IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සනත් නිශාන්තගේ ගෙට ගිනි තැබීමේ සැකකරුවන් නිදහස්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

හදිසි අනතුරකින් මරණයට පත්වු හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ ආරච්චිකට්ටුව නිවසට ගිනි තබා විනාශ කිරිමේ චෝදනා එල්ලවි තිබු සැකකරුවන් 68 දෙනා එම නඩුවෙන් නිදහස් කිරීමට හලාවත  දිසා විනිසුරු හා ප්‍රධාන මහෙස්ත්‍රාත්  සිරිමේවන් මහේන්ද්‍රරජා  මහතා නියෝග කළේය.

හලාවත ජාතික ජන බලවේගයෙ ප්‍රධාන සංවිධායක , එක්සත් ජාතික පක්ෂයෙ හලාවත හා ආරච්චිකට්ටුව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් පිරිසක් සමඟ ජාතික ජන බලවේගය පක්ෂ ආධාරකරුවන් පිරිසකට මෙම චෝදනා එල්ල වී තිබිණි.

වසර දෙකකට ආසන්න කාලයක් පැවති මෙම නඩු විභාගයට පොලිසියට සැකකරුවන් වෙනුවෙන් කිසිදු පිළිගත හැකි සාක්ෂීයක් ඉදිරිපත් කිරිමට හැකියාව නොතිබු බැවින් යළි නඩුව කැඳවූ අවස්ථාවේදී කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම  පිරිස නිදහස් කිරීමට  නියෝග කළේය.



අදහස් (4)

සනත් නිශාන්තගේ ගෙට ගිනි තැබීමේ සැකකරුවන් නිදහස්

Lankaputha Friday, 05 April 2024 09:11 AM

උගේ ගෙට ඌව ගිනි තියාගෙන නම් වන්දි ගෙව්වෙ ඇයි?

:       59       37

Nimal Friday, 05 April 2024 09:51 AM

ඕක තමයි කියන්නේ ..මැරිලත් තම කාර්ම පල දෙනවා

:       41       22

අරවින්ද මොනරවිල Friday, 05 April 2024 09:52 AM

මාස ගණනක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ලැගලා වසර ගණනාවක් උසාවි ගානේ රස්තියාදු ගහලා පොහොට්ටුවේ වෛරී මැර දේශපාලන ක්‍රියාකාරකම් නිසා හා පොලිසියේ අන්තනෝමතික ක්‍රියා නිසා පීඩාවට පත්වු මේ මිනිස්සුන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි.

:       47       43

මැක්ස් Friday, 05 April 2024 12:38 PM

මිනීමරු හනුමන්තලාට උඩ ගෙඩි දෙන, ඉනිමං තියෙන තප්පුලන්නන්ගේ කොමෙන්ට් කියැවීමත් හරිම උත්ප්‍රාසජනකයි.

:       18       65

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site