවීමට පියවර ගත්හ.
ධර්මාශෝක විදුහල කඩුලූ 8 ක් අතැතිව ජයග‍්‍රහණයට ලකුණු 87 ක් මෑතින් සිටියදී කඩුලූ රකින්නා උඩ පන්දුවක් රැුක ගත්තේ යැයි ඉල්ලීමක් කළ අතර අනතුරුව දේවානන්ද විදුහල් පිල විනිසුරුට විරෝධය දක්වා හතරේ සීමාව අසළ පැමිණියේය.

දේවානන්ද විදුහල පළමු ඉනිම 104 (මහේෂ් සංජීව 26, රිසිත තීක්‍ෂණ 19, රමේෂ් මෙන්ඩිස් 36/4, යොහාන් ද සිල්වා 29/2, සුදාර දේශාන්ත 16/3) සහ දෙවැනි ඉනිම 195 (දසුන් කාංචන 71, තිලක්‍ෂ දිල්හාන් 29, රිසිත තීක්‍ෂණ 29, යොහාන් ද සිල්වා 61/8, රමේෂ් මෙන්ඩිස් 83/2)

ධර්මාශෝක විදුහල පළමු ඉනිම කඩුලූ 2 ට 144 (තනුර හැළඹගේ නොදැවී 50, චතුර උමයංග 40, අදීෂ සිලංජන 34) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 68 (චතුර උමයංග නොදැවී 39, අදීෂ සිලංජන නොදැවී 21)

 



අදහස් (0)

‘සුනිල සංග‍්‍රාමයේ’ තීන්දුව දීම පාසල් ක‍්‍රිකට් සංගමයට පවරයි

ප්‍රසන්න Monday, 18 March 2013 01:14 PM

කරුණාකර සාධාරණ තීන්දුවක් ලබාදෙන්න. (නි)

:       0       0

සිල්වා. Monday, 18 March 2013 10:28 PM

තරඟයකදී දෙපිලටම ජය ගන්න බැහැ .ජය පැරදුම දෙකම විඳ දරා ගන්න පුළුවන් කමක් ක්‍රීඩකයින්ට තියෙන්න ඕනේ.ක්‍රීඩාවේ පරමාර්ථයත් විනයගරුක භාවයයි .විනයක් පවත්වගෙ ක්‍රීඩා කල නොහැකිනම් ක්‍රීඩාව නොකලට කමක් නැහැ.මට හිතෙන විදියට තව දුරටත් මෙම මහා ක්‍රිකට් තරඟය පවත්වන එක තේරුමක් ඇති වැඩක් නොවේ. අතීතයේ පැවතී තරඟ වලදිත් දේවානන්ද විදුහල පැත්තෙන් අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිකර තරඟ අතර මැදදී නතර කරපු අවස්ථා තිබුන.මේකනම් තත්වය මේ විදියට තරඟ පවත්වන එකේ තේරුමක නැහැ. පරමාර්ථය එටු වීමක් සිදුවෙන්නේ නැහැනේ. නොගැලපීම තමයි තියෙන එකම ගැටලුව. එක තේරුම් ගෙන කටයුතු කිරීම තමයි නුවනට හුරු. (අ)

:       0       0

රොෂාන් Monday, 18 March 2013 05:04 PM

සාධාරණ පිළිතුරක් දෙයි කියා හිතනවා (දී)

:       0       0

අසංක Monday, 18 March 2013 01:43 PM

සිසුන්ට අසාධාරණයක් කරන්න එපා (දී)

:       0       0

යොහාන් Monday, 18 March 2013 02:26 PM

සාධාරණයයි වැදගත් (දී)

:       0       0

ගයාන් Tuesday, 19 March 2013 12:37 AM

සාධාරණ තීන්දුවක් බලා පොරොත්තු වනවා (දී)

:       0       0

ශානිකා Monday, 18 March 2013 12:35 AM

මමත් ගියේ ධර්මාශෝකේට තමයි. කවුරු කළත් වැඩේ ලැජ්ජයි. ක්‍රිකට් ගහන්න කලින් මනුස්සයෝ වගේ හැසිරෙන්න ඉගෙන ගන්න ඕනෑ. (නි)

:       0       0

තාරක Tuesday, 19 March 2013 05:42 PM

ජයවේවා (දී)

:       0       0

සම්පත් Monday, 18 March 2013 12:43 AM

මමනම් කියන්නේ මේ ප්‍රශ්න දිගින් දිගටම යනවනම් පාසල් ක්‍රිකට් තරඟ නවත්වන්න ඕනේ (දී)

:       0       0

අමිල Monday, 18 March 2013 11:10 AM

ඊළඟ ප්‍රවෘත්තිය මොකක් වේවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

රංග Monday, 18 March 2013 03:34 PM

මමත් එකඟයි (දී)

:       0       0

සිල්වා Monday, 18 March 2013 03:35 PM

වැදගත් තීරණයක් (දී)

:       0       0

සුනිල් Tuesday, 19 March 2013 08:31 PM

අනේ මෙහෙමත් ක්‍රිකට්? (නි)

:       0       0

පමිත Monday, 18 March 2013 12:19 PM

ධර්මාශෝකේ 100 වෙනි සංවත්සරේ නිසා විනිසුරුවන්ට සල්ලි දීලා හරි දිනන්න බැලුවා. ඒ පාර සංගමේටත් දෙවී. ඊයේ හවස ධර්මාශෝකේ විතරයි තැගි පුදාගෙන ඒ අය විසිරුනෙත් ඒ නිසයි. ලජ්ජයි ධර්මාශොකේ කරන වැඩ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site