IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සොනක්ෂි ලංකාවට වශීවෙයි

බොලිවුඞ් සිනමාවේ නැගී එන නිළියක වන සොනක්ෂි සින්හා දින හතරක විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහනක් සඳහා පසුගිය 17 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණියාය. ඒ යුරෝපයේ සුප‍්‍රකට විලාසිතා සගරාවක් වන එල්- ඔෆීෂියල් හි විලාසිතා ඡායාරූප ගත කිරීමක් සඳහා රැසකට පෙනී සිටීමටය. ඇගේ මෙම සංචාරය සංවිධානය කර ඇත්තේ ශී‍්‍ර සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සහ ඉවෙන්ට් කන්සෙප්ට් ආයතනයයි. මෙම ඡායාරූපවල පසුබිම් දර්ශන සඳහා තෝරාගෙන ඇත්තේ සීගිරිය අවට ප‍්‍රදේශයි ඊට අමතරව ශී‍්‍ර ලංකාවේ සුන්දර මුහුදු තීරය ද මෙම ඡායාරූප සඳහා දර්ශන තල ලෙස සඳහා යොදා ගනු ඇත. සොනක්ෂි තම මුල්ම චිත‍්‍රපටිය වූ ඩබාන්ග් හි රගපෑ චරිතයෙන් සම්මාන ගණනකටම හිමිකම් කීම රංගන ශිල්පිනියක හැටියට ඇය ලද භාග්‍යයකි. ඇය එහි තම මුල්ම රඟපෑම ඉදිරිපත් කළේ සල්මන් ඛාන් සමඟය. ඇය තම වෘත්තියමය ජීවිතය ආරම්භ කළේ මෝස්තර නිරූපිකාවක ලෙසය. නැගී එන හොඳම නිළිය ලෙස 2011 ෆිල්ම්ෆෙයා, සී සිනේ,ස්ටාර් ඩස්ට් ආදී ඉන්දියාවේ විවිධ සම්මාන රැසකින් පිදුම් ලැබූ සොනක්ෂි පසුගියදා කොළඹදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසුවේ ශ‍්‍රී ලංකාවට පැමිණී පසු එය ඇයගේ නිවස ලෙස දැනුණු බවයි. ‘‘ ශී‍්‍ර ලංකාවේ ජනතාව මාව උණුසුම් ලෙස ආදරයෙන් පිළිගත්තා-මෙය මා ශී‍්‍ර ලංකාවට පැමිණි දෙවැනි සංචාරයයි. ඇත්තෙන්ම ශී‍්‍ර ලංකාව හරිම ලස්සන රටක් ’’ඇය කීවාය. සොනක්‍ෂි නිළියක ලෙස මෑතකදී සිනමාවට එක් වුවද ඇයගේ පියා 70 හා 80 දශකවලදී ඉමහත් ජනප‍්‍රියත්වයක් ලද සිනමා නළුවකු වූ ශතෘගන් සිංහාය. වඩාත්ම පේ‍්‍රක්‍ෂකයන් ඔහු හඳුනාගෙන ඇත්තේ දුෂ්ඨ චරිත රඟපෑ නළුවකු ලෙසය. ශතෘගන් ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙසද කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ පැවැත්වූ අයිෆා සම්මාන උළෙලටද ඔහු සහභාගි විය.  



අදහස් (0)

සොනක්ෂි ලංකාවට වශීවෙයි

චින්තක Thursday, 03 November 2011 12:17 PM

ඉන්දියාවේ වන්දනාවට හරි ගිය කෙනෙක් දන්නවා එහෙ කොහොමද කියල ! ඉතින් මෙහෙ දැකල වශී වෙන එක අහන්න දෙයක් ද

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 11:15 AM

අපේ රටට මුළු ලොවම වශී වුණා. අද විතරක් නොව අතීතයේ සිටම (ස)

:       0       0

ධම්මිකා ජේ.පි Wednesday, 02 November 2011 09:36 PM

ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන් ලංකාවට වශීවුණා කියන එක හාස්සයට කරුණක් නොවේ. මක්නිසාද යති ලංකාව මුතු ඇටයක් නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1697 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site