
(දෙණියාය විශේෂ එස් ඩී කොඩිකාර )
කොළොන්න ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බුත්කන්ද බොරළුවගේ අයින ගමෙි අක්කර තිහක වන වගා භූමියක් ගිනි තබා විනාශ කර ඇතැයි ගම්වාසීහු පවසති.
බුත්කන්ද ප්‍රාථමික රෝහලට ඉහළින් පෞද්ගලික වතු යායකට යාබදව මෙම වන වගා කළ භූමිය පිහිටා ඇත. රජය ලක්ෂ ගණනක් වියදම් කර මෙහි වන වගාව සිදු කර ඇති බව ගම්වාසීහු පවසති.
ඉතා අලංකාර ලෙස වැඩී තිබූ වන වගාව පැය කිහිපයක් ඇතුළත දැවී අළු වී ගිය බවත් වන වගා භූමිය සංරක්ෂණය කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතුව තිබෙන බවත් ප්‍රදේශවාසීහු කියති.


2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුන්දර වන වගාවක් පුච්චති
D P P Prasad Monday, 22 August 2022 11:45 AM
අධික නියං තත්වය හා වියළි සුළං සහිත කාලගුණ තත්වයන් මත වනාන්තර හා වනවගාවලට ගිනිතැබීම සිදුකරනු ලබන්නේ පරිසරය හා වනාන්තර සම්බන්ධව කිසිදු හැඟීමක් නැති කෘර සිත්පිත් නැති පිරිසක්ය. විශේෂයෙන් කඳුකර ප්‍ර්‍රදේශ ආශ්‍රිත කැලෑ ගිනි තැබීම් බහුලයි. සමහර සතුන් දඩයම් කිරීම, ගවයින්ට අවශ්‍ය අළුත් තණකොළ ලබාගැනීම වගා කටයුතු ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම පෙරදැරි කරගෙන මෙසේ කැලැ ප්‍ර්‍රදේශ ගිනිබත් කරනු ලබයි. ඇතැම් අවස්ථාවල වනසංරක්ෂණ නිලධාරීන්, පොලිස් නිලධාරීන් හා හමුදා සේනාංක කැලෑ ගිනි නිවාලීම සඳහා සහයෝගයෙන් කටයුතු කළද ඊට ග්‍රාමීය ප්‍ර්‍රජාවගෙන් ලැබෙන තොරතුරු හා දායකත්වය මදිවීම නිසා ගිනි නිවාරණ කටයුතු සිදුකිරීමට නොහැකි වූ අවස්ථාවන් බොහෝ ලෙස වාර්තාවේ. ග්‍රාමීය තරුණ කණ්ඩායම්වල නියෝජනයක් සහිතව යම් ආකාරයකට ගිනි නිවාරණ සංවිධාන ස්ථාපිත කර ඒවා සක්‍රීය ලෙස පවත්වාගෙන යාම තුළින් වනසංරක්ෂණ නිලධාරීන්ට මෙම තත්වයන් යම් මට්ටමකට යාමනය කරගත හැකියි..
sharm warn Monday, 22 August 2022 11:53 AM
මේවා ජාතියටම බලපාන අපරාධ වුණත් රනිල්ට මේවා අදාළම නැහැ. ඔවුන්ගේ පන්තියට හානි වෙච්ච තැන් විතරයි ඒ අයට වැදගත්... ගෙට ගිනි තියාගත්තු කෙනෙකුට රට ගිනිගන්න එක කොහෙත්ම වැදගත් නැහැ. අපිට විතරයි ගහ කොළයක වටිනාකම තියෙන්නේ...
fairoos Monday, 22 August 2022 12:38 PM
කරපු අයටනම් හෙන වදිනවා.
මරිසිපාල Monday, 22 August 2022 01:46 PM
ඇත්තටම වන වගාවක් පින්තූරයේ පේන්න නැහැ.. තියෙන්නේ තෘණවලින් පිරුණු කැලයක්.. වගාවක් හරියට කළා නම් එහි එළිපෙහෙලි කරන්න ඕනෑ. වියළි කාලයේ තෘණ ගිනිගන්නවා. වනවගාව රජයෙන්ම කළා නම් පසු විපරමක් නොවීම පුදුමයක් නොවෙයි.. රටට වෙලා තියෙන්නේ එහෙම වැඩවල ප්‍රතිඵලය තමයි.!