IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සනිපාරක්ෂක තුවා මිල අඩු කිරීම ගැන ජනපතිගේ අවධානයට

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සනීපාරක්ෂක තුවා මිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ අවධානය යොමුව තිබෙන බව තමාට දැනගන්නට ලැබුණි යැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

වරාය හා ගුවන් සේවා බදු ,රේගු ගාස්තු,සහ සෙස් බදු  ආදිය අඩු කෙරුණු විට පරණ මිපටම සනීපාරක්ෂක තුවා විකිණීමට වෙළෙන්දන්ට සිදුවෙනු ඇතැයි ද ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.

සනීපාරක්ෂක තුවා මිල ඉහළ යාම සම්බන්ධයෙන් තමා ලිපියකින් ජනාධිපතිවරයා දැනුවත් කළ බව ද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.

රුපියල් 150 ට සනීපාරක්ෂක තුවා මාස්පතා ලබාදෙන්නට ලංකාවේ නිෂ්පාදකයෙක් කැමති වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.

දැන් තිබෙන්නේ  මුදල් අමාත්‍යංශය මගින් අදාල මිල අඩු කිරීම් සම්බන්ධව ගැසට් නිවේදන නිකුත් කරවා ගැනීම  බවද රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.



අදහස් (8)

සනිපාරක්ෂක තුවා මිල අඩු කිරීම ගැන ජනපතිගේ අවධානයට

ganegoda Wednesday, 21 September 2022 04:28 PM

ලොකු සනීපාරක්ෂක තුවායක්, අමුඩ ලේන්සුවක් වශයෙන් භාවිතා කිරීමට කාලය උදාවී ඇත. උත්සාහ කරලා බලන්න. ඔයාටත් මේක නරක අදහසක් නෙවෙයි.

:       0       0

podi mole Wednesday, 21 September 2022 05:11 PM

ඕකට අතගහන්නේ පරිස්සමෙන් පුතෝ. එක්කෙනෙකුත් ජනාධිපතිවරණයේදී ඕක කියලා නාගත්තා...

:       23       3

බද්රානි Wednesday, 21 September 2022 07:33 PM

ඉතාම හොඳ දෙයක්... ගෝත්‍රික අදහස් තියන ජනාධිපතිලා වගේ නොවෙයි, රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියා මම හිතනවා. පහුගිය කාලේ කාන්තාවන්ව රවට්ටලා ඡන්දෙ ගන්න එක හාදයෙක් ඔය ගැන වේදිකාවේ මොර දුන්නා. දැන්නම් ඔහුට ඒ ගැන මතකත් නැහැ.

:       0       0

Piyasingha Wednesday, 21 September 2022 08:06 PM

ඔබ එය ගැන කතා නොකරන්න.. ඔබට එය අවශ්‍ය දෙයක් නෙවෙයිනේ...!

:       0       0

Kumara Wednesday, 21 September 2022 11:05 PM

තවත් ලැජ්ජා නෑ වගේ....

:       0       0

chandima Thursday, 22 September 2022 12:25 AM

ඔබ තුමියට ඕක කරන්න පුළුනි. උත්සාහ ගන්න. කෝ අර ආණ්ඩු පෙරලන්න ජනාධිපති මන්දිරේ දොරකඩට ගිහින් හාලි කට අරන් බෙරිහන් දීපු කට්ටිය. ඕකට හවුල් වෙන්නේ නැතිද? සමහර විට එයාට තව ඕන නැතුව ඇති.

:       1       4

randilThursday, 22 September 2022 10:08 AM

ඔව්, ඔව් එතුමියට පුළුවන් මේ අයට ලැජ්ජා නැතිව කියන්න. රට කාලා කාලා කන්නවත් නැති කරලා මේ රටේ වහල්ලු තම දේශපාලනය කරන ඇත්තන්ට වඩා රට කෑවේ. තවත් ඒ අයව අනුමත කරනවා. මෙයා මොන දැනුමක් තියෙන කෙනෙක්ද? සජිත් පෑඩ් නිකන් දෙන්න ගියාම හිනාවුණු අය ගීතාට කවි ලියනවා.

:       0       0

Bamunuarachchi Thursday, 22 September 2022 05:45 AM

තවත් දෙයක් තිබෙනවා.. අඩු මිලට හෝ නොමිලේ දෙනවා නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site