IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සුදු සීනි හිඟයක් මවා පාලා

(මහින්ද නිශ්ශංක)

බොහෝ ප්‍රදේශවල සුදු සීනි හිගයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති.

සීනි සදහා පාලන මිලක් නියම කර තිබියදී ඇතැම් වෙළෙදුන් තවමත් සුදු සීනි වැඩි මිලට අලෙවි කරන බවද ඔවුහු මැසිවිලි නගති.

මේ වනවිට රටේ විශාල වශයෙන් සුදු සීනි හිගයක් තිබෙන බවත් සීනි හිගයට හේතුව වෙළෙදුන් සීනි සගවා ගෙන සිටීම බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

සුදු සීනි සගවා ගෙන සිටින මෙම වෙළෙදුන් හොරෙන් වැඩි මිලට සීනි අලෙවි කරන බවත් පැවසූ ඔහු කිලෝවක් රුපියල් 310 - 315 ට  අලෙවි කරන බවත් මේ නිසා බේකරි හිමියන් දැඩි අසීරුතාවයකට මුහුණ පා ඇති බවත් කීය.

සුදු සීනි හිගයක් මවා පාමින් සීනි සගවා ගෙන සිටින හා වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් වහා අත්අඩංගුවට ගැනීමට වැටලීම් කරන ලෙස සංගමය පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටින බවද සභාපති ජයවර්ධන මහතා පැවසීය.

මේ අතර සීනි ආනයනයකරුවෝ හා තොග වෙළෙන්දෝ පවසන්නේ පිටකොටුව තොග වෙළෙද පොළේ සුදු සීනි හිගයක් නොමැති බවයි.

ආනයනයකරුවෝ ඇණවුම් කළ සුදු සීනි මෙට්‍රික් ටොන් 10000 ක් රුපියල් 50 ක වැඩි බද්ද යටතේ  වරායෙන් නිදහස් කර ගත් බවත් ඇණවුම් කළ සුදු සීනි තොග දිනපතා කොළඹ වරායට පැමිණෙන බව ද ඔවුහු කියති

 



අදහස් (0)

සුදු සීනි හිඟයක් මවා පාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site