IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සාධාරණ ඡන්දයක් ඉල්ලා රාජගිරියේ උද්ඝෝෂණ

ඡන්ද නීතිය හරියට ක්‍රියාත්මක නොවෙතියි කියමින් එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා සිවිල් සංවිධාන රැසක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිට දැන් උද්ඝෝෂණයක් පවත්වයි.

කෝ මැකෝ යුක්තිය වැනි පුවරු ඔසවාගෙන දහසකට වැඩි පිරිසක් එහි රැස්ව සිටිති.ඇතැම් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය අමු අමුවේම ඡන්ද නීති කඩන නමුත් මැතිවරණ කොමසාරිස් කිසිත් නොකරතියි ඔවුහු කියති. එක්සත් ජාතික පක්ෂයේ එරාන් වික්‍රමරත්න, සුජිව සේනසිංහ මන්ත්‍රීවරුද, ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනෝමා ෆොන්සේකා ආදීහුද එහි සිටිති.

මෙම අවස්ථාවට සහභාගිවූ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලි චම්පික රණවක මහතා මෙසේ කියයි.

‘‘මෙතෙක් පැවැත්වූ මැතිවරණ වලින් ත්‍රස්තවාදී බලපෑමක් සන්නද්ධ බලයක් නොමැතිව පැවැත්විය හැකි පළමු ජනාධිපතිවරණය මෙයයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට සෑම ජනයාටම නිදහසේ තමන්ගේ රාජ්‍ය නායකයා තෝරාගැනීමට හැකියාව ඇති වටපිටාවක් සැකසී තිබේ. යුක්ති සහගත බව, සම අවස්ථා කාටත් ලැබිය යුතුය. ආරක‍්ෂක අංශය යොදා ගනිමින් කටවුට් ගසමින් ජනතාවට රාජපක‍ෂ පාලනය විසින් බලපෑම් කරමින් සිටියි. ජනතාවගේ පෙට්‍රල්, ඩීසල්, කිරිපිටි වලින් ගන්නා මුදල් වලින් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරමින් අනෙකුත් පාක‍්ෂිකයින්ට ආරක‍්ෂක අමාත්‍යාංශයත් මැදිහත්කර ගනිමින් බලපෑම් කරයි‘‘

RDS_4630 RDS_4643 RDS_4650 RDS_4661 RDS_4666 RDS_4674 RDS_4685 RDS_4687 RDS_4709 RDS_4715 RDS_4717 RDS_4724 RDS_4730 RDS_4735 RDS_4740 RDS_4747 RDS_4759 RDS_4762

 



අදහස් (0)

සාධාරණ ඡන්දයක් ඉල්ලා රාජගිරියේ උද්ඝෝෂණ

රණසිංහ Saturday, 20 December 2014 12:42 PM

කියන්නත් දෙයක් තියෙන්න ඕනෑනේ. ඒක නිසා දැන්මම කට්ටිය පාරට බැහැලා (නි)

:       0       0

අතුල Thursday, 18 December 2014 07:33 AM

හැමදාම හොර බැහැ. යුක්තිය රජ කරාවි ඉදිරියට. (නි)

:       0       0

පාලිත Thursday, 18 December 2014 07:35 AM

මිනිස් බලය පෙන්නුවා නම් එතකොට තේරෙයි හොර ඡන්ද මෙදා පොටේ බැරි බව (නි)

:       0       0

අප්පුහාමි Thursday, 18 December 2014 07:36 AM

පශ්චාත් මැතිවරණ උද්ඝෝෂණ දැන්මම පටන් අරගෙන වගෙයි (නි)

:       0       0

උදේෂ් Thursday, 18 December 2014 07:55 AM

මැතිවරණය සාධාරණ වෙයි කියලා මට නම් ලොකු විශ්වාසයක් තිබෙනවා (නි)

:       0       0

රොහාන් Thursday, 18 December 2014 07:59 AM

අප්පුහාමිලා වගේ අයට මේවා තේරුම් ගන්න ටිකක් කරදර වෙන්න වෙනවා. එනිසා කඩේ යන්නෙ නැතුව බලාගෙන් ඉන්න මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site