(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
අධිකරණයට අපහාස කළැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ චෝදනා ගොනු කළේය.
නීතිපතිවරයා මෙසේ චෝදනා ගොනුකරනු ලැබුවේ අධිකරණයට අපාහසයක් සිදුකර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකළ පෙත්සම් අභියාචනාධිකරණය කැඳවූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි ගිරියාගම මහත්මිය කියා සිටියේ චෝදනා ලැබ සිටින අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයේ අපහාස චෝදනා ගොනු කරනු ලබන බවත් මේ සම්බන්ධව වීඩියෝපට සහ අදාළ සාක්කි ලැයිස්තුව ඉදිරියේදී අධිකරණයේ හමුවේ ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සනත් නිශාන්තට එරෙහි චෝදනා ගොනු කරයි
Lalith M Tuesday, 17 January 2023 10:34 PM
රාජ්‍ය ඇමතිකම ලැබුණ ගමන් රථගාය හැදිල තමන්ට වෙන්කල වාහන ගණන බැලුව. ඒ ගමන්ම හෙන්චයියෝ එක්ක වාහන ටික රැගෙන යන්න ගියා. ඔන්න රාජ්‍ය ඇමතිකම.... මේත් ඇමතිවරුද?
Bamunuarachchi Wednesday, 18 January 2023 09:27 AM
හිරකරන එක බෙල්ලටම හිර කරන්න.
fairoosWednesday, 18 January 2023 12:29 PM
දැන් බමුණුආරච්චිටත් යමක්, කමක් තේරෙනවා නේද? හැබැයි රටට කළ අපරාධයට නම් මේ අයට හොඳක් සිද්ද වෙන්නේ නැහැ.
sam Wednesday, 18 January 2023 11:13 AM
මේ නූගත් වසලයා දැනටමත් හිරේ ඉන්න ඕනි පාතාලයෙක්
Nandana Wednesday, 18 January 2023 12:57 PM
මෙයා ආණ්ඩුවේ බලය අරගෙන පොර ටෝක් දෙනවා.