(අංජුල මහික වීරරත්න)
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්ම මහත්මීන්ට එජාප නායකයා විසින් සමගි ජන බලවේගයට ආරාධනා කිරීමේ වගකීම පවරා ඇත.
එමෙන්ම ඉදිරි මහ මැතිවරණයට සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට ද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත .
එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගෙන තිබෙන්නේ කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ අද (23) පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල හමුවේදීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් මොලේ පෑදුනොත් හොදයි
ගියොත් සජබෙත් ඉවරයි
හොරු හොරු එකතුවෙලා ගේම ගහන්නයි සූදානම, අපිත් දැන් එකතුවෙලා ඉන්නේ බලමු දිනන්නේ කවුද කියලා....
ගියා නම් පාඩු ඉන්නේ නැතුව ආයෙත් එනවාද රට කන්න
ඕක කලින් කරන්න තිබුනේ.
බල තන්හාවේ කෙලවරක් නෑ. මැරුණත් පාර්ලිමේන්තුවේ භූතයෙක් වෙලා ඉදියි
අඩෝ. සර්පයෝ එකතුවෙනවද? අනුර, පළමුව හොරු හිරේ දාන්න. පස්සේ ඡන්දය තියන්න.
සමගි ජන බලවේගය මේ වෙලාවේ කලයුත්තේ මාලිමාව සමග එකතු වීමයි. රනිල් එක්ක අනාගතයක් නෑ.
සජබෙ මොනවටද එජාපෙට එකතු වෙන්නේ? එජාපෙට ඕනේ නම් සජබෙට එකතු වෙන්ට පුළුවන්.
.පින් ජනපතියා කලින් (ස.ජ.බ), එක්ක දීග කෑවා. ඒකත් නැති උනා. දැන් ආයෙමත් ස.ජ.බ.ට හේත්තු වෙලා ගොඩයන්ඩ හිතාගෙන ඇති .
ඒ ඔක්කොටෝම කලිං ඔය 'සදා ලොස්' මුත්තව මහලු නිවාසෙකට යවල ඉන්න.
මේ මජර දේශපාලකයන් මේතාක් කල් ඔවුන් විසින් ගොඩ නගපු මේ අන්ත දූශිත දේශපාලන සංස්කෘතිය තුලින් ඔවුන් අත් විදි අසීමිත බලය, වරප්‍රසාද, රාජ්‍ය දේපල අවබාවිතය, මහ ජන මුදල් ගසාකෑම්, කොමිශන් මුදල මුලික කොට ගෙන ක්‍රියාත්මක වන ව්‍යාපෘති, පවුල් බලය, දේශපාලන මැදිහත්වීම් මත සිදු කරන් පතිවීම්, රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී සිදු කරන දේශපාලන බල පෑම් ආදී සියලු අනීතික සහ අශිෂ්ට ප්‍රතිලාබ ඔවුන් ලෙහසියෙන් අත් නොහරින බව හොදින් මතක තබාගන්න.
මෙය කල යුතුව තිබුනේ මීට බොහෝ කාලයකට කලිනි. එහෙත් සජිත් ප්‍රේමදාසගෙ ඉවසීමක් නැති දෙශපාලන උවමනාව ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට පාර කැපු බව කිව යුතුමය. තලතා කියු දෙය අන්ධයාට කැපූ පාරක් මෙන් විය. එදා එකතු වුනේ නම් රනිල් ජනපති වී සජිත් අගමැති හෝ ජනපති විය හැකිව තිබුණි. සියලු දෙනාම තමන්ට පෙර රට පෙරටු කරගත යුතුය. දැන්වත් එකතු වී එ.ජා.ප. ප්‍රමුඛ රජයක් බිහි කරගත යුතුය. එය ඉතා ලෙහෙසියෙන් කළ හැකි බව ජනාධිපති මැතිවරණ ප්‍රතිඵල මඟින් තහවුරු කළේය. මිනිසුන් ඡන් දය දුන්නේ දුෂණය සහ භීෂනයට විරැද්ධව මිස ජ.වි.පෙ. ට හෝ අසාර්තක වමේ පාලනයකට නොවන බව සියලු දෙනා අවබෝධ කරගත යුතුය. එහෙත් දැන් කකුලෙන් නොඇද නව ජනාධිපතිවරයාට සහාය දෙමින් මේ ව්‍යායාමය ජයගත යුතුය.
මොනා කරන්නත් කලින් අනුරට පාර්ලිමේන්තුවේ 113 හදාගෙන ඉන්න වෙනවා. නාකී හම්පඩ වෙලත් බල තණ්හාව ඉවරයක් වෙන්නේ නැහැ.
රනිල් එක්ක එකතු වෙන්න එපා... ඔහු පරාජිතයි. සජිත්ට තනිවම කරන්න පුළුවන්...
UNP, SJB, රාජපක්ෂලා ඔක්කෝටම එකතු වෙන්න පුළුවන්. නමුත් අපි ජනතාව ඔවුන්ව නැවත පරාජය කරනවා. අනුර මහ-මැතිවරණය ඉක්මනින් නොපැවැත්විය යුතු අතර ඔහුට හැකි උපරිම කාලය ගත කළ යුතුය. එවිට ඔහුට ප්‍රගතිය පෙන්විය හැකියි. දූෂිත දේශපාලනය අපට එපාවෙලා. එය පිළිකුල් සහගතයි. සජිත්ට ඡන්දය දුන් ජනතාව එහි ප්‍රගතිය දැක NPP ට ඡන්දය දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. අනුර, විජිත වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට ඕනෑ.. ඇත්තටම මොලේ තියෙන, ගරුත්වයක් තියෙන, නීතියට සහ පුරවැසියන්ට ගරු කරන, රට ඉස්සරහට දාපු මිනිස්සු...
ගෝඨාභය ජනාධිපති වෙලා එයාගේ ඉල්ලීම පාර්ලිමන්ට් එකට හොඳ විද්වතුන් එවන්න... එම සහයෝගයම අලුත් ජනාධිපතිටත් දෙමු..
ගිය පාර සජිත්ගේ කකුලෙන් ඇදලා පැරැදුවා. මේ පාර පක්ෂය දෙකට කඩලා සජිත්ව පැරැද්දුවා. මෙයා ගාව ගත්තොත් ආයෙත් අවුරුදු 20කට ගොඩ එන්න බෑ...
2019 සජිත්ට පැරැද්දුවා. පොහොට්ටුව ජනාධිපතිකම දීලා පස්සේ ඒ අයවම වට්ටපු කෙනා. තාම ගෙදර යන්න අදහසක් නෑ වගේ
නායකයෝ වෙන්න දැඟලීම දැන්වත් නවතා ජනතා කැමැත්ත තියෙන පක්ෂ හෝ සංවිධාන සියල්ලම එක්සත්ව කටයුතු කරන්න ඕනෑ.. එක්සත් ජාතික පක්ෂය හා සජබ ඡන්ද පදනමක් තියෙන ප්‍රධාන පක්ෂ වෙනවා පොදුජන පෙරමුණේ ඡන්ද පදනමක් නැති බව පේන්නේ සමහර ප්‍රදේශවල 2019 තිබුණු සියලු ඡන්ද මෙවර මාලිමාව වෙනුවෙන් ලැබී තිබුණු හෙයිනි. ඒ නිසා රනිල් මැතිතුමා කියන දේ නොකළොත් කිසිදාක මාලිමාව පරදන්න බැරිවේවි... මොකද ලංකාවේ ජනතාව දුරදිග නොබලා සුනාමිය වගේ රැල්ලට යනවා...!
ස්වාධීන අපේක්ෂකයෙක් වශයෙන් ජනාධිපතිවරණයට තරඟ කළ රනිල් වික්‍රමසිංහ මහතා එජාපය නියෝජනය නොකළ අතර තවදුරටත් එජාපයේ රැඳී සිටීමට උත්සාහ දැරීම සදාචාරාත්මක නොවේ. කෙසේ වෙතත් ඔහු පසුගිය දෙවසර තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම්වල නිරතව සිටි බව සඳහන් කළ යුතුයි...!
මොවුන්ට අවශ්‍ය වන්නේ බලය ඇල්ලිම මිස රට රැකිම නොවේ. දෙපැත්තේම හොරු ඉන්න නිසා, හෙළුව එලි වීම වැළැක්වීමට එකතු වීමට බැරිමත් නැහැ. පාඨලීත් ඉව දාන්න හදනවා. ථෙරවාද බුදු දහම ගැන කිවුවත් රනිල් බලය අත හැරීමට කැමතිම නැහැ. අහෝ සජිත්, ඔයා පැත්තකට දාන්නයි සුදානම් වෙන්නේ.
පොහොට්ටු හොරුත් එක්ක එකතු වුනොත් සජප එකත් ඉවරයි එජාප එක නාමිකව සජව එකට එකතු කරා නම් ටිකක් ගොඩ එන්න පුළුවන් රනිල්ගේ නායකත්වයෙන් නම් කවදාවත් දිනන්න බෑ
මේකත් වජිර සූත්තර පුන්චාගේ දිරච්චි ලනුවක්ද .මිලියන 10 චන්ද අරන් දිනනවා කියලා අන්දවලා අන්තිමට උන වැඩේ
කස්ටිය ගේමක් දෙන්න හදන්නේ
දැන් ඇති . ගෙදරට වෙලා ඉන්න
හොරු ටික ඔක්කොම එකතුවෙන්නයි යන්නේ. දැන්වත් ජනතාවට මෙච්චර කල් මාරුවෙන් මාරුවට රට කාපු උන් ගැන ඇත්ත තේරුනොත් හොඳයි.
සජබයට සිරිකොත භාර දීම නේද වියයුතු. එකම නායකයෙක් අවුරුදු සීයක් උන්නාම පක්‍ෂ දියුණුවට මොකද වෙන්නේ.
හා එන්න එන්න,,,. එක මිටකට ගෙදර යවන්න.
මට වැල් පාලම නැතුව බැරියෝ.. බලය නැති නිසා විකුණගන්න දෙයක් නැතුව මට දැන් වැලේ වැල් නැතිවෙන වෝ.. මීට පස්සේ මගේ බොරු වැල් බයිලා අහන්න මගේ වටේ හිටපු පුට්ටු වේ කටු ලෙවකන සක්කිලි සෙට් එකත් නැතෝ… මම ගහපු ගේම් දැන් එක එක එලියට එනවෝ.. මාව ඇතුලට දාන දවස ලංවෙන කොට රෑට රෑට නපුරු හීන පෙනාවෝ..බෙල්ලේ වැලක් වැටිලා වගේ පේනවෝ… අනුර දිනපු එක දැනුම් දෙන්න එන්න කියපු වෙලාවේ මම මග ඇරියේ මගේ තියන ඉරිසියාව නිසාදෝ…මම කොච්චර කුහක දෙකයි පනහේ මිනිහෙක්ද කියල මට දැන් තේරෙනාවෝ.. මට බලය නැතුව ඉන්න බැරියෝ… මලත් මම ගේමක් ගහල පෙරේතයෙක් වෙලා හරි පස්ස දොරින් හරි පාර්ලිමේන්තු එනවෝ…
ලමයව ආපහු ඕනේ වෙලා වගේ සීයට , දැන් ඉතින් උඩින් යන්න හෙලිකොප්ටර් , ලෝකේ වටේ රවුන් ගහන්න සමුළු , තරු හෝටල් වලින් පිනට කන්න නැහැනේ
සීයලා සෙට් එක නරකද ගෙදර ගියොත් අපි වගේ තරුණයන්ට රට බාරදීලා
වෙස්මූණු බැඳන් ආවට ඔය රැලට බුද්ධිමත් ජනතාව රැවටිය නොහැක
මේක මුලින් කලා නම් අද සජිත් ජනපති.රනිල් මුල ඉඳලම කලේ සජිත්ව කපන එක.අඩුම ලෙස 2වන මනාපයවත් සජිත්ට දෙන්න කිව්ව නම් ඒත් සජිත් දිනනව. සන්ධානයක් හදල එකතුවෙන එක හොදයි.ඒත් එහි නායකත්වයට පත්විය යුත්තෙ සජිත් මිස රනිල් නෙවෙයි.රනිල් වසර 30ක් පරාජිත කෙනෙක්.ජනතා ආකර්ශනයක් නෑ.දින පැනපු යල්පැනගිය නායකත්වයක්.මේක දැන්වත් රනිල් සහ එයාට ඉන්න රවි,අකිල,වජිර,සාගල තේරුම්ගත යුතුයි.රනිල් වගේම රවී,අකිල,සාගල,වජිර හැමෝම ජනතා අප්‍රසාදයට ලක්වුනු අය.ඒ චරිත මාකට් කරන්න බෑ.ඒ මිනිස්සු තමයි යුඑන්පි එක නැතිබන්ගස්තාන කලේ.මේ යතාර්තය ඔවුන් තේරුම්ගත යුතුයි
අතිගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මේ හොරු රැලට එරෙහිව සටන් කිරීමට මහජනතාව වශයෙන් අපි සියලුම දෙනා පක්‍ෂ භේද අමතක කර සහයෝගය ලබා දෙමු.
මහත් සෙනෙහසින් බාර දීපු දරුවාව ආපහු ගන්න සීයා දැන් අලියා පිටේ නැගලා එන්න හදනවා නිකන් නෙමෙයි පුතාණෝ එක්කලා
තියන ටිකත් නැති කරගන්න ඕන වෙලා
චන්දෙට කලින් කරන්න තිබුන දෙයක් දැන් කරලා වෑඩක් නෑ .බලයට තියෙන කෑදර කමට හෑමදාම සජිත්ට අකුල් හෙලුවා.සජිත්ට සහය දුන්නනම් අද රනිල් අගමැති . පාර්ලිමේන්තුවට යන්න වෙන ක්‍රමයක් නෑ. ඒකයි සජබෙට හේත්තු වෙන්න හදන්නේ.පුලුවන් තරම් හෑමෝම සජිත්ට මඩ ගෑහුවා.හොරු අයින් කරන්න .අපි කෑමති නෑ. සජිත් මහතා තනියම ගමනක් යන්න. ඉදිරියටත් අපි ඔබ සමග ඔබට ජය වේවා!
හොර දේශපාලුවො අවුරුදු 76 ක් බලය අරගෙන කලේ හොරා කාපු එක.අනුර සහෝදරයා රට බාර ගත්තේ රටේ ජනතාව හදන්න .
ඡන්දෙට කලින් කරන්න තිබුණ දෙයක්.එහෙම උනානම් සජිත් ජනාධිපති රනිල් අගමැති. රනිල් කවදාද ඡන්දෙකින් දිනුවේ. ඈග පුරාම මොලේ තිබුණත් ඒක තේරුම් ගන්න මොලේ තිබුනේ නෑ ඊට වෑඩිය ලොකුයි බල තන්හාව. ජනතාවගේ මනාපෙන් නෙවෙයි රනිල්ගෙ කෑමෑත්තෙන් බන්දේසියක තියලා අනුරට බාර දුන්න දරුවා ආපහු ඕනි වෙලා.සජිත් ලග ඉන්න ලගදි ගත්ත හොරුත් අයින් කරන්න. යන උන්ට යන්න දෙන්න.පක්ෂ මාරු කරන ගෙම්බන්ව ලන් කර ගන්න එපා.ඒකත් පරාජයට හේතුවක්. සජිත්ට හෑමදාම අකුල් හෙලුවා කකුලෙන් ඈද්දා.මේ ජනාධිපතිවරනෙදිත් මොන තරම් සජිත්ට අපහාස කලාද. ඉන්න කට්ටිය සමග තනියම ගමනක් යන්න අපේ නායකයා සජිත්.
හොරු ටික එකතු වෙන්න යන්නේ හිරේ යන්න බයට
රනිල් කරුණාකරලා දැන් ගෙදර යන්න. ඔබේ තණ්හාව අවසන් වන්නේ කවදාද? දැන් ඔබට අවශ්‍ය සියලු හොරු එකතු කර මහ මැතිවරණයේදී NPP ට එරෙහිව තරඟ කිරීමටද? ඔබ දේශපාලකයෙකු ලෙස දශක 4කට වැඩි කාලයක් අසාර්ථක වී ඇත. හරි, එන්න. ඔබ සියලු දෙනා පරාජය කර NPP බහුතර ආණ්ඩුවක් ගෙන ඒමට අපි වෙන කවරදාටත් වඩා පෙළඹී සිටිමු. උගත් සහ දේශප්‍රේමී පුරවැසියන් හොරුන්ට එරෙහිව සටන් කිරීමට NPP ට සහාය වනු ඇත. ඔබේ කාලය ඉවරයි රනිල්. ඔයා දැන් ගෙදර යන්න.
සමහර නිෂ්පාද හොද ඒවා.ඒත් යල්පැන ගියාම ඒව අලෙවි කරන්න බෑ.මිනිස්සු ගන්නෙ නෑ.රනිල් ඒ වගේ.විකිනිය නොගැකි ප්‍රඩක්ට් එකක්.වසර30ක් මැතිවරණ ගනනාවක පරාජයට පත් වුණා.රනිල් ගෙ පරාජය අද ඇගට බද්ද වෙලා.කොහොම ඉල්ලුවත් පරාදයි.අනික වයසයි.මේ නිසා ඒ ජෙනරේශන් එක ඉවත්ව යායුතුමයි.සජිත්ට අවස්තාව දීල රනිල් ඉවත්ව යායුතුයි. unp එකේ ජනතා ආකර්ශනය තියෙන්නෙ සජිත්ට.රවි,අකිල,සාගල,වජිර කියන්නෙ ජයගත නොහැකි ජනතා ආකර්ශනක් නැති මිනිස්සු.unp එක වගේ දැවැන්ත පක්ශයක් තුට්ටු දෙකට දැම්මෙ මේ සෙට් එක. මේ නිසා සජිත් ට ඉඩදීල මේ ලෙඩ්ඩු ටික තොලින්චිවෙලා යායුත්මයි
සජිත් ප්‍රේමදාස මැතිදුනි වැදලා කියන්නෙ මෙයත් එක්ක නම් එකතු වෙන්න නම් එපා එපාමයි ඔය රනිල් තමා ඔවතුමාව විනාස කරේ ඔබ්තුමා චරිතය රැක ගෙන ආපු මෙ දුශ්කර ගමන ඔය විදියටම ඉදිරියට යන්න ජනතා විස්වාසය නුදුරෙදි ඔබට ලැබෙනවා නියතයි හොරු එක්ක නම් එපා පරාජය ඉටවඩා හොදයි !!
ඡන්දෙට කලින් මේක කලානම් සජිත් ජනාධිපති රනිල් අගමැති. අශ්වයා ගියාම ස්තාලය වහන්න මතක් වෙලා. ඇග පුරාම මොලේ තිබුණාට ඒකට මොලේ තිබුණේ නෑ.තනියම බුදු වෙන්න ගියානේ.ඡන්දෙකින් නොව සිය කෑමෑත්තෙන් බන්දේසියක තියලා අනුර මහතාට බාර දුන්න දරුවා කියන රට ආපසු ඕනෑ වෙලා. බලයට තියෙන කෑදරකම. අලියා ලකුණ එජාපය ඉවර කලා. රට ගොඩගන්න කියලා එයා කලේ බඩු මිල වෑඩි කරලා මිනිස්සුන්ගේ පිට බර පටවපු එක. සජිත්ට හෑමදාම විරුද්ධකම් කලා. ඉදිරියට එන්න දුන්නේ නෑ.මේ ජනාධිපතිවරනෙත් පුලුවන් තරම් මඩ ගෑහුවා. පක්ෂය සමගියක් නෑ. සජිත් මහතා පරාද නෑ. චන්දේ දුන් හෑමෝම ඉදිරියටත් ඔබ සමග.ඔබ හෑමදාම අපේ නායකයා ලගදි ආපු හොරු අයින් කරන්න. පක්ෂය මාරු කරන ගෙම්බන් ඕනි නෑ. ඉන්න කට්ටිය සමග ඉදිරියට යන්න. රනිල් එපා අපේ අනාගත ජනාධිපති සජිත් මහතා.
රනිල් වැඩ කරන්නේ මහින්දගේ පදයට මොන ප්‍රශ්න ආවත් මුන් හොරු ටික අයින් කරන්න ඕනෑ
එයාට සහයෝගය දෙන්න සජබෙන් හා අනෙක් පක්ෂ වලින් ආපු අය ගොඩ දාලා දෙන්නත් තියෙනවනෙ..
ජනතාව අතර ජනප්‍රිය වෙන්න පුලුවන්ද ගමට ගිහින් ගමේ තැපැල් කන්තෝරුව විකුනන්න .දැන්වත් ඔය මොංගල් වැඩ අත් හරින්න
එන්.පි.පි හැරඅනිත් අය කවුරු මොනපාටින් ආවත් ඡන්දේ දෙන්න එපා. ඔක්කොම හොරු එකතු වෙන්නයි යන්නේ.
සජිත් මැතිදුනි ඔබතුමා මෙරටට හොද වැඩියි ! මෙ රට දුසිතයන්ගෙන් පිරි තියෙන රටක් රනිල් කියන්නෙ එ දුසිතයන් පෝශනය කරන පොහොර හා සමානයි !! ජනතාව ඔබ තුමාට ආදරෙයි දුශිතයන් එක්ක එකතුවෙන්න එපා. ඔය කුමන්ත්‍රණ වලට අහුවෙන්නත් එපා.
මූ වගේ හොර තක්කඩියෙක්. කොහොමද යනකොට කිව්වේ? අනේ ළමයා ඔයාට භාරයි. වැල් පාලමෙන් එක්කගෙන යන්න කියලා. දැන් ළමයත් එක්ක පාලමෙන් වැටෙන්න යන්නේ. දැන් ඇති ගෙදරට වෙලා ඉන්නකෝ. හැරමිටි දේශපාලනය කරන්නේ නැතුව.
තාම අත අරින්න අදහසක් නැහැ. මොන සන්ධාන හැදුවත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය 2/3 ක් ගන්න එක කාටවත් නවත්තන්න බෑ. රට අනුරට!!! ජය වේවා!!!
රනිල්ගේ පිරිස එකතු වුණොත් සජිත්ගේ ජනතාව ආපසු හැරෙනවා සජිත් පරදින තත්වයෙන් එජාපය අලියා ලකුණෙන් එජාපයට අනාගතයක් තියෙනවා
රනිල් පෙරේතයා පල ගෙදර.
අනේ එතකොට ඔයා සජබෙත් එක්ක දිග කන්න හදනකොට ඔයාගේ වලිගෙ එල්ලිලා ඒ හරියේ අවට සුවඳ විඳ විඳ ආපු අර අසරණ පවිත්‍ර කෙල්ලට, රන් රෝහිත කොල්ලට, අලුත් ගමරාල ගොය්යට, නාකි දිනේස් රාළට, කුඩු ලන්සට, නිදි කිරණ නිමලයට, කප්පන් අප්‍රසන්නයට සහ තව ඔය ඉන්නවනේ.. මේ වෙලාවේ නම් මතකත් නැහැ උදේට එහෙන් මෙහාටයි හවසට මෙහෙන් එහාටයි පැන පැන බයිලා කිය කියා ගිය සෙට් එකක්ම. එනේ උන්ට යන කලදසාව මොකද්ද? මතකයි නේ ඒ දවස් වල වගේ පවිත්‍ර කෙල්ල ආයෙත් ස්ටේජ් ගානේ ගිහින් පලි ගහන්නයි සාප කරන්නයි වස් කවි කියන්නයි පටන් ගනී. ලේසි වෙන එකක් නැහැ ඔලුව හත් කඩකට පැලෙන්න පවිත්‍රා කෙල්ල සාප කරාවි.
සීයා ළඟට සජිත් යන්න ඕනේ නැහැ - සීයයි සජිත් ළඟට එන්න ඕනේ
ජනතාව විවිධ පක්ෂ වලට කැමතිය. ඇතැම්වට කැමැත්තට හේතුව සරළ පෞද්ගලික වාසියකි. ඇතැම් විට පවුලේ පුරුද්දකි. මේ අතර රට දැය සමය ගැන හිතන ගෞරවාන්විත ජනතාවද බොහෝය. ඒ කෙසේ වෙතත් රනිල් මහතාට අපි ගරු කළ යුතුය . ඔහු අපහසුම අවස්ථාවක රට බාරගෙන යම් කාර්යභාරයක් කළේ ය. ඔහු නැවත ඡන්දය නොඉල්ලන වගත් ජාතික.ලැයිස්තුවෙන් නොඑන වගත් දන්වා ඇත. ඔහුට කරන කළගුණ සැලකල්ලක් ලෙස ද්වේශයෙන් බැන වැදීම නොකර සිටිමු.
කලින් තමුන් එක්කලා සජිත් දීග කෑවා. දිගේ කැඩුනෙත් තමුන්ගේ වැඩ හින්දා.ආයේ කීයටවත් එකතු වෙන එකක් නැහැ.පැත්තකට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න එක තමා හොඳම දේ?
දුම්මල ගහලාවත් එළවගන්න බැරි යක්කු ඉන්නවා.. එයින් කෙනෙක්
මේක සජිත්ව රවට්ටන්න රනිල්ගේ තවත් බෝම්බ කටුවක්, ඒ සියල්ල රඳාපවතින්නේ රනිල්ගේ එජාපය සමඟ සජිත් එකතු වෙයි ද යන තීරණය මතය. එහෙත් එජාපය සහ සජිත් ඉදිරි මහ මැතිවරණයට සූදානම් වෙද්දී බොහෝ දෙනෙක් හිරේ ඉන්නේ යකඩ පොල්ල ගණන් කරමින් ඉන්නවිට මැතිවරණය පැවැත්වේ.
මාලිමාවේ සහෝදරවරු විපක්ෂයේ සංධානයක් ගොඩ නැගෙනවාට ලොකු බියක් දක්වන බව පේනවා. ඒකට කරන්න දෙයක් නෑ. ඒක ඔවුන්ගේ අයිතිය. මාලිමා රජයට කරන්න තියෙන්නේ තමුන් ජනතාවට දීපු පොරොන්දු වහාම ඉටු කරන එකයි. එහෙම කලොත් මොන සන්ධාන ආවත් බය වෙන්න දෙයක් නෑ. එහෙම නොකලොත් නම් සන්ධාන ආවේ නැතත් ජනතාව මාලිමාවෙන් අයින් වෙන එක වළක්වන්න බෑ.
අපි සුභ පතමු නව ජනාධිපති තුමාට සෞභාග්‍යය පිරි ශ්‍රී ලංකාවක් ගොඩ නගන්න පක්ෂයක් අවශ්‍ය නැහැ කොරෝනා වලින් වැටුණු මාතෘ භූමිය වෙනුවෙන්
ඔය කවුරු කවුරුත් කියවන්නේ රනිල් මහත්තයා රට වැටිච්ච කාලේ වැඩ භාර ගත්ත නිසා. මගේ පෞද්ගලික මතය නම්, රනිල් මහත්තයා රට ගොඩ ගත්තා. රට වැටිච්ච කාලේ රට භාර ගන්න එක වැඩ්ඩෙක්වත් හිටියේ නෑ. කාටවත් මේක මතක නැති එකට මට නම් දුකයි.
එ.ජා.පක්‍ෂයට හොද තරග දක්ශ සංවිධායකවරුන් පත් කර පක්ෂය ගොඩනැගිය හැකියි. ස.ජ.බ අවශ්‍ය නැත.තරුණයන්ට තැන දෙන තෙක් ඔවූන් බලා සිටී