IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘සන්ධානේ අය බලු කපුටු ආත්මෙන් මුදා ගන්න අලියාට ඡන්දෙ දෙන්න‘

රාජ්‍ය දේපල හොරා කන අය මීළඟ ආත්මයේදී බල්ලන් කපුටන් වී උපදින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින්ට ඡන්දය දුනහොත් ඔවුන් ළඟ ආත්මයේදී බල්ලන් හා කපුටන් වී උපදින බැවින් ඔවුන්ට අනුකම්පා කර ඡන්දය නොදී බල්ලන් කපුටන් වී ඉපදීමෙන් ඔවුන්ව මුදවා ගන්නා ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මහනුවර පැවැති  මංගල ප්‍රචාරක  රැළිය අමතමින් පැවසීය.

ලබන අගොස්තු 17 වැනිදායින් පසුව බිහිවන එජාප ආණ්ඩුවෙන් ආර්ථික සංවර්ධන කලාප 45 ක් රට පුරා ආරම්භ කර කර්මාන්ත මෙන්ම  තාක්ෂණය ගෙනවිත් තරුණ තරුණියන් ලක්ෂ 10 කට රැකියා ලබා දෙන බවත් අගමැතිවරයා එහිදී කීවේය.

web



අදහස් (0)

‘සන්ධානේ අය බලු කපුටු ආත්මෙන් මුදා ගන්න අලියාට ඡන්දෙ දෙන්න‘

ජයන්ත Wednesday, 15 July 2015 06:35 AM

දුමින්ද, එයාල ඔක්කොම සාන්තු වරු. බලමුකෝ අපි ඡන්දයෙන් පස්සේ. මෙය තව පාරක් විපක්ෂ නායක. (ම)

:       0       0

ශානක Wednesday, 15 July 2015 06:42 AM

ඉඟුරු දීලා මිරිස් ගන්න හොඳ නෑ (බ)

:       0       0

සිරිමල් Wednesday, 15 July 2015 06:42 AM

ඔබතුමා තමයි වෙළද කලාප සංකල්පය ගෙනල්ල ලංකාවේ විශාල රැකියා සංක්‍යාවක් ඇතිකළේ. ඔබතුමා පිටරටින් ගිනි පොලියට ණය අරගෙන බඩු මිල වැඩි කළේ නැහැ ඒවා කරන්න. මේ රැකියා ලක්ෂ 10 වැඩපිළිවෙල ඔබතුමාට සුළු දෙයක්. ඉටු කොට කළ යුතු යුතුකම් , ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුබයි මගේ පුතා උතුම්. පිරිසිදු නායකයාට තෙරුවන් සරණයි. (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 15 July 2015 06:45 AM

බලු කපුටු දානය සංධානයට වාගේම එජායේත් කොටසකට දෙන්න වෙනවා , කරුන්කා සොරුන් , තඹ හොරුන් වාගේ අයටත් . බාන්ධනාගාර සොරුන්ටත් (අ)

:       0       0

වින්සන්ට් Wednesday, 15 July 2015 06:49 AM

තම පක්ෂයෙත් ගලවා ගැනීමට බලු කපුටු ආත්ම ඇති බව තේරුම් ගත යුතුයි. මේ නිසා රටම බලු කපුටු ආත්ම වලින් ගලවා ගැනීමට මෙවර ජනතාව බුධිමත් වෙනවා ඇත. (අ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 15 July 2015 06:50 AM

අනේ ඉතින් අපි කැමතියි...එ්ත් ඉතින් ඔයාලට දුන්නම ඔයාල බලු කපුටෝ වෙලා උපදින එක ගැන ඊට වඩා දුකයි..ඒ හින්ද එයාලටම දෙන්නම්..යන්න මහත්තයෝ යන්න..ඊයේ ජනාධිපති තුමාගේ කතාවෙන් කිව්වා ඔබ තුමාට මහබැංකු අධිපතිව ඉවත් කරන්න කිව්වා කියල..ඒක කලේ නැහැ කියන්නේ දැන් ඔබ තුමා පරක්කු වැඩියි..(බ)

:       0       0

ජනක Wednesday, 15 July 2015 07:04 AM

ලබන ආත්මේ බල්ලන් කපුටන් වෙන්න ඡන්දෙ දෙන්න වෙයි (බ)

:       0       0

අබේරත්න ටෝකියෝ Wednesday, 15 July 2015 12:41 PM

අර මහා බැංකු හොරා කාපු අය ඉපදෙන්නේ මොකුන් වෙලාද (අ)

:       0       0

නිසිත Wednesday, 15 July 2015 07:06 AM

එතකොට තව තව අය වෙලා ඉපදෙන්නේ මොනවගේ අයද?(බ)

:       0       0

ඉමාල් Wednesday, 15 July 2015 10:26 AM

මෙරට පැවැත්වෙන තීරණාත්මක ම මැතිවරණය ආරම්භ වී ඇත. රටේ ස්වෛරිභාවය ඒකීයත්වය ආදිය අගොස්තු 17 වැනි දා තීරණය වනු ඇත.සියළු දේශීය හා විදේශීය විජාතික බලවේග මහින්දට විරුද්ධ ව පෙළ ගැසී ඇත. රාජ්‍ය නොවන ගැත්තෝ මහින්දට විරුද්ධ ව කුරුණෑගල ගෙන් ගෙට යති. බටහිර හා ඉන්දීය ඔත්තුසේවා නිලධාරීහු සිය අමන කාර්යයන්හි යෙදී සිටිති. චම්පක වැන්නන්ගේ රෙදි පිළි ගැළවී අහසේ පාවී යයි. රතන හිමියන්ගේ හා ඕමල්පේ හිමියන්ගේ බොරු කතාවලින් උන්වහන්සේලාගේ පාවාදීම වසාගත නො හැකි ය. එක්සත් ජනතා සංධානයේ ලැයිස්තුවල දේශප්‍රේමීන්ට අමතරව ද්‍රෝහියෝ ද සිටිති. එක්සත් ජනතා සංධානයේ ජාතික ලැයිස්තුව අච්චාරුවකි. එහි ඉන්දීය ඔත්තු සේවාවේ අය ද චන්ද්‍රිකාගේ නියෝජිතයෝ ද මෛත්‍රිපාලගේ නියෝජිතයෝ ද මහින්දගේ නියෝතජියෝ ද වෙති. ඝාතනය කෙරුණු ශ්‍රී ල නි පක්‍ෂයට පැහැදිලි නායකත්වයක් නැත. මේ සියල්ලන්, ශ්‍රී ල නි පක්‍ෂයේ චන්ද්‍රිකා, එස් බී, මෛත්‍රිපාල ආදී ඇතැමුන් ද ඇතුළුව, මහින්දට විරුද්ධ වන්නේ ඊනියා දූෂණ, භීෂණ ආදිය නිසා නොවන බව කුඩා දරුවකුට වුවත් අවබෝධ විය යුතු ය. එ ජා පක්‍ෂයේ එක් දූෂිතයකුවත් සොයා ගැනීමට නොහැකි තරමට ඒ පක්‍ෂය පිරිසිදු ද? රනිල් කෙතරම් වෑයම් කළත් මහා බැංකු වංචාව වසන් කිරීමට නො හැකි ය. රනිල්ගේ මට්ටමේ වංචාවක් කළ අයකු මෙරට ඉතිහාසයේ නැත.(ස)

:       0       0

ච්ප්‍රසඩ් Wednesday, 15 July 2015 10:32 AM

ඔය යක්කු බුද්ධාගම ඔලුව උඩ තියාගෙන් ඉන්නවා වගේ පෙන්නුවට ඕව විශ්වාස කරනවානම් මේ විදිහට හොරකම් කරයිද? (ස)

:       0       0

දුමින්ද Wednesday, 15 July 2015 05:26 AM

ඔබතුමාගේ පක්ෂයේ ඉන්නේ සාන්තුවරු පමණද ? (ම)

:       0       0

බණ්ඩාර Wednesday, 15 July 2015 05:37 AM

කොහොමටත් මේ ආත්මෙදිත් හරි හමන් දෙයක් නැහැ දැනටත් බලු වෙලානේ ඉන්නේ ,ඡන්ද 29 ක් පැරදිලා බැදුම්කර වංචා කරපු ය බල්ලෝ කපුටෝ වෙන්නේ නැද්ද දන් නැහැ ඒවා සල්ලි නෙවෙයි ද ? (බ)

:       0       0

සෆ්රන් Wednesday, 15 July 2015 05:36 AM

ජයවේවා !!! (බ)

:       0       0

ඉන්දික Wednesday, 15 July 2015 11:34 AM

මහා බැංකුව හොරා කපු එවුන් අනුන්ට ඇගිල්ල දිගු කරනවා විලි ලජ්ජා නැතිව. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site