IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘සාධාරණය ඉටුවුණා‘ - විශ්‍රාම ගනිමින් ශිරාණි බණ්ඩාරනායක කියයි

පසුගිය අවුරුදු දෙකක කාලයේ තමාත් පවුලේ උදවියත් බොහෝ කරදරවලට මුහුණ පෑ බවත්, අද දිනයේ තමා විශාම ගන්නා බවත්, නව අගවිනිසුරු ලෙස පත්වීමට නියමිත කේ ශ්‍රීපවන් මහතාට සුබ පතන බවත් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සේවයෙන් විශ්‍රාම ගැනීම වෙනුවෙන් පැවැති උත්සවයේ දී පැවසුවාය.

ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරු රැසක් ද, නීතීඥවරු ද ඊට එක්වූහ.

‘පසුගිය වසර දෙකේ පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කළා. බරපතල වැඩ සහිතව හිරේ ගියා වගේ පීඩනයකින් හිටියේ. දැන් ඒ කාලය නිමා වුණා. සාධාරණය ඉෂ්ඨ වුණා.

මා වසර දෙකක් මේ අරගලය ගෙනිච්චේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්.

මුළ සිටම අප සමඟ සිටි, අපට වූ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ‘ යැයි ද ඇය කීවාය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා සිය කතාවේ දී කීවේ පවතින තත්ත්වය තුළ අගවිනිසුරුවරිය විශ්‍රාම යෑමට තීරණය කිරීම අගය කරන බවයි. එමෙන්ම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට යන මොහොතේ ජනමත විචාරණයක් නොපැවැත්වීම ගැන බණ්ඩාරනායක මහත්මිය ද වග කිව යුතු යැයි ද ඔහු කීවේය. ජයසූරිය මහතාගේ කතාවේ දී අගවිනිසුරුවරියගෙන් වූ අඩුපාඩු හා ඇය දුන් ශ්‍රේෂ්ඨ තීන්දු ගැන ද කතා කළේය.

web

10945470_10153043458033960_984897252_n 10952312_10153043458238960_823901268_n 10954035_10153043458488960_255793657_n 20150129_110458

අග විනිසුරුවරිය පවුලේ අය සමග

w20150129_110557

ඡායාරූප - තිළිණි ද සිල්වා



අදහස් (0)

‘සාධාරණය ඉටුවුණා‘ - විශ්‍රාම ගනිමින් ශිරාණි බණ්ඩාරනායක කියයි

කසුන් මංජුල රාජකරුණා Sunday, 01 February 2015 04:44 PM

සත්‍ය ජය ගනී (නදී)

:       0       0

සමීර Friday, 30 January 2015 01:19 AM

දැන් සතුටින් ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්න පුළුවන්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site