සුනාමියෙන් මියගොස් කරාපිටිය රෝහලට ගෙනවිත් තිබූ හඳුනාගත නොහැකි වූ මළ සිරුරු 2000ට ආසන්න ප්‍රමාණයක් මිහිදන් කළ ගාල්ල අක්මීමණ කුරුඳුවත්ත සමූහ මිනී වළ ආසන්නයේ ඉදිකර ඇති සුනාමි ස්මාරකය අසළ අද සුනාමියෙන් මියගිය සියළුදෙනා සිහිපත් කැරිණි.
රජය සතුව ඇති කුරුඳුවත්ත ඉඩමේ මෙලෙස සිරුරු සමූහ වශයෙන් වළලනු ලැබීය. ඉන් අනතුරු ඒ ඉඩමෙන් කොටසක් පුද්ගලික ආයතනයක් විසින් මිලදී ගනු ලැබිණි. සමූහ මිනී වළ තිබූ ස්ථානය රජය සතුව ඇතත් එම ඉඩම අක්මීමණ ප්‍රාදේශීය සභාව විසින් කුණු ගෙනවිත් දැමිමට යොදා ගන්නා ලදී.
මෙයට ගැමියන්ගේ මෙන් ම රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ විරෝධතාව ද දිගින් දිගටම එල්ල විය. අධිකරණ වෛද්‍යවරුන්ගේ මතය වූයේ සමූහ මිනී වළක් ඇති ස්ථානයක් අධිකරණමය වශයෙන් පවා වැදගත් බැවින් එතැන කුණු දැමීමට සුදුසු නොවන බවයි.
කෙසේ වෙතත් පසුගිය වසරේ දී සමූහ මිනී වළ පිහිටි ස්ථානයට ඇතුළුවන තැන සුනාමි ස්මාරකයක් ඉදිකැරිණි. සිරුරු මිහිදන් කරන ලද්දේ මේ ස්ථානයට තරමක් ඈතිනි.
මෙවර සුනාමිය සැමරුම් දිනය ආසන්න වනවිට සුනාමි ස්මාරකය අවට වල් බිහි වී තිබූ අතර සුනාමි සිරුරු 2000ක් පමණ වැළලූ සමූහ මිනී වළ පිහිටි තැනට යා නොහැකි පරිදි ප්‍රාදේශීය සභාව විසින් කුණු ගොඩගසා තිබිණි.
රුහුණ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය හා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ යූ.සී.පී.පෙරේරා මහතා කියා සිටියේ මෙතැන මිහිදන් වී සිටින මිනිසුන්ට නිසි ගෞරවය නොදැක්වීඹ කණගාටුදායක කරුණක් බවයි.
‘‘සුනාමි සැමරුම් කරනවා. ලොකුවට කරන උත්සව තිබුණත් මෙතැනට අවධානයක් යොමු වන්නේ නැහැ. මේ ස්ථානයේ මිහිදන් කර තිබෙන්නේ හඳුනා නොගත් දේශීය හා විදේශීය ජනතාවගේ සිරුරු. එය අධිකරණමය වශයෙන් ද ඉතා වැදගත් දෙයක්. මේ විදියට කුණු ගොඩගසා එම ස්ථානයට යා නොහැකි තත්ත්වයට පත්ව තිබීම කණගාටුදායකයි. “
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුනාමියෙන් මියගිය අයට නිසි ගෞරවය නෑ
සරත් Monday, 28 December 2015 04:38 AM
ඕවට නිකන් කලබල වෙන්න එපා. මේක අපේ ලංකාවනේ (නි)
එරංග Monday, 28 December 2015 05:09 AM
සමහර ඡායාරූප හරිම සංවේදියි (නි)
කරුණාරත්න Monday, 28 December 2015 05:38 AM
මේවා ගැන අපි කතාකරන වචන ටිකත් අපරාදේ (නි)
නවීන් Saturday, 26 December 2015 06:20 PM
අක්මීමණ ප්‍රාදේශීය සභාවේ ඉන්න අයට මේව පේන්නේ නැද්ද? (ස)
සහන් Sunday, 27 December 2015 01:37 PM
අක්මීමන සභාපති ගැන අපි දන්නවා එයාට විරුද්ධව නඩුත් තියෙනවා (බ)
රාජේශ් කන්නා Saturday, 26 December 2015 09:58 PM
ඉන්න කාලෙ නොකරන ගෞරව මළාට පසුව වැඩක් ඇතෙයි. දැන් ඔය හදල තියෙන ස්මාරකය අගය කරන්න බැරි සුව නොවන අසනීප තිබෙන අයට වෙන්න බැරිද? මේ ස්මාරකය හදන්න කීයක් ගියාද දන්නෑ නේද? කුණු ගැන නම් කියල වැඩක් නැහැ. අපේ රටේ කොහෙද හරි තැනක කුණු දාන්නෙ. (ස)
තිස්ස Sunday, 27 December 2015 02:13 AM
නිවන් දක්නා ජාති දක්වා කිසිදු කෙනෙකුට මෙවන් විපතක් නොවේවා...!!! (නි)
පෙරේරා Sunday, 27 December 2015 06:42 AM
සමහර ඡායාරූප දැක ඇස් දෙකට කඳුළු ආවා. මෙවන් විපතක් කිසි කෙනෙකුට නොවේවා, අප අතරින් වෙන්වුණු ඔබ සැමට මොක් සුව ලැබේවා. (බ)
කිංග්ස්ලි පෙරේරා Sunday, 27 December 2015 07:14 AM
අපේ මිනිස්සුන්ට හැමදේම මතක තියෙන්නේ ටික කාලයයිනේ. ඉපදෙන හැම භවයකදී මෙවන් විපත් නොම වේවා.! (ර)
පෙරේරා Monday, 28 December 2015 02:41 AM
නැවත ශ්‍රී ලංකාවට මෙවන් විපත් නොවේවා! (නි)