IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිනමා කලාකරුවන්ට ණය යෝජනා ක්‍රමයක්

(අංජුල මහික වීරරත්න)

මෙරට සිනමා කර්මාන්තයේ නියුතු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට පියවර ගන්නා බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා පැවසීය.

එසේම සිනමා කර්මාන්තයේ සහ කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් පොදුවේ අයවැයකට හෝ ප්‍රතිපත්ති මාලාවකට ඉදිරිපත් කළ හැකි පොදු යෝජනා මාලාවක් සකසා   රජයට ලබා දෙන ලෙස ද සමරතුංග  මහතා කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. 

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා මේ බව කීවෙි  මෙරට සිනමාව නවීන ලෝකයට ගැලපෙන ලෙස යාවත්කාලීන කිරීම සහ කේෂ්ත්‍රයට සම්බන්ධ ශිල්පීන්ගේ වෘත්තීය අනාගතය සුරක්ෂිත කිරීම සම්බන්ධව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මෙහිදී පැවසූයේ 

කලාකරුවන් වෙනුවෙන් වෛද්‍ය රක්ෂණය  ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා ලබාදීමට හැකියාවක් තිබෙන බවයි.

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සුගත් සමරකෝන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් වන පද්මසිරි කොඩිකාර, රාජ් රණසිංහ,රංගන ශිල්පීන් වන අර්ජුන් කමලනාත්, වසන්ත කුමාරවිල, නදීකා ගුණසේකර ඇතුළු සිනමා කර්මාන්තයේ නියුතු කලාකරුවෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (3)

සිනමා කලාකරුවන්ට ණය යෝජනා ක්‍රමයක්

Aruna Sunday, 07 April 2024 02:17 PM

ලොකුම පොලුවලින් තමයි ඉවර වෙන්නේ...!

:       0       6

Kazi Shajahan Sunday, 07 April 2024 03:53 PM

ඔන්න ළඟදීම බලාපොරොත්තු වෙන්න... ඔබට ළඟම ඇති සිනමා හලේ ‘‘කලාකාරයෝ නලාකාරයෝ වෙයි.. ‘‘ චිත්‍රපටිය ඔබත් නරඹන්න.

:       0       2

ranjith Sunday, 07 April 2024 04:13 PM

තම ආත්මය රුපියල් ශත වලට, ඡන්දෙට පාවාදෙන කලාකරුවන් ලෙස වෙස්වලාගත් නිකමුන් තවමත් මේ රටේ ඉන්නවා !!!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site