IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සනත් ජයසූරියගෙන් අපූරු අවන්හලක් - කිව්බා

96’ ලෝක කුසලාන ජයග‍්‍රහණයේ තරගාවලියේ වීරයා වූයේ ඔහුය. ඒ අසහාය බව අදට පමණක් නොව හෙටටද ඔහු සටහන් සළකුණු තබා අවසන්ය. ඒ අන් කවරකුවත් නොව සනත් ජයසූරිය නමැති ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් තරුවය. වත්මනෙහි ඔහු අපට හමුවන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු හා ජාත්‍යන්තර ක‍්‍රිකට් විස්තර විචාරකයකු ලෙසය. එසේ වුවද ක‍්‍රිකට් ක‍්‍රීඩාව කෙරෙහි ගහට-පොත්ත සේ බැඳී සිටින සනත් තවමත් සම්පූර්ණවශයෙන් ක‍්‍රීඩාවෙන් සමුගෙන නැත. අද ද විවිධ තරග ඔස්සේ ක‍්‍රිකට් පිටියේදී දැකගත හැකි සනත් පසුගියදා ඔහුගේ හිතවතුන් කීප දෙනෙකු සමඟ එක්ව අපූරු අවන්හලක් ආරම්භ කළේය. සනත්ගේ ක‍්‍රිකට් රිද්මයේ ඇති අපූරු වෙනස මෙන්ම මෙම අවන්හල ද අපූරු වෙනසක් රැගත් එකක් ලෙස හැඳින්විය හැකිය. පසුගියදා විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය පැවැත්වෙමින් තිබියදී මේ අපූරු අවන්හල විවෘත කෙරිණි. සුපිරි ක‍්‍රිකට් තරු පිරිවරා ආරම්භ වූ මෙම අවන්හල "Qbaa" (කිව්බා) නම් වෙයි.

 

"කිව්බා"

අංක - 02, ද ෆොන්සේකා පාර, කොළඹ-04, යන ස්ථානයෙහි පිහිටුවන ලද මෙම ‘‘කිව්බා’’ "Qbaa" අවන්හල නිකම්ම නිකම් අහරක රස පමණක් භුක්ති විඳගත හැකි තැනැක් නොවේ. සංගීතය රස විඳින අතරේ අහරක රසය සමඟ ප‍්‍රීතිවිය හැකි අවන්හලකි. ලෝක ප‍්‍රකට "Qbaa" අවන්හල් ජාලයේ නොවූවත්, මෙය "Qbaa" යනුවෙන් හැඳින් වූයේ මන්දැයි කියා මෙහි සුසී ඉලංගකෝන්ගෙන් අපි විමසීමු. ‘‘සැබැවින්ම ඉතා අනගි ලෙස අහරක රසය උපරිම අයුරින් භුක්ති විඳගත හැකියි. ඊට අමතරව සංගීතය රස විඳිමින් ඒ හෝරා කීපය ගත කළ හැකියි. කෙටියෙන්ම කිව්වොත් මෙලෙසින් අනර්ඝ ලෙස අහරක රසය ලබමින් එක් වහලක් යට ගීත රසයේ වින්දනය ද ලැබිය හැකි තවත් අවන්හලක් නැති කරම්. කිව් (Q) යන අක්‍ෂරය යෙදු විගස අපට සිහියට නැගෙන්නේ ක්වොලිටි "Quality" හෙවත් ගුණය තත්වය කියන අදහසයි. ඒ අනුව කිව් අකුර යොදා ගත්තා. අනෙක් අක්‍ෂර අංක විද්‍යාත්මකව ඉතා සුබවාදී බව අපට තේරුම් ගියා. ඒ අනුව තමයි අපි කිව්බා "Qbaa" කියන නම යොදා ගත්තේ’’ එසේ පවසන සුසී සහ සනත්ට අමතරව තවත් දෙදෙනෙකු මෙහි මූල්‍ය ආයෝජකයින් ලෙස නම් කළ හැකියි. අලූත් හැඩයක සහ රසයක තේමාව රැගෙන මේ සංකල්පය ඇතිවූ පසු සුසී ඇතුළු අනෙක් දෙදෙනා සනත්ට මේ ගැන පවසා තිබේ. සනත් මීට දායකත්වය ලබාදී ඇත්තේ ඒ අනුවය. මෙලෙසින් බිහි වූ කිව්බා අවන්හල තනා ඇති අයුරුත් සඳහන් කළ යුතුමය. මෙහි ගෘහනිර්මාණ සැළසුම ඉතා අලංකාර වන අතර නිතර අප දකින තරමේ නිර්මාණ සැලසුමකට එහා ගිය අපූරු නිර්මානයකි. ගෘහ නිර්මාණ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයකු වන මුරාරි ස්මයිල්ගේ සංකල්පය සැබැවින්ම පැසසිය යුතුමය. ගෘහ නිර්මාණ සැලසුම මෙන්ම, මෙහි අනෙකුත් සියලූ අලංකරණ කටයුතු මෙන්ම ගෘහභාණ්ඩ තේරීම් ද ඔහු විසින්ම කරන ලද දෙයකි. අනර්ග තේමාවක් රැගත් නිසා මෙතැනට ඇවිත් සප්පායම් වීම කළ හැකි වන්නේ ධනවත්ම අයට පමණද? කියා අපි සුසීගෙන් විමසීමු. ‘‘කොහෙත්ම නැහැ. මෙතැන දිවා ආහාරය සහ රාත‍්‍රී ආහාර ගැනීමේ අවන්හලක් ලෙසත් විවෘතයි. උදෑසන 11 සිට රාත‍්‍රී 12.30 පමණ තෙක් මෙය විවෘතව තබනවා. බදාදා සිට ඉරිදා දක්වා සජීව සංගීත කණ්ඩායමක මිහිර විඳගත හැකියි. දැනට මෙලෙසින් පවත්වාගෙන යන අතරේ වෙනත් පාටි උත්සව ගැන අපි පසුව සලකා බලනවා’’ සුසී පැවසූ පරිදි ඒ සියල්ල යථාර්ථයක්ම බව මේ රාත‍්‍රීයේදී අපට පසක් වූ කරුණකි. මෙම (කිව්බා) අවන්හල විවෘත කෙරුණු මොහොත සඳහා දෙස් විදෙස් ක‍්‍රිකට් තරු රැසක් ආරාධනා ලැබ සිටියහ. ඒ අතරින් වත්මනෙහි ක‍්‍රිකට් ලොව සම්මාන පිට සම්මාන ලැබූ කුමාර් සංගක්කාර ද සිටීම විශේෂත්වයකි. සුළු මොහොතකට හෝ මෙතැනට පැමිණ හිටපු අග‍්‍රගණ්‍ය ක‍්‍රීඩක සනත්ට සුබ පතා යන්නට තරම් ඔහු නිහතමානී විය. එහෙනං......සනත් අයියේ සුබපැතුම්......මම ගිහින් එන්නම්......කියා ඔහු කීවේය. බොහෝම ස්තූතියි සංගා මල්ලි මෙච්චර කාර්ය බහුල මොහොතක විනාඩියකට හරි මෙතැනට ආවාට කියා සනත් ද පෙරළා ඔහුට ස්තූතිය පුද කළේය. සංගාට අමතරව ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්, ඇන්ජෙලෝමැතිව්ස්, ජීවන් මෙන්ඩිස් සිය බිරිඳ සහ පුතු සමඟ පැමිණ සිටියේය. සනත් මාලිංග සහ අජන්ත, ඇන්ජෙලෝ සහ ජීවන් සමඟ සතුටු සාමිචියේ යෙදී සිටියදී ඩිල්ෂාන් ද බිරිඳ සමඟ පැමිණියේය. මේ සියලූ දෙනා බොහෝම හැඩකාර විදියට සැරසී හැඩවී සිටියා පමණක් නොව ඡායාරූප ගැනීම සඳහා මාධ්‍ය හමුවේ පෙනී සිටියේ වඩාත් මිත‍්‍රශීලීවය. මෙම ක‍්‍රිකට් තරුවලට අමතරව ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ විවිධ තරු මෙන්ම අනර්කලී ඇතූළු කලා ක්‍ෂේත‍්‍රයේ තරු ද දේශපාලන ක්‍ෂේත‍්‍රයේ ජනප‍්‍රිය චරිත ද පැමිණ සනත් ඇතුළු පිරිසට සුබ පතා යන්නට අමතක කළේ නැත. හෝරාවක දෙකකට පමණක් සීමා වූ මෙම විවෘත කිරීමේ උත්සවයට පැමිණි අමුත්තන්ට රසවත්ව ආහාරපානවලින් සංග‍්‍රහ කළ අතර ලෝ ප‍්‍රකට කළු ඇමරිකානු ගායන ශිල්පියකු ගීතවත් කළ සංගීතය ද ඒ සියල්ලෝ අපූරුවට විඳගත්හ. තරු පිරිවරාගත් ඒ මොහොත සැබැවින්ම සුන්දර අවස්ථාවක් විය.!

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

නාමල් සහ රේෂනෝ ජීවන් සහ බිරිඳ සනත් සහ උපාලි බටහිර සංගීත කඩණ්ඩායම සමඟ මාලිංග සහ අජන්ත සමඟ සංගා, සැන්ඩ‍්‍රා කිව්බා හිමිකරුවෝ මංජුලා, ඩිල්ෂාන් රසල් ඇන්ජලෝ සැන්ඩ‍්‍රා



අදහස් (0)

සනත් ජයසූරියගෙන් අපූරු අවන්හලක් - කිව්බා

මලීකා Wednesday, 02 January 2013 01:02 AM

බිරිද ඉන්නෙ ඉතාම දුක් බර ස්වරූපයකින් ‍ ඇයි ..?(නු)

:       0       0

සුපුන් Saturday, 20 October 2012 02:27 AM

ශා......නියම වැඩක් . අපේ සනත් අයියා ඕනි දේකට ඔට්ටුයි (ස)

:       0       0

ලලිත් Saturday, 20 October 2012 02:50 PM

බලන් ගියාම මේ ගොල්ල ඔක්කොම රෙස්ටුරන්ට් විතරමනේ අරින්නේ. ඇයි මේ අයට බැරි සල්ලි නැති දුප්පත් මිනිහෙකුට රස්සාවක් ලැබෙන තරුණ ළමයෙකුට රස්සාවක් ලැබෙන ආදායමක් ලැබෙන කර්මාන්තයක් වෙනුවන් ආයෝජනයක් කරන්න.(ස)

:       0       0

ලලිත් Saturday, 20 October 2012 02:59 PM

බලන් ගියාම මේ ගොල්ල ඔක්කොම රෙස්ටුරන්ට් විතරමනේ අරින්නේ. මහේල, සංගා අරවින්ද සේරම ව්‍යාපාර ආරම්භ කරලා තියෙන්නේ සල්ලි තියෙන අයට සල්ලි වියදම් කරන්න විතරනේ. ඇයි මේ අයට බැරි සල්ලි නැති දුප්පත් මිනිහෙකුට රස්සාවක් ලැබෙන තරුණ ළමයෙකුට රස්සාවක් ලැබෙන ආදායමක් ලැබෙන කර්මාන්තයක් වෙනුවන් ආයෝජනයක් කරන්න. (නි)

:       0       0

අංජන Sunday, 21 October 2012 08:25 AM

පවුලේ උදවිය සමග ඉන්න එක අපිට මීට වැඩිය සන්තෝෂයි. (නි)

:       0       0

නවින්දි Monday, 12 November 2012 04:15 PM

තව තවත් දියුණු වේවා (ස)

:       0       0

ජගත් Saturday, 10 November 2012 08:30 PM

නියමයි. සනත් අයියා නියමයි. (නි)

:       0       0

දිලාන් Saturday, 20 October 2012 04:40 PM

මෙතන සනත් වගේ එක්කෙනක් ඉන්නෙ එයා සනත්ගෙ තාත්තද?(නු)

:       0       0

සෙනාලි Monday, 26 November 2012 01:02 PM

සල්ලි තමයි නේද

:       0       0

චන්දන Thursday, 18 October 2012 05:50 PM

දිනෙන් දින දියුණු වෙන්න පතමි..!(නු)

:       0       0

රවීන්ද්‍ර Monday, 15 October 2012 06:56 PM

ඔන්න අපේ පාසලේ කොල්ලෙක්ගේ වැඩක්. අපිටත් ආඩම්බරයි. (නි)

:       0       0

හරීන් Sunday, 21 October 2012 12:10 PM

ඔහොම තමයි ඕවා. ගණන් ගන්න එපා. (නි)

:       0       0

සංජේ Tuesday, 23 October 2012 08:34 PM

මාතර බත් කඩේ කියන නමත් ලස්සනයි. (නි)

:       0       0

යොහාන් Wednesday, 17 October 2012 06:44 PM

කරුණාකර මිළ ගණන් කියන්න. (නි)

:       0       0

චමින්ද Saturday, 20 October 2012 08:30 AM

අර මාතර එතුමාගෙ ගමේ ගෙවල් ගාව තිබෙන සම්බෝධි මාවත හදන්න අරගෙන තාර දාලා වහල දැම්මා තමයි. හැබැයි දෙපත්තෙ කුණු කානු ටික එහෙමමයි. වාහන දෙකකට මාරු වෙන්න හරිම අමාරුයි. ලිස්සුවොත් කානුවේ. (නි)

:       0       0

තුෂාර Sunday, 11 November 2012 08:09 PM

ඔබ එදා වගේම අදත් නිහතමානීයි.. සනත් අයියා .. ඔබට ම‍ගේ හදපිරි ප්‍රණාමය (ස)

:       0       0

මංජු Thursday, 18 October 2012 10:53 AM

මේකට සිංහල නමක් දැම්මනම් ඉතාම හොදයි.. අපිට සිංහල කම අමතක වීම දුකක්.. සිංහලයාගේ හැටි තමයි..(නු)

:       0       0

ෆිරෝ Thursday, 18 October 2012 10:52 AM

සනත්, ලංකාවෙ නීතියක් තියෙනවා හැම බඩුවකම මිල දර්ශණයක් තියන්න ඕන කියලා.. අපිත් එන්න කැමතියි.. මිල දර්ශණයක් පෙන්නනවානම්..!(නු)

:       0       0

ක්‍රිෂාන් Friday, 09 November 2012 11:15 AM

සුබ පැතුම් අපේ සනා බෝයි. ඔයා තමයි අපේ ක්‍රික‍ට් වීරයා (ස)

:       0       0

චාමි Friday, 19 October 2012 08:32 AM

ගිහින් කාලා එන්නකෝ. (නි)

:       0       0

පොල් විජේසිංහ Thursday, 18 October 2012 11:03 AM

දයාබර සනත් ඔබට සුභ පැතුම්..!(නු)

:       0       0

කසුන් Friday, 19 October 2012 08:49 AM

සනත් අයියට මගෙන් සුබ පැතුම් (ස)

:       0       0

Dishan Rajapaksha Saturday, 27 October 2012 09:07 PM

එතකොට පිටරටවල් වල තියන ඒවලම නම් දාගත්තම Copyright Issues නැද්ද? (අ)

:       0       0

පද්ම Monday, 19 November 2012 12:06 PM

හරිම සතුටුයි. මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

හේවා Wednesday, 14 November 2012 01:13 PM

අහෝ අසුන්දර ප්‍රාග්ධනය.... ඔබේ හැසිරීම කමකට නැත. දුප්පත් ගමක දුප්පත් කොල්ලෙක් ලෝකයේ ඉතා ඉහළින් ඔසවා තැබීමට නුඹට පුළුවන . ඒවගේම ඔහුව වළඳෙන් බිඳිනු මැටි කැබැල්ලක් කිරීමටත් නුඹට හැක. (නි)

:       0       0

කසුන් Wednesday, 17 October 2012 09:04 PM

මොකක්ද මේ වෙන්න යන්නේ? (නි)

:       0       0

චාමර Thursday, 18 October 2012 02:55 PM

කෝ අරවින්ද, අර්ජුන, රොෂාන්, කළු ඇතුළු අනිත් ක්‍රීඩකයෝ.. සනත් සමග එකට සෙල්ලම් කරපු..?(නු)

:       0       0

ගුණරත්න Wednesday, 17 October 2012 09:08 PM

දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා! (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 17 October 2012 09:12 PM

අනිවාර්යයෙන්ම සාර්ථක වේවි. (නි)

:       0       0

විජයන්ත Saturday, 20 October 2012 08:18 PM

ෂා නියම නමක්නේ. දියුණුව කරා යන්න සුභ පතමි. (නි)

:       0       0

විජයන්ත Saturday, 20 October 2012 08:18 PM

ෂා මාර කෑමක්නෙ කන්නේ.. කිව් බාර් මාර නමක්නේ. දියුණුව කරා යන්න සුභ පතනවා..!(නු)

:       0       0

අතුල Monday, 22 October 2012 01:09 PM

ඇයි මේ අයට බැරි සල්ලි නැති දුප්පත් මිනිහෙකුට රස්සාවක් ලැබෙන තරුණ ළමයෙකුට රස්සාවක් ලැබෙන ආදායමක් ලැබෙන කර්මාන්තයක් වෙනුවන් ආයෝජනයක් කරන්න? (නි)

:       0       0

ද සිල්වා Tuesday, 06 November 2012 09:19 PM

සුභ පැතුම් සනත් මල්ලී. (නි)

:       0       0

සනත් Tuesday, 13 November 2012 03:36 PM

අහමඩ් ගෙ ජාතිවාදය ගෙදරම තියාගන්න... (ස)

:       0       0

ශාන් Thursday, 18 October 2012 03:22 PM

කෑම බීම වල මිළ ගණනුත් දැනගන්න පුළුවන් නම් හොදයි (නි)

:       0       0

ලක්ෂාන් Thursday, 25 October 2012 05:13 PM

කවදත් අපේ සනා ගොඩක් ලකී. (නි)

:       0       0

සිසිර Thursday, 18 October 2012 03:16 PM

ජය වේවා! (නි)

:       0       0

සරත් Monday, 12 November 2012 09:22 PM

ඔය වැඩේ ඇවිල්ලා කැසිනෝ වගෙයි. දිනුවත් සල්ලි. පැරදුණත් සල්ලි. (නි)

:       0       0

කෝසල Sunday, 28 October 2012 04:39 PM

සනත්, ඔබ විශිෂ්ටයි. (නි)

:       0       0

සුරංග Thursday, 18 October 2012 12:00 AM

සුභ පැතුම් සනත් අයියා! (නි)

:       0       0

අසිත් Friday, 19 October 2012 09:25 PM

ආඩම්බරයි .දින දින දියුණුවට පත් වේවා (ස)

:       0       0

චානක Wednesday, 17 October 2012 11:58 PM

සන්තෝසයි සනත්

:       0       0

රජිකා Wednesday, 24 October 2012 12:12 PM

ගොඩක් සතුටුයි, පවුලේ අයත් සමග මෙවැනි කටයුත්තකට අත ගැසූ එක ගැන. සුභ පැතුම්! (නි)

:       0       0

සුනිල් Saturday, 17 November 2012 01:04 PM

සාපේක්ෂව සළකා බැලූ විට ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවට වඩා හොද ව්‍යාපාරයක් බව ඔබ තවදුරටත් තහවුරු කළා සනත්..! ඒ ගැන ස්තුතියි..! ක්‍රිකට් උන්මාදයෙන් අන්ධවී සිටින ක්‍රීඩා ලෝලීනි... දෙවරක් මේ ගැන හිතා බලන්න..!(නු)

:       0       0

පාලිත Friday, 19 October 2012 09:38 PM

මාතර කොල්ලට ජයවේවා (ස)

:       0       0

අමල් Thursday, 08 November 2012 11:09 AM

තියෙන මිනිස්සුන්ටමයි හැමදේම ලැබෙන්නෙත් . නැති මිනිස්සුන්ට මේවා හීන තමයි (ස)

:       0       0

චමී Thursday, 18 October 2012 01:19 AM

ලස්සනයි ගොඩක් අපිට ආඩම්භරයි. (ස)

:       0       0

සුජී Thursday, 18 October 2012 01:24 AM

සැන්ඩ්‍රා දැක්කනම් මටත් ආ‍ඩම්භරයි. (ස)

:       0       0

අංජන Thursday, 18 October 2012 10:10 PM

දැන් පරණ යාළුවෝ ගෙන්වන්න පුළුවන් (නි)

:       0       0

සුරේෂ් Monday, 12 November 2012 11:33 PM

නියම වැඩක් සනා අයියේ. ඔයාට වරදින්නේ නැහැ. (නි)

:       0       0

කැලුම් Thursday, 18 October 2012 10:34 PM

වැඩේ නං දොඩයි සනත්

:       0       0

අනුර Thursday, 18 October 2012 01:01 PM

ගොඩක් අය කිව්වෙ සනත් සැන්ඩ්‍රා දික්කසාද වෙලා කියලා.. ඔය ඉන්නෙ දෙන්නම ලස්සනට..!(නු)

:       0       0

බණ්ඩාර Monday, 26 November 2012 10:59 AM

සනත් අයියේ නියමයි

:       0       0

වාසල Thursday, 18 October 2012 12:53 PM

මොනවා කළත් අපි ඔයාලට ආදරෙයි සනා..!(නු)

:       0       0

මින්දද Saturday, 20 October 2012 12:00 AM

මංජු මල්ලි, එහෙනම් අපි දාමු ඕකට හොඳ සිංහල නමක් - සනාගේ සිංහල හාල් බත් කඩේ - කියල. එහෙම හොඳද? (ස)

:       0       0

චන්දිම Sunday, 21 October 2012 04:21 PM

දිලාන්ගෙ කතාව ඇත්ත. මට හිතෙන්නෙ ඔය රෙස්ටොරන්ට් වලින් කෑවම ටික කාලෙකින්ම සනත්වත් ඔය විදියටම පෙනේවි. (නි)

:       0       0

සනා Friday, 26 October 2012 08:48 AM

මෙලෝ රහක් නැහැ. (නි)

:       0       0

ප්‍රේමසිරි Friday, 26 October 2012 08:44 AM

දුප්පත් මිනිස්සු ගැනත් හිතන්න. (නි)

:       0       0

අහමඩ් Sunday, 21 October 2012 05:01 PM

සිංහල මිනිස්සු මොන දේ කළත් පිටරට කොපියක්ම තමයි..... (නි)

:       0       0

ප්‍රසන්න Friday, 26 October 2012 09:49 AM

සුභ පැතුම් සනත්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site